Pradeeptha Srinath Obeysekara shared 4 hours ago From a - TopicsExpress



          

Pradeeptha Srinath Obeysekara shared 4 hours ago From a discussion on human rights violations by LK forces during war: ජේමිස් බණ්ඩා : ඔය මිනිස් කම අමතක කරල පෙනී ඉන්න රට කියන්නේ මොකක්ද ? ඇයි ඔච්චර අමාරුව ? වගේ ප්‍රශ්න ඇහැව්වොත් අද නිදාගන්න වෙන එකක් නෑ නේද. මට නම් පොලව උඩින් මිනිස්සු ඇඳගත්ත ඉරි ටිකක්. දූවිලි, පස් උඩ පරිනාමය වෙච්ච වානරයො ටිකක් පොඩි නාඩගමක් නටනව. අනිත් වානරයින්ගේ හැඟීම් වලට වඩා ඒ ඇඳ ගත්ත ඉරි වලට ප්‍රමුඛතාවය. සසර සැරිසරන පාදඩයා : ජේබී - උඹ කියන කතාව 100% හරි. මම ඒක 100% පිළිගන්නව. හැබැයි මට තේරෙන්නෙ නෑ උඹ ඔය තර්කන ක්‍රමය රට ජාතිය කියන තැනෙන් නවත්තන්නෙ ඇයි කියල. මේක අපේ රට කියල ආඩම්බර වෙන්නෙ වෙන රටවල් පහත් කරන්න නෙවෙයි. රට කියල කියන්නෙ පස් වලට විතරකුත් නෙවෙයි. රට කියන්නෙ රටේ මිනිස්සු. ආර්ථිකය. අපේ මතකයන්. ඒව ඔක්කොම එකට බද්ධ වෙච්ච සංකල්පයක්. ඔය මොකුත් හිතන්න බැරි නම් අඩුම ගානෙ මට අධ්‍යාපනය දෙන්න වියදම් කරේ මේ රටේ මිනිස්සු කියන එකවත් හිතන්න පුළුවන් වෙන්න ඕනෙ. එහෙම බැළුවොත්, අපේ රස්සාවල්, ගෙවල් දොරවල්, ගෑනි දරුවො, අම්ම තාත්ත, විතරක් නෙවෙයි අපිත් තේරුමක් නැති දේවල් වෙනව නේද? ඕවත් අර කියපු වානරයො දාගත්ත ඉරි නේද? බුදු හාමුදුරුවොත් කිව්වෙ ඕක තමයි. උඹ රටෙන් ජාතියෙන් ඕක නවත්තන්නෙ නැතුව මම දක්වාම ඕක ගෙනියන්න ලෑස්ති නං මම උඹට ගරු කරනව. දණගහල වඳින්න වුනත් ලෑස්තියි. නමුත් අර ඔක්කොම බදාගෙන ඉන්න ගමන් මේක විතරක් ඔය විදිහට දකින්නෙ තමන් ගෙ මතවාදී-දේශපාලන න්‍යාය පත්‍රයට ඒක උදව්වක් වෙන නිසා විතරයි කියල තමයි හිතන්න වෙන්නෙ
Posted on: Mon, 11 Nov 2013 17:06:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015