Attached are the official replies made by CEB to certain adverse - TopicsExpress



          

Attached are the official replies made by CEB to certain adverse newspaper articles published recently on CEB in the print media. “ජලාශ හිස්කරන විදුලි මාෆියාවේ ඇතුලාන්තය” යන මැයෙන් අප්රේමල් 28 දින පළවූ ලිපිය වැරදි ලෙස උපකල්පනය කල කරුණු රැසක් පදනම් කොට සැකසී ඇති බව පෙනෙන බැවින් හා ලංවිම වෙත ඉතා බරපතල චෝදනා එල්ල කරන බැවින් පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට අප අදහස් කරමු. ඊට අමතරව ශ්රී ලංකාවේ විදුලි පද්ධතියේමෙහෙයුම් හා පාලන ක්රිසයාවලිය සම්බන්ධවද පැහැදිලි කරනු පිණිස ඉතා සරල හා කෙටි හැඳින්වීමක්ද පහත ඇතුලත් කරනු ලැබ ඇත. මෙවැනි ප්රිකාශ මඟින් විදුලිය වෙනුවෙන් තමන් ගෙවනු ලබන්නේ අසාධාරණ ලෙස වැඩිකල මිලක් බවට ඒත්තු ගැන්වීමේ උත්සාහයක් සිදුවන වන අතර, මෙවැනි ප්ර කාශ වලින් වැඩිවූ විදුලි බිලට හේතු පාදක වූ අඩු මිල ගල් අඟුරු බලාගාර කලට වේලාවට ඉදිනොවීම වැනි මූලික කරුණුද යටපත් වේ. ජල විදුලිය සහ අඩුමිල බලාගාර තිබියදී වැඩි මිල බලාගාර වලින් විදුලිය ජනනය කල බවට වූ ප්රවකාශය. 1. sri ලංකාවේ සමස්ත ජල විදුලි බලාගාරවල ස්ථාපිත ධාරිතාවය (Installed Capacity) මෙ.වො. 1350 වන අතර රාත්රීල උපරිම ඉල්ලුම අවස්ථාවේදී ඇතිවන මෙ.වො. 2100 පමණ ඉල්ලුම සැපයීමට සියලුම ජල විදුලි බලාගාර උපරිමයෙන් භාවිතා කලද, කල නොහැකිය. තාප ජනක යන්ත්රට පණ ගන්වනු ලබන පිළිවෙල ඒවායේ මිල ගණන් ආරෝහණපිලිවෙලට වන අතර සියලුම බලාගාර සඳහා ගෙවනු ලබන ගණන් මිල සූත්රා මගින් එවායේ ගිවිසුම් වල අන්තර්ගතවී ඇත. ඒවා කිසිවක් වෙනස් කිරීමට ලංවිම පද්ධති මෙහෙයුම් හා පාලන නිලධාරින්ට බලයක් නොමැති අතර, ඔබ ලිපියේ ඉදිරිපත් කර තිබූආකාරයේ අභිමතානුසාරී බලයක් කිසිදුලංවිම නිළධාරියෙකු වෙත නොමැත. සියලුම බලාගාර පණගැන්වීමට හා නැවැත්වීමට දෙනු ලබන වාචික විධාන සංවාද (Dispatch Instructions) පද්ධති දුරකතන වල පටිගත වන අතර ඒ සියළුම විධානයන් පසුව ලිඛිතවද නිකුත් කරනු ලැබේ.මෙම සියළුම ඓතිහාසික වාර්තා ඉතා සුරැකිව තබා ඇත. එසේම සියළු විදුලි බලාගාර ජනනය කරන ලද විදුලි ඒකක ගණන ස්ථාන කීපයක තබා ඇති විදුලි මීටර වල සටහන් වනවා පමණක් නොව ගෙවීම් කරනු ලබන්නේද එම සියල්ල සංසන්දනය කිරීමෙන් පසුවය. එබැවින් සෑම බලාගාරයකම ඒකකයක මිල, බලාගාර පණගන්වනු/නවත්වනු ලැබු වේලාවන් සහ සෑම බලාගාරයක්ම ජනනය කල විදුලි ඒකක ප්රලමාණය යන කරුණු තුනම ඉතා පහසුවෙන් ඕනෑම අයෙකුට/ආයතනයකට සොයාබැලිය හැක. එබැවින් මිල අඩු බලාගාර තිබියදී මිල වැඩි බලාගාරයක් පණගන්වා ඇත්දැයි සොයාබැලීම විෂය පිලිබඳ අවම දැනුමක් හෝ ඇති අයෙකුට පවා ඉතා පහසුවෙන් කල හැක. අඩුමිල බලාගාර තිබියදී වැඩිමිල බලාගාරයක් පණගන්වා එයින් කොමිස් මුදලක් ගැනීමක් සිදුව ඇති නම් එය රටේ ඇති අඥානම සහ නිරාවරණය කිරීමට පහසුම වංචාව විය යුතුය. එසේම පෞද්ගලික තාප විදුලි බලාගාර සඳහා ගනු ලබන මිල කොටස් දෙකකින් යුක්තය. ඉන් එක කොටසක් වන්නේ ධාරිතාව මතවූ ගෙවීම් (Capacity Charges) වන අතර බලාගාරය ක්රිකයාත්මක කිරීමට සූදානම් තත්වයේ ඇත්නම් එම ගෙවීම් කල යුතුය. සියළුම පෞද්ගලික බලාගාරවල ආයෝජනයට අදාල ලාභය, ස්ථීර වියදම් ආදියඅන්තර්ගතව ඇත්තේ මෙම ගෙවීම තුල වන අතර මෙම මිල බලාගාර පණගැන්විමේපිළිවෙල (Merit Order)තීරණයට භාවිතා නොකෙරේ. දෙවන ගෙවීම වන්නේ බලාගාරයට ඒකකයක් ජනනය කිරීමට යන ඩීසල්/දැවිතෙල් මත පදනම් වූ බලශක්ති ගෙවීමයි (Energy Charge). බලාගාර පණගන්වන පිලිවෙල තීරණය වන්නේ මෙම ගෙවීම පදනම් කොට ගෙනය. එය සරල උදාහරණයක් මගින් පැහැදිලි කරගත හැක. අප අවුරුද්දක කාලයකට වාහනයක් කුලී පදනම මත ගත්තායැයි සිතන්න. එහිදී වාහනයේ අයිතිකරුට තම ආයෝජනය හා රියදුරු පඩි සඳහා මාසික ස්ථීර ගෙවීමකුත්, ධාවනය වන කි.මී. ගණනට අනුව වැය වන පෙට්රාල් සඳහා වෙනමම ගණනකුත් ගෙවනවායැයි සිතන්න. මෙම වාහනය ධාවනය වුවද, නැතද තමන්ගේ ලාභය වාහන අයිතිකරුට ස්ථීර ගෙවීම් තුලින් ලැබේ.පෞද්ගලික බලාගාරවලටද එසේය. ඔවුන්ගේ “ධාරිතා ගෙවීම”, බලාගාරක්රිවයාත්මක කිරීමට සූදානම් තත්වයේ ඇත්නම්ගෙවනු ලැබීම තුල,ජලවිදුලි ජලාශ හිස් කිරීම් වලින් ස්වායත්තවපෞද්ගලික තාප විදුලි බලාගාරවල ධාරිතාව මතවූ ගෙවීම් අඛණ්ඩව ලැබේ. 2. විදුලි බලාගාර පණගැන්වීම, වාහනයක් පණගන්වනවා සේ ක්ෂදණිකව කල නොහැකි අතර ඒ සඳහා වන සැලසුම් සතියකට පෙර සිටම සැකසේ. විදුලිය ජනනය සැලසුම් කිරීම හා ජනනය සඳහා උපදෙස් නිකුත් කිරීම පද්ධති පාලන අංශයේම වෙනමම ඒකක දෙකකින් කරනු ලබන අතර සියළුම ගෙවීම් කරනු ලබන්නේ ඉන් පරිබාහිරව ඇති බලශක්ති මිළදී ගැනීම් (Energy Purchase) ශාඛාව මගිනි. මේ මගින් එම කාර්යාවලිය ගෙවීම් කිරීමට කළින් ද පසු විපරමකට ලක්වේ. ඉදිරි සතිය තුල ක්රිලයාත්මක කිරීමට නියමිත සියළුම බලාගාර, මෙහෙයුම් සැලසුම් අංශය (Operation Planning) මගින් සතිපතා මෙහෙයුම් සැලසුම් (Weekly Operation Plan) කරන අතර එම සැලසුම් පාදක කොට පද්ධති මෙහෙයුම් අංශය (System Operation) මගින් ඉදිරි පැය 24 සඳහා කෙටිකාලීන සැලසුම් සකස් කොට (Short Term Operation Planning) එම සැලසුම් මත අවස්ථානුකූලව බලාගාර පණගැන්වීම සිදුකරනු ලබයි. එබැවින් මෙම ක්රි යාවලියට විශාල කණ්ඩායමක් සහභාගිවන අතර එහි කිසිදු අංගයක් එක් අයකුට පමණක් අයථා ලෙස වෙනස් කල නොහැක. පෞද්ගලික තාප බලාගාර වලින් විදුලිය ගැනීම සඳහා ජලාශ හිස් කල බවට වූ ප්රපකාශය. 1. ලංකාවේ මහවැලි ජලාශ වල (විදුලි බලාගාර ආශ්රිවත ජලාශ ඇතුලුව) ජල භාවිතය කළමනාකරණය කරනු ලබන්නේ මහවැලි අධිකාරිය යටතේ වන ජල කළමනාකරණ ලේකම් කාර්යාලය (Water Management Secretariat) මගිනි. ලංකා විදුලිබල මණ්ඩලයට ජලාශ වලින් ජලය ලබාගත හැක්කේ ජල කළමනාකරණ ආයතනයේ අනුදැනුම ඇතිව පමණි. සෑම සතියකම පවත්වන ජල කළමනාකරණ කමිටු රැස්විමේදී ඊලඟ සතිය තුල ජලවිදුලි බලාගාර වලින් ජනනය කිරීමට නියමිත විදුලිය සහ ඒ සඳහා මුදා හැරෙන ජල ප්රිමාණය තීරණය කෙරෙන අතර, ඉහත සඳහන් කල සතිපතා මෙහෙයුම් සැලසුම් (Weekly Operation Plan) සකස් කරනුයේ ඉහත රැස්වීමේ උපදෙස් මත වේ. තවද පෙර සතියේදී සියලු ජලාශවලින් පිට වූ ජල ධාරිතාවය ජල කළමනාකරණ කමිටුවේදී විමර්ශනයට ලක්වන බැවින් ජල විදුලිය භාවිතා කිරීම ලංකා විදුලිබල මණ්ඩලයට තම හිතුමනාපය අනුව කිසිසේත් කල නොහැක. 2. සමස්ත මහවැලි සංකීර්ණයට අයත් සියළුම විශාල පරිමාණ ජලාශ භාරව සිටින්නේ sri ලංකා මහවැලි අධිකාරියයි. එබැවින් එම ජලාශ කිසිවකින් විදුලිය ජනනය නොකොට ජලය මුදා හැරීම ලංවිම නිලධාරීන් හට කල නොහැකිවා පමණක් නොව ඉතා වගකීමකින් හා කැපවීමෙන් දේශයේ ජල සම්පත කළමනාකරණය කරනු ලබන ලංවිම හා මහවැලි අධිකාරියේ නිලධාරින් එක්ව එසේ කලේයැයි යමෙකු කියනු ලබන්නේ නම් එයද අතිශය අසාධාරණ ප්ර කාශයකි. ඉහල කොත්මලේ ජලාශය හිස් කල බවට වූ ප්රදකාශය 1. කුමන්ත්රයණකාරී ලෙස හිස්කල බව කියන ඉහල කොත්මලේ ජලාශය,මහවැලි සංකීර්ණයේ ඇති කුඩාම ජලාශය වන අතර එය ඉතා සුළු ජලධාරිතාවක් පමණක් ඇති කුඩා ජලාශ (Ponds) වර්ගයට ගැනේ. සාමාන්ය මෙහෙයුම් සිදුකරන දිනයකදී පවා විදුලි ජනනයේදි පැය කීපයක් තුල ඉහල කොත්මලේ ජලාශය පිටාර මට්ටමේ සිට අවම ධාරිතාවට ළගාවීම සාමාන්යප දෙයකි. ඉහල කොත්මලේ සම්පූර්ණයෙන් පිරී ඇතිවිට පවා එහි ගබඩා කල හැක්කේ ජලය ඝන මීටර මිලියන 0.8 පමණි. (වික්ටෝරියා ඝන මීටර මිලියන 721, රන්දෙනිගල ඝන මීටර මිලියන 862, කොත්මලේ ඝන මීටර මිලියන 175) ඉහල කොත්මලේ විදුලි බලාගාරය Run-of-the River type හෙවත් ගංගාවේ ගලායන ජලයෙන් පමණක් ජනනය කරන වර්ගයේ බලාගාරයක් වන අතර ඉහල කොත්මලේ ජලාශය හිස් කොට පෞද්ගලික බලාගාරවලින් එම අඩුව පුරවා ගත්තා යැයි කෙරෙන ප්ර්කාශය පදනම් විරහිතය. 2. එම විදුලි බලාගාරයේ විදුලි ජනනය කලින් කල සැලැස්මකට අනුව එය කරවා වසරකට පසු ගිවිසුම් ගතව සිදු කලයුතු උමගයේ අත්යාටවශ්යේ පරීක්ෂනණ කටයුත්තක් සඳහා දින කීපයක් නවත්වා තිබුණි. එහෙත් එය කරන ලද්දේ ඓතිහාසික දත්තයන්ට හා කාලගුණ අනාවැකිවලට අනුව එම ප්රමදේශයට අඩුවෙන් වර්ෂාව ලැබේයැයි අනුමාන කරන කාල වකවානුවකය. පත්ධති පාලනය සඳහා පරිගණක මෘදුකාංගයක නොගන්නා බවට වූ ප්රකකාශය 1. ජලාශ වල ජලය ඉතා කාර්යක්ෂගම ආකාරයට පවත්වා ගැනීම සඳහා පරිඝණක මෘදුකාංගයක් දැනටමත් භාවිතා කෙරේ. මහජන උපයෝගිතා කොමිසමට අනුව නව මෘදුකාංගයක් මිලදී ගැනීමේ කටයුතු කලක සිට පටන් ගන්නා ලද අතර දැන් එය අවසාන අදියරේ පවතී. මේ සඳහා ගතවූ කාලය පිළිබඳව පැහැදිලිකර එම කොමිසමේද එකඟතාවය මත එය 2013 ඔක්තෝම්බර් මස සිට ක්රියයාත්මක කිරිමට කටයුතු කරන බවද,එය එසේම වන බවද තවදුරටත් දන්වා සිටිමු. මෙහිදී සිහිතබා ගතයුතු වැදගත් කරුණ වන්නේ මෙමගින් ලබාදෙන පුරෝකථන පවා (Output) 100% ක්ම නිවැරදි නොවන බවයි. ලොව ඇති මෙවැනි මෘදුකාංගයන් පුරෝකථන ලබාදෙන්නේ යම් සම්භාවිතා පදනම් කර ගනිමිනුයි. එබැවින් මෙම මෘදුකාංගය සියලු දේට විසඳුමක්ද නොවන සේම පද්ධතිය පාලනය කිරීම හුදු මෘදුකාංගයකට පමණක් තනිව කල නොහැකිය. විදුලි බිල ඉහල යාමට සත්යම ලෙසම බලපෑ හේතු සොයනවා විනා සියළු ප්රනශ්ණයකටම මුල පරිඝණක මෘදුකාංගයක අඩුව යැයි සිතීම සත්යෙ හේතු ගවේශණට බාධාවක් බවත් අපගේ හැඟීමයි. 2. ලංකාවේ සමස්ථ විදුලි පද්ධතියම පාලනය කරනුයේ පද්ධති පාලන මධ්යදස්ථානයෙන් වන අතර දැනට කොළඹ පිහිටා ඇති පාලන මධ්යනස්ථානය පිහිටුවා ඇත්තේ 80 දශකයේ මුල් භාගයේය. නවීන ජාතික පාලන මධ්යපස්ථානයක අවශ්ය තාවය මීට වසර ගණනාවක සිටම දුටු මණ්ඩලය, ලංකාව පුරාම එලනු ලැබූ ප්රාකාශ තන්ත්රක (Optical Fibre) ජාලයක් සමඟ අති නවීන බලශක්ති කළමනාකරණ (Energy Management) පරිඝණක මෘදුකාංග සහ ස්වයංක්රීeය ලෙස බලාගාර හැසිරවිය හැකි හැකියාව (AGC) සහිත නව පාලන මධ්යවස්ථානයක් ගොඩනැගීමේ ක්රිැයාවලිය මේ වන විට අරඹා ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ශ්රී් ජයවර්ධනපුර ප්රනදේශයේ ඉදිවීමට නියමිත එය 2015 වන විට ශ්රීක ලංකා විදුලිබල පද්ධතියේ මෙහෙයුම් කටයුතු වලට එකතු වීමට නියමිතය. හුදු පරිඝණක මෘදුකාංගයක් තිබුනද, එයට සජීවී පද්ධති දත්ත ප්රපතිග්ර හණය කිරීමට නොහැකි බැවින් ලංවිම විසඳුම වූයේ මෙම නවීන පාලන මධ්යපස්ථානයයි. එහෙත් මහජන උපයෝගිතා කොමිසම් සභාව දෙනු ලැබූ උපදෙස් මත ඉහත දැක්වූ මෘදුකාංගය ද මිලදී ගැනීම දැනට අරඹා ඇති අතර තාවකාලික විසඳුමක් වන එය වසර දෙකකින නව පද්ධති පාලන මධ්යඋස්ථානය පැමිණි විට අභාවිත තත්වයට පත්වනු ඇති බවද සිහි තබා ගත යුතුය.
Posted on: Sun, 23 Jun 2013 06:42:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015