No politics.... But idea is really - TopicsExpress



          

No politics.... But idea is really nice........... දවසක් මම ගෙයක් දුටිමි - එය ගින්නට හසුව තිබුණි රත් පැහැ ගත් ගිනි ජාලා - එහි පියසින් උසට නැගුණි එහි තුළ මම දනන් දුටිමි දොර හැර ඔවුනට හඬගා පිටවන්නැ යි මම කීවෙමි.... එහෙත් එදන සැලූණේ නැත - හදිසි බවක් පෙන්නුවෙ නැත. එක් අයෙකුගේ රැවුල පවා - පිළිස්සෙද්දි ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද - වැසි වසීද සුළඟ තදද දැවෙන නිවෙස දමා ගොසින් - ඉන්න ගෙයක් තියෙනවාද? මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය..... මම පිළිතුරු නොදී ඔහුට - නැවත වරක් වුණෙමි නිහඬ. මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ - ගින්නෙන් නැසුණාම කියා’... ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම් ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’. එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’.... (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්) The Buddha’s Parable of the Burning House
Posted on: Sun, 21 Dec 2014 19:02:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015