මේකේ නම තමයි Prison Break එකේ - TopicsExpress



          

මේකේ නම තමයි Prison Break එකේ තේරුම ගැන නම් කියන්න ඕනා නැහැ, ඕනා කෙනෙක්ට තේරෙනවනේ මොකක්ද කියලා. මේ කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ඇත්තටම මං මේක බලන්න හිතුවේ ගොඩක් අයගේ මූණු පොතේ අර දාන්නේ තමන් කැමති ඒවා ගැන. අන්න එතන එයාලා වැඩියෙන්ම ආස ටෙලි කතාව මොකක්ද කියන තැනට දාලා තිබුනේ මේක. ඉතිං ඕක දැකලා දැකලා හිතුවා අඩේ මේ මොකක්ද හැමෝම දාලා තියෙනවා, මාත් බලන්න ඕනා කියලා බෑවා බලන්න. ඔයාලට කියන්න මේ පලවෙනි කොටස විතරයි මං බෑවේ, මේක බාලා බලන්න ගත්තා විතරයි, හරියට නිකම් මේ කතා මාලාවට ඇබ්බැහි උනා වගේ සීන් එකක් මට උනේ. මං හිතන්නේ ඔයාලටත් ඒක වෙයි. මොකද කියනවා නම් මං එදා මෙදා තුර බලපු හොඳම ටෙලි කතා මාලාව තමයි මේක. මං හිතන්නේ නැහැ කවදාවත් මේක අමතක වෙයි කියලා. කතාව කියන්න අරන් ආයේ වෙන එකක් කිවුවා. ඔන්න දැන්නම් ඉතිං තද වෙනවා ඕං, කතාව කියනවකෝ.. හරි මේ සම්පූර්ණ කතාවම ගලා යන්නේ සහෝදරයෝ දෙදෙනෙක් වටා. එක්කෙනෙක්ගේ නම තමයි ලින්කන් බරොව්ස් ඒ කියන්නේ අයියා, මල්ලි තමයි මයිකල් ස්කෝෆිල්ඩ්. තමන්ගේ එකම අයියා ලින්කන් හිරේට නියම වෙනවා මිනීමැරීමකට, එසේ මෙසේ මිනීමැරීමක් නෙමී, උප ජනාධිපතිගේ සහෝදරයව මැරූ වරදට තමා මොහුව හිරේට නියම වෙන්නේ. හිරේට විතරක් නෙමී මොහුට මරණ දණ්ඩනයද නියම වෙනවා. නමුත් ලින්කන් කියන පරිදි ඔහු ඒ මිනි මැරීම සිදු කරලා නැහැ. නමුත් හැම සාක්ෂියක්ම තියෙන්නේ ඔහුට විරුද්දව. ඉතිං කාටවත් බැහැ ඔහු නිර්දෝෂි කියලා කියන්න. නමුත් තමන්ගේ මල්ලි, මයිකල් විශ්වාස කරනවා ඔහු කියන දේ. ඒ නිසා මයිකල් සැලසුමක් හදනවා ඔහුව නිදහස් කරගන්න. ඒ නඩු කියලා නෙමී හිර ගෙයින් පැනලා යාමක් ගැන. මයිකල් කියන්නේ ගොඩනැගිලි ඉංජිනේරු වරයෙක්. ඉතිං ඔහු තමන්ගේ සහෝදරයා බේරගන්න ඉතා සූක්ෂම සැලැස්මක් හදනවා. ඔහුට තමන්ගේ සහෝදරයව බේරගන්න හැකි වෙයිද ? ඔහුගේ සැලැස්ම මොකක්ද ? ඒ හැමදේම දැනගන්න වෙන්නේ මේක බලලම තමයි. තව දෙයක් මේක මෙහෙම බලද්දි මට හිතුන දෙයක් තමයි ඇත්තටම තමන්ගේ සහෝදරයා වෙනුවෙන් කෙනෙක්ට මේ වගේ වැඩක්, මේ වගේ කැප කිරීමක් කරන්න පුලුවන්ද කියන එක. මං හිතන්නේ මේක බලලා තියෙන අයත් ඇති. ඒ අයට කියන්නේ මේක ආයේ බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. පරණ උනත් රන් හා සමාන කතාවක් මේක මට නම්. #baiscopelk
Posted on: Sun, 06 Oct 2013 07:49:20 +0000

Trending Topics



ime-to-thank-everyone-for-all-The-Birthday-topic-834455989931308">Just want to take the time to thank everyone for all The Birthday
Mengapa Windows dan Office Harus Ditingkatkan? Mungkin akan ada
Do you know what your Telomeres are? I sure as heck did not. In
How could I know that the Lord had a divine appointment set for me
ISO One Story house or trailer for household on disability on the
viagra gdje kupiti viagra.gdje.kupiti.meddshhop6.appspot viagra

Recently Viewed Topics




© 2015