ජූලි 18වන දින පැය 12ක - TopicsExpress



          

ජූලි 18වන දින පැය 12ක ගමණකින් පසු අපේ සමාජ සත්කාර කණ්ඩායම රත්මලාන සිට අම්පාරට පැමිණියා. ඒ පරගහකැලේ ගම්මානයේ ඉන්න මේ සීයව බලන්න. අපි ආවේ හිස් අතින් නෙමේ. සීයට රෝද පුටුවක් සහ සීයට අවශ්‍ය කරන විවිධ වූ ආහාර හා වෙනත් ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක්ද රැගෙනයි අපි ආවේ. පසුගිය දිනක අපි මේ සීයට රෝද පුටුවක් අවශ්‍ය බව ෆේස්බුක් එකේ සඳහන් කලා. අපිට සුළු මොහොතකින් ‘‘කොට්ටේ සිංහලයා’’ කියන අපේ ෆේස්බුක් මිතුරා ඇමතුමක් ලබා දීලා කීවා ඔහුගේ පිටරට සිටින මිතුරියක් උදව් කරන්න ඉදිරිපත් වූ බව. ඇය අපිට පසුදිනම රු. 20,000 මුදලක් ලබා දුන්නා. අපිට රෝද පුටුවට වැය වුනේ රු. 13,500ක මුදලක්. ඉතිරි මුදලින් තමයි අපි ඒ සීයට අවශ්‍ය කරන දේවල් ගත්තේ. නම හෙළි නොකරන මිතුරියනි, ඔබට බොහොම පිං... ඒ වගේම අපට ‘‘කෝට්ටේ සිංහලයා’’ මිත‍්‍රයාව සම්බන්ධ කල අපේ කණ්ඩායමේ අමිල චතුරංග මිත‍්‍රයාටත් බොහොම පිං. අපිට මේ රෝද පුටුව රත්මලාන සිට අම්පාරට රැගෙන එන්න නොමිලේම ප‍්‍රවාහන පහසුකම් ලබාදුන්නේ කවදත් අපිට උදව් කරන ධනුෂ්ක. ඔබටත් අපගේ ආචාරය. Join the Lifetime EVENT : https://facebook/events/298448700315948/ An Idea By Danesh Maduranga Edirisooriya [Who is Danesh? Explore more : goo.gl/UDsSpO] [Want to be a friend of him? Add : https://facebook/Daneshmaduranga] ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි... Visit : samajasathkara.lk/ A Project of B.H. Edirisooriya Community Service Foundation [https://facebook/B.H.EdirisooriyaFoundation]
Posted on: Sun, 20 Jul 2014 07:26:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015