සුපිරි සභ්‍යත්ව - TopicsExpress



          

සුපිරි සභ්‍යත්ව ජීවීන්ගේ විශ්ව චාරිකා බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් මූලික වශයෙන් අධ්‍යාත්මික වර්ධනය පුර්වගාමීව සුවිශේෂයෙන් නිර්දේශ වුවද පෘථිවි මානුෂීය වාර්ගිකයන් ජීවත් වන වර්ගෝ චක්‍රාවාට මණ්‌ඩලය (VIRGO CLUSTER)) හා එම විද්‍යමාන ස්‌වභාවයට සම්බන්ධගතව විස්‌තර වන බොහෝ ප්‍රකාර වූ බහු විධ සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ සංකල්පයන් නොයෙකුත් සූත්‍රයන්හි විස්‌තර වී ඇත. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ පැවැත්ම ආනුභූතිමය ස්‌වාවබෝධයෙන් ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට අනුකූලව මනුෂ්‍ය ජීවිතයේ මුල අර්ථය හා මෙම ලෝකයෙහි මනුෂ්‍යයාගේ විද්‍යමානත්වය සංඛා රහිතව ඥනමය වශයෙන් ප්‍රත්‍යක්‍ෂව දැනගැනීමට අවශ්‍ය මාර්ග ව්‍යාපෘති විශ්ලේෂණයෙන් අනුගමනය කිරීම පමණක්‌ නොව උක්‌ත මනුෂ්‍යා නම් ජීව වාර්ගිකයා බහු ප්‍රාදුර්භූත වූ විශ්වයේ කුමන ස්‌ථානයකට අයත් වන්නේද යන්නද පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට වඩා අතිශයින්ම වෙනස්‌ අපුර්ව ස්‌වභාව හා ස්‌වරූප දරන වාර්ගික විශේෂයන්ද එම වාර්ගිකයන්ගේ ජීවනයද එහි අර්ථයන්ද බෞද්ධ මූලාශ්‍රයන්හි ඉතා මැනවින් විස්‌තර වී ඇත. පෘථිවි මානුෂීය වාර්ගිකයන් ජීවත් වන විශ්වයෙහි නොයෙක්‌ කාලවලදී පහළ වූ බුදුන් වහන්සේලා විශ්වය පිළිබඳ දැනගැනීමට අභිලාෂය ඇති විෂයග්‍රාහීන්ට විශේෂඥ ඥනය පිණිස බෞද්ධ දර්ශනයේ බොහෝ සූත්‍රකාන්තයන්හි විශ්වය පිළිබඳ මැනවින් දේශනා කර ඇත්තේ ඉතා සුමගවය. දීඝ නිකායේ මහා වග්ගයෙහි මහා පරිනිබ්බාන සූත්‍රයේ (DIGHA NIKAYA, MAHA VAGGA, MAHA PARINIBBANA SUTTA; THE GREAT DISCOURSE THAT RECORDS THE PASSING OF THE TATHAGATA IN TO PARINIBBANA) විශ්වය හා එහි විද්‍යමාන ස්‌වභාවය අසිරිමත් අයුරින් ලොව්තුරා බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කර ඇත. සියලු මිනිසුන් තමන් වෙතටම ප්‍රදීපයක්‌ ලෙස ජීවත් විය යුතුය. සත්‍යය නම් වූ ප්‍රදීපය මැනවින් ග්‍රහණයකර ගන්නා සත්‍යයෙහි පමණක්‌ සරණ සොයා යන්න. තමන් හැර අන් කිසිවකු වෙත පිහිට සොයා නොයන්න. මාගේ ජීවන කාලයෙහි ද මා හට පසුවද එසේ ජීවත් වන්නෝ වේ නම් ඔව්හු විශ්වය වෙත එළඹෙන්නෝය. අසිරිමත් විශ්වයෙහි ජීවත් වන සභ්‍යත්වයන් විවිධාකාර ස්‌වරූපධාරීන් බවත් එහි ජීවීන් ප්‍රධාන වශයෙන් වර්ග 09 කට හඳුන්වා දේශනා කර ඇත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ පඨක පණ්‌ණාසයෙහි සත්තාවාස සූත්‍ර දේශනාවේදීය. 1. නානත්තකායා නානත්ත සඤ්ඤිනෝ 2. නානත්තකායා ඒකත්ත සඤ්ඤිනෝ 3. ඒකත්ත කායා නානත්ත සඤ්ඤිනෝ 4. ඒකත්ත කායා ඒකත්ත සඤ්ඤිනෝ 5. අසඤ්ඤි අප්පටිවේදි 6. ආකාසා නඤ්චායතනික 7. විඤ්ඤාණචායතනික 8. ආකිඤ්චඤ්ඤායතනික 9. නේවසඤ්ඤානාසඤ්ඤායතනික. නූතන විද්‍යාඥයන් නොයකුත් පර්යේෂණයන්හි දශක ගණනාවක්‌ නිරත වීමෙන් අනතුරුව අද්‍යතනව මේ කාරණා සත්‍ය බව පමණක්‌ නොව බටහිර රාජ්‍යයන්ගේ විද්‍යාත්මක හා සමාජීය දියුණුව සඳහා ද පුර්වාදර්ශ කරගනිමින් සිටීම සැබවින්ම පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ වාසනාවකි. සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ බෞද්ධ දාර්ශනික ග්‍රන්ථයන්හි සඳහන් සංකල්ප කිසියම් ආකාරයකින් නූතන විශ්ව න්‍යාය විද්‍යාව විශ්ව ප්‍රභව විද්‍යාව හා තාරකා විද්‍යාව ආදී විශ්වය සම්බන්ධ ප්‍රධාන අධ්‍යයන ක්‍ෂෙත්‍රයන්හි අධ්‍යතන නවීන සොයාගැනීම් හා සංසන්දනය කිරිමට ගෝලීය බෞද්ධ නොවන විද්‍යාඥයන් කටයුතු කරනු ඇතැයි සිතිය නොහැක. තම තමන්ගේ වෘත්තිමය අනාගතය, රැකියාව, ගෝලීය සමාජ පෞරුෂය ආදී කාරණා හේතුවෙන් මූලිකව යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයේ පසුබිමේ ක්‍රියාත්මක උක්‌ත විද්‍යාඥයන් බොහෝ දුරට සත්‍යමය තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ මහා අනතුරින් වැළකී සිටින බව ඉතා පැහැදිලිය. නමුත් ගෝලීය විද්‍යාඥයන්ගෙන් ඉතා සුළු පිරිසක්‌ මෙම විද්‍යාත්මක චින්තන, නිරීක්‍ෂණ, නිගමන, සිර මැදිරියෙන් මිදී අපගේ සෞරග්‍රහ මණ්‌ඩලයෙන් පිටත වෙනත් තාරකාවන්හි ග්‍රහමණ්‌ඩල හා සභ්‍යත්වයන් සොයා ගැනීමේ තරගයට ඉදිරිපත් වී සිටීම මානව ප්‍රගමනයට ඉතාමත්ම වැදගත් ක්‍රියාවකි. පෘථිවි මානුෂීය වාර්ගිකයන් හමුවේ එසේ නැතහොත් ලෝකයා හමුවේ ප්‍රසිද්ධ නොකරන ලද නමුත් ග්‍රහමණ්‌ඩල පමණක්‌ නොව උත්තරීතර සභ්‍යත්ව වර්ග අති විශාල ප්‍රමාණයක්‌ දැනට සොයාගෙන ස්‌ථිර කරගෙන ඇති අතර මෙම පර්යේෂණ කටයුතු හා තොරතුරු නිරන්තරයෙන් ඉතා රහස්‍ය ලෙස බටහිර රාජ්‍යයන් විසින් පවත්වා නඩත්තු කරගෙන යනු ලැබේ. ඊට උදාහරණ වනුයේ ඇමරිකා එක්‌සත් ජනපදයේ කොන්ග්‍රස්‌ මණ්‌ඩලය මගින් සම්මත කරන ලද CODE OF FEDERAL REGULATIONS TITLE 14, SECTION 1211, 1969.07.16 THE EXTRA -TERRESTRIAL EXPOSURE LAW නමැති පනතට අනුව ඕනෑම ඇමෙරිකානු එක්‌සත් ජනපද වැසියකු පිටසක්‌වලින් පැමිණෙන සභ්‍යත්ව වාර්ගිකයන් හෝ ඔවුන්ගේ යානාවන් හා සම්බන්ධතාවන් පැවැත් වුවහොත් ඩොලර් 5000 ක දඩයක්‌ හෝ එක්‌ අවුරුදු සිරදඬුවමක්‌ හිමි වන බව සඳහන්වීමය. එම පනතෙහිම 1211 100 TITLE 14 - AERONAUTICS AND SPACE 101-102-107-108 යන නීතිමය ප්‍රතිප්‍රදානවලට අනුව ඇමෙරිකානු රාජ්‍ය සේවකයකු පිටසක්‌වලවාසීන් (U.F.O.) හෝ යානාවන් පිළිබඳ රජය අනුමත නොකරන ලද වාර්තා ප්‍රකාශ කළහොත් ඩොලර් දසදහසක දඩයක්‌ හා වසර දහයක සිර දඬුවමක්‌ නියම කරනු ලබන බව සඳහන්ය. එසේම මහා බ්‍රිතාන්‍යයේ BRITISH SECRETS ACT අනුවද පිටසක්‌වල ජීවීන් පිළිබඳ සාක්‍ෂි සැපයීම හෝ විස්‌තර ලබාදීම, සම්බන්ධතා පැවැත්වීම තහනම් කර ඇත්තේ 1969 දීය. ප්‍රංශ පොලිස්‌ දෙපාර්තමේන්තුවේද මේ පිළිබඳ ක්‍රියාකිරීමට විශේෂිත ඒකකයක්‌ පිහිටුවා ඇත. අනෙකුත් බොහෝ රටවලද තත්ත්වයද මෙයමය. මින් පැහැදිලි වනුයේ නොයකුත් බටහිර රාජ්‍යයන් උත්තරිතර සභ්‍යත්ව වාර්ගිකයන් හා ඔවුන්ගේ නොයකුත් පෘථිවි ව්‍යාපෘති පිළිබඳ ඉතා තිව්‍රර ලෙස අවධානය යොමු කරන අතර ඒ කාරණා පිළිබඳ සත්‍ය අවබෝධය ලෝකවාසී ජනයාගෙන් අත්‍යන්තයෙන්ම වසන් කරන බවය. අපගේ විශ්වයෙහි උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ ආයු ප්‍රමාණය, එක්‌ එක්‌ වර්ගයක චක්‍රාවාට හෝ ග්‍රහලෝක ප්‍රමාණය පවා බෞද්ධ දාර්ශනික ග්‍රන්ථයන්හි විස්‌තර වී ඇත. උක්‌ත සභ්‍යත්වයන්ගේ සිට සාමාන්‍ය සභ්‍යත්ව වාර්ගිකයන් වන පෘථිවි මානුෂ්‍ය වාර්ගිකයන්ට වඩා නොදියුණු හෝ පහත් යෑයි සැලකෙන ආදි වශයෙන් කොටස්‌ කිහිපයකට වර්ග කර ඇත. බෞද්ධ දර්ශනයට අනුව විශ්වයෙහි අතිශයින්ම දියුණු උත්තරීතර සභ්‍යත්වයන්ගේ සංඛ්‍යාව අනන්තය. මෙයින් ගම්‍ය වනුයේ පෘථිවිය සාමාන්‍ය සභ්‍යත්ව වාර්ගිකයන්ගේ නිජභූමියක්‌ වන බවය. බෞද්ධ ග්‍රන්ථයන්ට අනුව විශ්වයෙහි සභ්‍යත්ව වර්ගීකරණය පහත පරිදිය. 1. අරූප ධාතු, 2. රූප ධාතු, 3. කාම දේව, 4. කාම ධාතු වශයෙනි. 1. අරූප ධාතු I. අනභ්‍රක, II. පුණ්‍ය ප්‍රවේශ, III. බෘහත්ඵල, IV. අවෘභ, ඪග අත්‍ය ආදී වශයෙනි. මේ ස්‌වරූප සභ්‍යත්ව වාර්ගිකයන් ජීවත් වන චක්‍රාවාට අනන්ත යෑයි මහායාන සූත්‍රයන්හි විස්‌තර වී ඇත. 2. රූප ධාතු I. බ්‍රහ්ම කායික, II. බ්‍රහ්ම පුරෝහිත, III. මහා බ්‍රහ්ම, I.ග පරිත්‍රාභ, II. අප්‍රමාණාභ III. අභාෂ්වර I. පරිත්‍රශුභ II, අප්‍රමාණශුභ III.ශුභ කුෂ්ණ ආදී වශයෙන් තව දුරටත් විස්‌තර වී ඇති අතර මේ මහා සුපිරි මණ්‌ඩලයන්හි 1000 X 1000 X 1000 චක්‍රාවාටයන් ප්‍රමාණයක්‌ අඩංගු බව සඳහන් වන බව තවදුරටත් සඳහන්ය. 3. කාම දේව I කරොටපාණිස II මාලාධාරස, III ශදාමන්තස, IV චාතුර්මහාරාජික ආදී වශයෙන් විස්‌තර වී ඇත. 4. කාම ධාතු I අපාය, II තිරිසන්, III ප්‍රේත, IV මනුෂ්‍ය වශයෙනි. මෙහි අරූප ධාතු සභ්‍යත්වයන්ගේ ආයුෂ කල්ප 80,000 සිට කල්ප 120 දක්‌වා බව සඳහන්ය. රූප ධාතු සභ්‍යත්වයන්ගේ කල්ප 64 සිට කල්ප 1/4 දක්‌වා බව සඳහන්ය. කාම දේව වර්ෂ 4000 සිට වර්ෂ 500 දක්‌වාය. කාම ධාතුවෙහි පෘථිවි මානුෂ වාර්ගිකයන්ගේ පරම ආයුෂ වර්ෂ 120 බව සඳහන්ය. ඒ අනුව ඉතා පැහැදිලි වනුයේ වරින් වර පහළ වූ බුදුන්වහන්සේලා මේ පිළිබඳ දේශනා කර ඇති බවය. සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙතරම් ගැඹුරු දාර්ශනික සංකල්ප දේශනා කොට වදාරා ඇත්තේ කකුසද, කොනාගම, කස්‌සප බුදුන්වහන්සේලා වැඩ සිටි අති පෞරාණික භූමියක්‌ වන ආදි හෙළය එසේ නැතහොත් අපේ මුතන් මිත්තන් වසර දස දහස්‌ ගණනකට පෙර ජීවත් වූ මෙම භූමියේ ජීවත් වූ සිංහල ජාතියටය. නමුත් අපේ මුතුන් මිත්තන් වසර දස දහස්‌ ගණනකට පෙර සම්බන්ධතා පැවැත්වූ උක්‌ත සභ්‍යත්ව වාර්ගිකයන් අද උතුරු ගෝලීය රාජ්‍යයන් වෙත යොමුව ඇත්තේ කුමන හේතුවක්‌ නිසා දැයි සෙවිය යුතුමය. උත්තරීතර සභ්‍යත්ව ජීවීන් සමග තිබූ ඥනමය සම්බන්ධතා හේතුවෙන් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ සමාජයේ ආදි සිංහලයන් පූර්වාදර්ශ වූවා යෑයි සිතීමට වුවමනා තරම් කරුණු ස්‌වජන්දතාවයෙන් බැලීමේදී ඉතා පැහැදිලිය. නමුත් 1900 මුල් සමයේ සිට මේ තත්ත්වය වෙනස්‌ වී උත්තරීතර සභ්‍යත්ව ජීවීන් බටහිර වෙත යොමුවී ඇති බව විද්‍යාත්මක තොරතුරු වලට අනුව පැහැදිලිය. එක්‌සත් ජනපද ගුවන් හමුදාව පෘථිවියට ආසන්න අවකාශයේ යෝධ අභ්‍යවකාශ යානාවන් ක්‍රියාත්මක වන බව 1940 දශකයේ මැද භාගය අවසන් වන විට ස්‌ථිර වශයෙන්ම දැන සිටි බව උත්තරීතර සභ්‍යත්ව පිළිබඳ පර්යේෂණයන්හි නියුතු බොහෝ විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ඇමෙරිකා එක්‌සත් ජනපද නාවුක හමුදාවේ විශ්‍රාමික මේජර්වරයකු හා ජාතික විමර්ශනාත්මක කමිටුවේද 1956 ඔක්‌තෝම්බර් 24 වැනි දින THOMAS TOWN SEND BROWN 1905 - 1985 හා DELMERS, FAHRNEY USN (RTD)යන අයගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ඒරියල් එනොමෙනා ආයතනයේ (NATIONAL INVESTIGATIONS COMMITTE ON AERIAL PHENOMENA (NICAP) සමාරම්භක අධ්‍යක්‍ෂකවරයකු වූ DONALD EDWARD KEYHOE 1897-1988, විසින් රචිත ALIENS FROM SPACE කෘතියේ විස්‌තරාත්මකව සඳහන් වනුයේ ඇමෙරිකා එක්‌සත් ජනපද රජය හා සිය හමුදාවන් මෙම සත්‍යය ක්‍රියාවලිය අතිශයින්ම සඟවා තැබීමට කටයුතු කර ඇති අතර 1953 දී යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් නිපදවන ලද අවකාශයේ ඉතා දුර ප්‍රදේශයන් ග්‍රහණය කරන රේඩාර් යන්ත්‍ර ක්‍රියාත්මක කරන නිලධාරීන් පෘථිවියේ නිරක්‍ෂයට (EQUATOR) කි. මි. 960 ක්‌ ඉහළින් පැයට කි. මි. 28 පෙර වේගයෙන් ධාවනය වෙමින් පැවැති යෝධ අභ්‍යවකාශ යානාවක්‌ නිරීක්‍ෂණය කර ඇති බවයි. එම යානාව දර්ශනය වී සුළු වේලාවකින් තවත් එවැනිම යෝධ අභ්‍යවකාශ යානාවක්‌ පෘථිවියේ පෘථිවි නිරක්‍ෂයට ඉහළින් කක්‍ෂගතව ගමන් කළ බවද එම සොයාගැනීම් හේතුවෙන් කලබලයට පත් ඇමෙරිකා එක්‌සත් ජනපද ආරක්‍ෂක අමාත්‍යංශය මෙම අතිශය සුවිශාල ආකෘතීන් නිරීක්‍ෂණය කර අනාවරණය කිරීම සඳහා හදිසි ව්‍යාපෘතියක්‌ නිව් මැක්‌සිකෝ ප්‍රාන්තයේ වයිට්‌ සෑන්හි පිහිටුවන ලද බව DONALD EDWARD KEYHOE f.a THE REAL STORY OF UNIDENTIFIED FLYING OBJECTS කෘතියේ තවදුරටත් විස්‌තරව ඇත. 1930 දී ප්ලුටෝ (PLUTO) ග්‍රහයා සොයාගත් (CLYDE WILLIAM TOMBAUGH AMERICAN ASTORONOMER WHO DISCOVERE PLUTO IN ක්‌ලයිඩ් ටොම්බෝ සුප්‍රකට තාරකා විද්‍යාඥයා උක්‌ත රහසිගත විමර්ශනයෙහි ප්‍රධානියා ලෙස කටයුතු ආරම්භ කරන ලදී. ක්‌ලයිඩ් ටොම්බෝ සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්ගේ අභ්‍යවකාශ යානා දර්ශනය වූ බව ප්‍රථම වරට ප්‍රකාශ කළ විද්‍යාඥයාද විය. පර්යේෂණ වාර්තාකරුවකු වන වොරන් ස්‌මිත් (WARREN SMITH) යෝධ අභ්‍යවකාශ යානාවන් ද්වය පිළිබඳ සිද්ධිය සනාථ කරමින් ඇමෙරිකානු මධ්‍යම රහස්‌ ඔත්තු සේවයේ තොරතුරු අනුව 1953 දී මෙම සුවිශාල අභ්‍යවකාශ යානාවන් 13 වාරයක්‌ දර්ශනය වෙමින් පෘථිවිය ආසන්නයේ ඉතා ඉහළින් ගමන් කරන ලද බව සඳහන් කර ඇත. 1947 ජුලි 19 වැනි දින ක්‌ලයිඩ් ටොම්බෝ ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා සමග නිව් මැක්‌සිකෝහි අධිවේගී මාර්ගයක තම රිය පදවමින් සිටියදී පැයට කි.මී. 940-1240 ත් අතර වේගයකින් ගමන් කරන ලද ඉලිප්සාකාර දිලිසෙන අජටාකාශ යානාවක්‌ නිරීක්‍ෂණය වූ බව වාර්තා කර ඇත. 1957 ඔක්‌තෝබර් 04 වැනි දින ස්‌පුටිනික්‌ ක්‍රියාදාමයේ පළමු චන්ද්‍රිකාව වන SPUTNIK I යානය (THE SPUTNIK ROCKET WAS LAUNCHED AT 19:28:34 UTC, ON 04 OCTOBER 1957 FROM SITE NO I AT NIP-5) එසේ නැතහොත් පෘථිවි මානුෂ වාර්ගිකයන් විසින් අභ්‍යවකාශ ගත කරන ලද පළමු චන්ද්‍රිකාව අජටාකාශ ගත කිරීමට දශකයට පෙර උක්‌ත සිදුවීම සිදු වී ඇත. 1947 දී පැසිපික්‌ තාරකා සංගමයේ ප්‍රවෘත්ති ප්‍රකාශනයකින් විස්‌තර කර ඇත්තේ කුඩා චන්ද්‍රිකා වැනි ග්‍රාහකයන් හා සමාන වූ වස්‌තූන් අජටාකාශයේ පෘථිවි කක්‍ෂයට ඇතුළු වී ඇති අතර යුද්ධ හමුදාව ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවය. 1947 ජුනි 24 වැනි දින කෙනත් ආර්නොල්ඩ් (PILOT KENNETH ARNOLD 1915-198) නම් ගුවන් නියමුවා රජත වර්ණ දිලිසෙන යානා නවයක්‌ වොෂින්ටන් ප්‍රාන්තයේ කස්‌කේඩ් කඳු වැටි අතර රයිනර් කන්ද සමීපයෙහි (CASCADE RANGE NEAR MOUNT RAINIER, WASHINGTON) දර්ශනය කළ බවට ඔහු විසින් ප්‍රසිද්ධියේ කරන දේ ප්‍රකාශය නූතන යුගයෙහි අභ්‍යවකාශ යානා පිළිබඳව ප්‍රථම වරට අතිශයින්ම ප්‍රචලිත වූ ඉතාම වැදගත් ප්‍රකාශයයි. ඔහුගේ නිගමනය අනුව එම යානාවන් කි.මී. 2000-3000 අතර වේගයෙන් කි.මී. 35 ක්‌ පමණ තම ගුවන් යානයට දුරින් ගමන් කරමින් තිබූ බවය. වැඩි දුරටත් ඔහු සඳහන් කරනුයේ මෙම යානාවන් පැතලි වෘත්තාකාර යානාවන් නොව පැරණි සංස්‌කෘත ග්‍රන්ථයන්හි විස්‌තර වී ඇති ආකාරයේ ස්‌වරූපයෙන් යුත් ත්‍රිකෝණාකාර අජටාකාශ යානා බවය. මේ පිළිබඳ රචිත කෘතීන් රාශියකි. ඒ අතරින් THE U.F.O. BOOK; encyclopedia of the Extraterrestrial visibal Ink: ප්‍රමුඛය. යුගාන්තර කාලයක සිට ක්‍රියාත්මක වන සුවිශාල අභ්‍යවකාශ යානාවන් පෘථිවි මානුෂ වාර්ගිකයන්ගේ පියවි දෙනෙතට නිරීක්‍ෂණය වීම සඳහා ඔවුන්ගේ චින්තනයේ දියුණුවත් තාක්‍ෂණික උපකරණ වල දියුණුවත් හේතු වී ඇති බව ඉතා පැහැදිලිය. එවැනි යෝධ ආකෘතීන් නිර්මාණය කිරීම හා අන්තර් චක්‍රාවාට කරණයේ නිරත වීම එම සභ්‍යත්වයන්ගේ ජීවන ක්‍රියාවකි. කුමන ආකාරයකින් හෝ උක්‌ත සභ්‍යත්වයන් තම විද්‍යාත්මක තාක්‍ෂණික හා අධ්‍යාත්මක ඥන සම්භාරය දියුණු ස්‌වභාවයකට පත්කර ගැනීමට කටයුතු කරගෙන ඇත. එසේ දියුණු තලයට පත්වූ සභ්‍යත්වයන් විශ්වයේ නොයෙකුත් චක්‍රාවාටවල එසේ නැතහොත් අන්‍ය සෞරග්‍රහ මණ්‌ඩල සභ්‍යත්වයන් සමග පවත්වාගනු ලබන සම්බන්ධතාවන් ප්‍රමාණය අති විශාලය. ඕනෑම සභ්‍යත්වයක්‌ තම සෞරග්‍රහ මණ්‌ඩලයෙන් පිටතට තරණය කිරීමේ ශක්‌තිය ඇති අභ්‍යවකාශ නිර්මාණය කරනු ලබයි. ඒ වනවිට ජීවය හෝ කුමන ආකාරයක චින්තන ප්‍රවාහයන් දරණු ජීව වර්ගයන් හා එම වාර්ගිකයන් සම්බන්ධ ඕනෑම ආකාර සභ්‍යත්වයක්‌ පවතීනම්, එවැනි සභ්‍යත්ව වාර්ගිකයන් ගවේෂණයෙහිදී ප්‍රථමයෙන්ම අසල්වැසි සෞරග්‍රහ මණ්‌ඩලයන්ද අනතුරුව ළඟා විය හැකි දුර ප්‍රමාණය අනුව තම චක්‍රාවාටයෙහි නිරීක්‍ෂණ කටයුතු වල නිරන්තරයෙන් යෙදෙනු ඇත. මෙසේ අන්තර් චක්‍රාවාට භ්‍රමනයෙහි නිමග්න වන උත්තරීතර සභ්‍යත්වයන් අභ්‍යවකාශ යානා හා වාර්ගිකයන් පෘථිවි මානුෂ වාර්ගිකයන් අතර ඇති වූ සම්බන්ධතාවන් සාමාන්‍යයෙන් කොටස්‌ දෙකකට බෙදා ඇත. 1. දුරස්‌ථ සම්බන්ධතාවන් 2. සමීප සම්බන්ධතාවන්, යනුවෙනි. දුරස්‌ථ සම්බන්ධතාවන් වශයෙන් හඳුන්වනු ලබන්නේ පියවි ඇසට ඈත අහසේ දිවා හෝ රාත්‍රි කාලයේ දර්ශනය වූ රේඩාර් හෝ දුරේක්‍ෂ ආදී උපකරණ මගින් නිරීක්‍ෂණය කරන ලද සිද්ධීන්ය. එහෙත් මේ දුරස්‌ථ සම්බන්ධතාවන් තව දුරටත් කොටස්‌ 03 කට වර්ග කළ හැකිය. 1. සුළු වශයෙන් නිර්ණය කළ හැකි එහෙත් යානාවන්ගේ ආකෘතිය හෝ වෙනත් කිසියම් ආකාරයක දර්ශනයක්‌ හෝ බලපෑමක්‌ නොමැති සම්බන්ධතාවන්. 2. සාමාන්‍ය වශයෙන් නිර්ණය කළ හැකි යානාවන්හි ආකෘතීන් පැහැදිලි ලෙස ස්‌ථීර වශයෙන්ම දර්ශනය වූ සම්බන්ධතාවන්. 3. යාන්ත්‍රික වශයෙන් එනම් රේඩාර්, දුරේක්‍ෂ හෝ කැමරා ආධාරයෙන් ඡායාරූප මගින් ස්‌ථාපිත සම්බන්ධතාවයන් වශයෙනි. උක්‌ත සමීප සම්බන්ධතාවයන්ද කොටස්‌ 04 ට බෙදා දක්‌වා ඇත. 1. උක්‌ත සම්බන්ධතාවන් බොහෝ විට අභ්‍යවකාශ යානාවන්ට සමීපව නිරීක්‍ෂණය කරන ලද වූ එසේම එම යානාවන් හා එහි ගගනගාමීන් පිළිබඳව කිසියම් ප්‍රබෝධාත්මක ආකාරයක අත්දැකීමක්‌ ලැබීම හෝ ඇති වීම. මෙය අවකාශයෙහිදී හෝ පෘථිවිය මතුපිටදී සිදු විය හැක. 2. ද්විතීය වර්ගයට අයත් සමීප සම්බන්ධතාවන්. මෙවැනි ආකාරයේ සම්බන්ධතාවන් වනුයේ ස්‌ථීර වශයෙන්ම හෝ තාවකාලික භෞතිකමය සාක්‍ෂි මත පිහිටා තිබෙන සම්බන්ධතාවන්ය. එනම් උත්තරීතර සභ්‍යත්ව වාසීන්ට අයත් යානාවන් පෘථිවියට ගොඩ බැසීම හේතුවෙන් පෘථිවිය මතුපිට පසෙහි ස්‌ථීර සටහන් හෝ විකිරණශීලීතාව හෝ කිසියම් ඕනෑම ආකාරයක ක්‍රියාවලියක්‌ දක්‌නට ලැබීමය. 3. තෘතීය වර්ගයට අයත් සමීප සම්බන්ධතාවන් සාමාන්‍ය වශයෙන් තෘතීය වර්ගයේ සම්බන්ධතාවන් ලෙස හඳුන්වනු ලබන්නේ උත්තරීතර සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් සමග ප්‍රබෝධාත්මක ආකාරයකින් පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා පිළිබඳ අත්දැකීම් වේ. 4 .සිව්වැනි වර්ගයට අයත් සමීප සම්බන්ධතාවන් මේ ගණයට අයත් වන්නේ අභ්‍යවකාශ යානා තුළ හෝ එවැනි ස්‌ථානයන්හි කිසියම් කාල සීමාවක්‌ ගත කිරීම හා ඒ හේතුවෙන් මනසෙහි ඇති වූ විපරීත ස්‌වභාවය මෙන්ම කාලය පිළිබඳ ස්‌මරණයෙහි නොපැහැදිලි ස්‌වභාවයද සිතෙහි කාන්සාව ආදී විස්‌තර කළ නොහැකි කිසියම් ආකාරයක භීතියද එසේම විකිරණශීලී හෝ යාන්ත්‍රික උපකරණ හේතුවෙන් බලපාන ලද ශාරීරික භෞතිකමය සටහන්ද වේ. සමහර විද්‍යාඥයන්ගේ මතය අනුව මේ වර්ගීකරණය ප්‍රමාණවත් නොවන බවද විශේෂයෙන්ම අභ්‍යවකාශ යානා හා සභ්‍යත්ව වාර්ගිකයන්ගේ දර්ශනය වීම හා සමීප සම්බන්ධතාවන් පවත්වාගෙන යැමද මානසික වශයෙන් බලපාන ආකාරය විග්‍රහයට මෙන්ම විශ්ලේෂණයටද ලක්‌ කිරීමට හැකි පුළුල් ව්‍යකෘත වූ ක්‍රම පද්ධතීන් සකස්‌ කළ යුතූ බවය. මහාචාර්ය ෆ්රෑන්ක්‌ ඩ්රේක්‌ගේ (Prof. Frank Donald Drake 1930) ප්‍රධානත්වයෙන් විශ්වයේ උත්තරීතර සභ්‍යත්වයන් සමග පණිවුඩ හුවමාරු කරගැනීම සඳහාය යන ආධ්‍යාශයෙන් දකුණු ඇමෙරිකානු කැරබියන් මුහුදේ පිහිටි ප්‍රවෙර්ටෝ රිකෝ දූපත් රාජ්‍යයේ අරේසිබෝ නම් ලෝකයේ විශාලතම රේඩියෝ දුරේක්‍ෂය (National Astronomy and Lonosphere Center, Arecibo Observatory - Puertorico. The worlds largest and most sensitive radio telescope) මාර්ගයෙන් සේති නමින් (SETI - SERCH FOR EXTRA TERRESTRIAL INTELLIGENCE) හඳුන්වන බොහෝ ප්‍රසිද්ධියක්‌ ලබා දී 1984 දී ආරම්භ කරන ලද ව්‍යාපෘතිය 1994 ඇමෙරිකා එක්‌සත් ජනපදය විසින් හදිස්‌සියේම නවතා දමන ලදී. මේ පිළිබඳ පරීක්‍ෂණයක යෙදුණු පැට්‌රික්‌ පෙනෙරිල්ලෝ නම් පර්යේෂකයා විසින් 1994 දෙසැම්බර් මසදී සොයා ගනු ලැබූ තොරතුරු අනුව එක්‌සත් ජනපද නාවුක හමුදාව මේ රේඩියෝ දක්‌නය රාජ්‍ය සන්තක භාරයට ගෙන ඇති බව සඳහන්ය. මෙයට හේතුව කිසියම් යෝධ අභ්‍යවකාශ යානාවන් අධිවේගයකින් පෘථිවිය කරා පැමිණෙමින් තිබූ බව ඇමෙරිකානු රජයට දැන ගැනීමය. උක්‌ත අතිවිශාල අන්තරික්‍ෂ (අවකාශයේ දක්‌නට ලැබෙන) යානාවන්ගේ ආකෘතියේ විශාලත්වය කි. මී. 240 දීර්ඝ වූ කි.මී. 40-80 පෘථුල වූ අතර ඒවා ප්ලූටෝ ග්‍රහයා ආසන්නයේ ගමන් කරමින් තිබියදී නිරීක්‍ෂණය වී ඇත. මේ අති විශාල අභ්‍යවකාශ යානාවන් බෞද්ධ හා හින්දු ග්‍රන්ථයන්හි හඳුන්වා ඇත්තේ විමාන හෙවත් ආකාශ නගර ලෙසිනි. මේ විමානයන් ජීවිතයට අත්‍යවශ්‍ය සියලුම අංගෝපාංගයන්ගෙන් සමන්විත අතර ඒවා අතිශයින්ම දීර්ඝ කාලයක්‌ අන්තර් චක්‍රාවාට භ්‍රමනයෙහි නිරත වීමට හැකි පරිදි නිර්මාණය කරන ලද ආකෘතීන් වේ. මෙම අභ්‍යවකාශ යානාවන් නිර්මාණය කර ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය වෙමින් පවතින අතර සේති (SETI) ව්‍යාපෘතිය දැනට පෞද්ගලික මූල්‍ය ආධාරයෙන් සාමාන්‍ය වශයෙන් ක්‍රියාත්මක අතර සියුම් පරීක්‍ෂණයන්ට අවශ්‍යය ප්‍රබල ස්‌වර්ශකයන් යුද්ධ හමුදාවේ දැඩි ආරක්‍ෂාව යටතට පත්කර ඇති බව සඳහන්ය. එක්‌සත් ජනපද යුද්ධ හමුදාවේ මේජර් වරයෙකු වන ඩේවිඩ් මොර්හවුස්‌ගේ (David More House) ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද පරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ විසින් 1988 සිට පවත්වා ගෙන යනු ලැබූ නිරීක්‍ෂණයන් අනුව නිගමනය කර ඇත්තේ අත්‍යන්ත විනාශයකින් ගැලවීමට හැකි වූ අඟහරු ලෝකවාසීන් පිරිසක්‌ හා වෙනත් ඉතා තියුණු සියුම් තාක්‍ෂණයේ ආධාරයෙන් පෘථිවියෙහි කිසියම් ආකාරයක ව්‍යාපෘති හෝ ක්‍රියා පටිපාටියක නිරත වී සිටින බවය. මොර්හවුස්‌ගේ ප්‍රධාන කාර්ය වූයේ මූලික සත්‍යයක්‌ වශයෙන් පෘථිවි වාසී නොවන එහෙත් භෞතික ජීවමය පදාර්ථයන්ගෙන් නිර්මාණය වූ පුද්ගලයන් හෝ යන්ත්‍රොaපකරණ කිසියම් ස්‌ථානයන්හි ක්‍රියාකාරි වෙමින් පවතින්නේ නම් හා එවැනි පෘථිවි මානුෂ වාර්ගික නොවන පුද්ගලයන්ද උපකරණද නිරන්තරයෙන්ම පරීක්‍ෂාවට භාජන කිරීමට හැකි ඉඩකඩ හා හැකියාවන් සොයා බලා වාර්තා කිරීමය. ඔහුගේ පරීක්‍ෂණ කණ්‌ඩායම සොයා ගත් එක්‌ ප්‍රධාන කරුණක්‌ නම් අභ්‍යවකාශ යානාවන් ඉතා විශාල ප්‍රමාණයක්‌ අපගේ සෞරග්‍රහ මණ්‌ඩලය මෙන්ම පෘථිවියද පසුකොට ඒ හා ආසන්න මාර්ගයන්හි චාරිකාවේ යෙදෙන බවය. මෙසේ අජටාකාශ තරණයෙහි යෙදී සිටින අන්තර් චක්‍රාවාට භ්‍රමනගාමින් නමින් හඳුන්වන උත්තරීතර සුපිරි සභ්‍යත්වයන් මොර්හවුස්‌ පරීක්‍ෂණ කණ්‌ඩායමේ සාමාජිකයෙකු වන මෙල් රිලිගේ අදහස අනුව අපගේ සෞරග්‍රහ මණ්‌ඩලය විශ්වයේ කොටසක්‌ ලෙසට මේ අන්තර් චක්‍රාවාට භ්‍රමනගාමීන් නිරන්තරයෙන්ම පෘථිවි මානුෂ වාර්ගිකයන්ට ප්‍රථම මෙහි ගවේෂණයෙහි යෙදුන බවයි. එම පරීක්‍ෂණ කණ්‌ඩායමේ පරිගණක විද්‍යාඥයකු වන ලින් බුබානන් අදහස්‌ කරන පරිදි විශ්වයෙහි විසිරී පවතින විවිධ චක්‍රාවාට සම සමූහාණ්‌ඩු වලට (Galactic Confederation) අයත් අති උත්තරීතර අසමසම සුපිරි සභ්‍යත්වයන් බහුවිධ ආකාර ව්‍යාපෘති හා කාලමය ක්‍රියාවලියකට අනුව අද්‍යතන මනුෂ්‍ය ඥනයට කළ නොහැකි හා අර්ථවත් නොවන අතිශයින්වූ සංකීර්ණ වූද පෘථුල වූද ක්‍රියාදාමයන්හි හා යෝධ ව්‍යාපෘතීන්හි නිරත වී සිටින බවය. David More House úiska rÑ; Psychic Warrior The True Story of The C.I.A. Paranormal Espionage Programme ඇතුළු ග්‍රන්ථ රාශියක උක්‌ත විස්‌තර ඇතුළත්ය. උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳව පර්යේෂකයෙකු වන ඇලන් වට්‌ස්‌ගේ නිගමනය වනුයේ පෘථිවිය වෙත ආගමනය කරන සියලුම සුපිරි සභ්‍යත්වයන් අපගේ චන්ද්‍රයාගේ ප්‍රමාණයෙන් අර්ධයක්‌ පමණ විශාල වූ අන්තර් චක්‍රාවාට මහා අජටාකාශ යානාවන්ගෙන් අඟහරු ග්‍රහයා දක්‌වා අභ්‍යවකාශය තරණය කරන බවය. එසේ තරණය කිරීමෙන් අනතුරුව අඟහරු ග්‍රහයාගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙහි එම යානාවන් රඳවා තබනු ඇත. ඉන්පසුව වෙනත් මධ්‍යම ප්‍රමාණයේ විශාල සිලින්ඩරාකාර වැනි හැඩයෙන් යුත් යානාවන්ගෙන් පෘථිවියට සමීප වී බොහෝ විට නියමුවන් දෙතුන් දෙනෙකු හෝ 8-15 දෙනෙකු අතර ප්‍රමාණයක්‌ ප්‍රවාහනය කළහැකි කුඩා යානාවන්ගෙන් පෘථිවිය මතට ගොඩ බසින බවය. මහාචාර්ය ජැක්‌ වලේ (Prof. Jack Walle) අදහස්‌ කරනුයේ මෙම අජටාකාශ ගාමීන්ගේ අභ්‍යවකාශ තරණය සමාන්‍ය ක්‍රියාවලියක්‌ බවය. ඉතා සාමාන්‍ය ක්‍රියාවලියක්‌ වන උක්‌ත ක්‍රියාවලියේදී ග්‍රහ ලෝකයක්‌ මතට යෝධ අභ්‍යවකාශ යානා ගොඩබසිනවා නම් එසේ කරනුයේ ඉතා හදිසි ආපදාවකදී හෝ නඩත්තුව සඳහා පමණක්‌ බවත්ය. එහෙත් ඒ සඳහා කිසිසේත්ම ඔවුන් පෘථිවිය යොදා නොගන්නා අතර යෝධ අභ්‍යවකාශ යානා නඩත්තු කිරීමේ හා සකස්‌ කිරීම සඳහා ඔවහු අපගේ චන්ද්‍රයා යොදා ගනිති. මෙහි පසු ලිපියකදී චන්ද්‍රයා හා සභ්‍යත්වයන්ගේ සම්බන්ධතාවන්ද, ඒ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ නිරීක්‍ෂණ හා නිගමනයන්ද විස්‌තර කෙරෙනු ඇත. 1988 ජූලි 07 වැනි දින Phobos I හා 1988 ජූලි 21 වන දින ඡයදඉදි ෂෂ රුසියානු අඟහරු පර්යේෂණ ද්වය අභ්‍යවකාශ ගත කරන ලද්දේ Proton-K නමැති රොකට්‌ යානය මගිනි. (Vehicle - Proton-K) පෝබොස්‌ II යානය සමග පණිවුඩ හුවමාරුව 1988 මාර්තු 27 වැනි දින ඇන හිටින ලදී. 1989 මාර්තු මාසයේදී පෝබොස්‌ II රුසියානු අඟහරු පර්යේෂණ යානය හදිස්‌සියේ අතුරුදන් වීම පිළිබඳව පවත්වනු ලැබූ පරීක්‍ෂණ වාර්තාවන්ගෙන් හෙළිවී ඇත්තේ වෙනත් කිසියම් යානයක්‌ අඟහරු ග්‍රහයා සමීපයේ ඉහත පර්යේෂණ යානය පසු පසින් ගමන් කර ඇති බවය. එම යානය ආපසු අඟහරු ග්‍රහයා වෙතට පැමිණ ඇති අතර, නාවික බෝයාවක්‌ වශයෙන් ක්‍රියාත්මක වූ අවකාශයේ නිරන්තරයෙන් රැඳී පවතින වෙනත් යානාවක්‌ බලවත් විද්Hqත් හෝ න්‍යෂ්ටික අංශු කදම්බ කිරණ ධාරාවක්‌ Phobos II පර්යේෂණ යානයට එල්ල කොට වහා ඉවත්වී ඇත. මේ හේතුවෙන් Phobos II යානයේ විද්Hqත් පටක ක්‍රියාදාමය ක්‍රියා විරහිත වී එම යානයේ බොහෝ කොටස්‌ අක්‍රීය වී ඇත. Phobos යනු අඟහරු ග්‍රහයාට සමීපතම චන්ද්‍රයන් ද්වයෙන් විශාලම. චන්ද්‍රයාය. අනෙක්‌ චන්ද්‍රයා වනුයේ Deimos ය. (The Moon of Mars Phobos and Deimos) මෙම චන්ද්‍රයන් දෙදෙනා ඇෂ්ෆා හෝල් නමැති ඇමරිකානු තාරකා විද්‍යාඥයා - (Asaph Hall 1829-1907 An American Astronomer) විසින් සොයා ගෙන ඇත. ග්‍රීක සම්ප්‍රදායේ Phobos සහ Deimos යන නමින් දෙවිවරු දෙදෙනකු සිටින අතර ග්‍රීක භාෂාවට අනුව එම වචන වල අදහස වනුයේ භීතියයි. බොහෝ ඇමෙරිකානු හා රුසියානු ආදී අභ්‍යකාශ යානාවන් නම්කර ඇත්තේ මේ ආකාරයෙනි. 1993 අගෝස්‌තු මස 20 වැනි දින ඇමරිකා එක්‌සත් ජනපදය විසින් අඟහරු ග්‍රහයා පරීක්‍ෂා කිරීම සඳහා යොදා ගන්නා ලද ඩොලර් බිලියනයක්‌ (One Billion) වටිනා මාස්‌ ඔබ්ස්‌වර් නම් පර්යේෂණ යානයද (Mars Observer, Launch 1992 Cape Canaveral Air Force Base in Florida, Launch Vehicle Titan III) අඟහරු වෙත ළඟා වෙමින් තිබියදී හදිස්‌සියේම අතුරුදන් වී ඇත. මාස්‌ ඔබ්ස්‌වර් යානයටද රුසියානු Phobos II යානයට සිදුවූ ඉරණමම අත් වන්නට ඇති බව පරීක්‍ෂකයන්ගේ නිගමනය යයි. නාවික බෝයාවක්‌ වශයෙන් ක්‍රියාත්මක වූ නිරතුරුවම නිරීක්‍ෂණයේ යෙදෙමින් පවතින යානය රුසියානු පර්යේෂණ යානය පිරිවරා ගමන්කර ආපසු අඟහරු වෙතට පැමිණි යානයට අමතරව ස්‌ථීරව අඟහරු මතුපිට පවතින වෙනත් කිසියම් වස්‌තුවක්‌ දක්‌නට ලැබී ඇත. එනම් පිරමීඩයක ආකාරයෙන් දක්‌නට ලැබෙන කෝණමය පරාවර්ථනකයක්‌ හෝ ගෘහ මාර්ග නිසර්ජන සම්ප්‍රේෂ ප්‍රථිචාරකයක්‌ (Gide Path Homing Transponder) ලෙස හඳුන්වන අභ්‍යවකාශ යානාවන්ට පහසුවෙන් ගොඩ බැසීම සඳහා නිර්මාණය කරන ලද යාන්ත්‍රික වශයෙන් අකර්මන්‍ය යාත්‍රාමය ආධාරකයක්‌ වශයෙන් පිහිටවනු ලද සුවිශේෂි ගොඩනැඟිල්ලකි. අඟහරු මත පිහිටා ඇති මේ සුවිශාල ආකෘතිය ආසන්නයේ හා එය වටා සියලුම අජටාකාශ ක්‍රියාන්විතයන් ඒක රාශි වී ඇති අතර එම වස්‌තුව දෘශ්‍යමාන වන ප්‍රදේශයේ අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨය අභ්‍යන්තරයේ යම්කිසි සුවිශාල ප්‍රදේශයක ජීවමය වාර්ගිකයන් විශේෂයක්‌ වෙනත් සභ්‍යත්ව වාර්ගිකයන් විසින් ආරක්‍ෂා කරමින් රක්‍ෂණය කිරීමේ කාර්යයෙහි නිරන්තරයෙන්ම යෙදී සිටින බව සොයා ගෙන ඇත. අඟහරු ග්‍රහයා අභ්‍යවකාශයේ ජීවත් වන වාර්ගිකයන්ගේ ජීවනය අතිශයින්ම පෞරාණික වූවත් ඔවුන් ඉතාමත් දුක්‌ඛදායක මෙන්ම බලාපොරොත්තු රහිත අනාරක්‍ෂිත වේ යෑයි අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨය මත ජීවත් වන වාර්ගිකයන් පිළිබඳ පර්යේෂණ පැවැත්වූ සුවිශේෂි විද්‍යාඥයන්ගේ නිගමනයයි. Phobos රුසියානු පර්යේෂණ යානයේ සැලැස්‌මෙහි වගකීම තිබූ නිලධාරියා වු සෝවියට්‌ අභ්‍යවකාශ සංවිධානයේ සභාපති අලෙක්‌සැන්ඩර් ඩුනයෙෂ් විසින් නිකුත් කරන ලද ප්‍රකාශනයක සඳහන් වනුයේ කිසියම් අපූර්ව ආකාර වස්‌තුවක්‌ Phobos II යානය හා අඟහරු ග්‍රහයා අතර තිබී ඡායා රූපගත කරන ලද බවද එය කුමක්‌ දැයි ස්‌ථීරවම නොදන්නා බවය. මෙම සිද්ධිය ඇති වෙමින් පවතිද්දී Phobos II යානය පෘථිවියට එවනු ලැබූ අවසාන ඡායාරූපයන්ගෙන් එක්‌ ඡායාරූපයක්‌ අලෙක්‌සි ලියනොෆ් නම් සෝවියට්‌ අජටාකාශ ගාමීයා විසින් ගගනගාමීන් පුහුණු කරවන රුසියානු ගුවන් හමුදාවේ කර්නල් ආචාර්ය මරිනා පොපොවිච්ට භාරදෙනු ලැබ 1997 දෙසැම්බර් මස එක්‌සත් ජනපදයේ සැන් ප්‍රැන්සිස්‌කෝ නගරයේ සම්මන්ත්‍රනයකදී ඉදිරිපත් කිරීමෙන් මේ බව සනාථ වී ඇත. එම ඡායාරූපය රැගෙන ඇත්තේ 1989 මාර්තු 25 වැනි දින වන අතර එම ඡායාරූපය ගැනීමෙන් ස්‌වල්ප වේලාවකට පසුව එම යානය හා පෘථිවිය අතර පණිවුඩ හුවමාරුව නතර වී ඇත. විවිධ ධාන්‍ය වර්ග වගා කරන ගොවි බිම්වල අස්‌වැන්න ආශ්‍රිතව නිර්මාණය වන බොහෝ ආකාර වෘත්තයන් වශයෙන් හඳුන්වන ඡායා ලේඛනයන් (Pictogram) මගින් උත්තරීතර සභ්‍යත්ව ජීවීන් පෘථිවි මානුෂීය වාර්ගිකයන් වෙත එවන අභ්‍යකාශයේ වෙනස්‌වීම්, වායුගෝලීය කිරණ හේතුවෙන් මිනිසාගේ DNA පද්ධතියේ සිදුවන වෙනස්‌වීම්, මිනිසාගේ මුල් යුගයේ පෞරාණික සිද්ධාන්ත, හදිසියේ ඇතිවන සුළි සුළං, වායුගෝලීය වෙනස්‌වීම්, විශ්ව චක්‍රාවාට හා පෘථිවි චුම්භකත්වය, මයා කැලැන්ඩරය, ප්ලාස්‌මා සිද්ධාන්තය, විද්යුත් චුම්භකත්වය ආදී ඉතාමත් වැදගත් විද්‍යාත්ම තොරතුරු ඇතුළත් පණිවිඩ ඉදිරි ලිපියේදී සාකච්ඡා කෙරේ. දේශප්‍රිය නානායක්‌කාර
Posted on: Tue, 09 Sep 2014 08:15:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015