හිතුවක්කාරී නුඹ නම් - TopicsExpress



          

හිතුවක්කාරී නුඹ නම් සොඳුර.... හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරීයි මේ දීගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ // බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර මෝසම් සුළගක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර // තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර හිතුවක්කාරී........ සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩු ගුවනේ විතරයි නූල ගැස්සුනොත් හදිසියෙන් හරි ඒ ලස්සන ඉවරයි // ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි හිතුවක්කාරී..........
Posted on: Fri, 31 Oct 2014 08:25:05 +0000

Recently Viewed Topics




© 2015