Target-news - මුතුරාජවෙල ගින්න - TopicsExpress



          

Target-news - මුතුරාජවෙල ගින්න නිවීමට බෙල් 212 යානයක් ____________ මුතුරාජවෙල අක්කර 500ක් විනාශයි Air Force helicopters to control fire මුතුරාජවෙල ගින්න නිවන්න පැය 4 ක බෙල් 212 ගුවන් මෙහෙයුමක් මුතුරාජවෙල වෙල් රක්ෂිතයේ වත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුබුදුගම ප‍්‍රදේශයේ හටගෙන තිබූ ගින්න මේ වනවිට නිවා දමා ඇත. අද දහවල් ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානා යොදා ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදන ලදී. පසුගිය 24 වෙනිදා මෙම ගින්න පුබුදුගම ප‍්‍රදේශයේ හටගෙන තිබූ අතර එයින් මුතුරාජවෙල රක්ෂිතයේ අක්කර 500ක පමණ කොටසක් විනාශ වී ඇත. ජල ලීටර් 900 ක් එකවර රැගෙන යා හැකි මෙම හෙලිකොප්ටර් යානය ඊයේ පස්වරු 2 සිට සවස 5.45 වනතුරු ගිනි නිවීමේ මෙහෙයුම්වල නිරත වෙමින් අත්තනගලුඔයේ සිට මුතුරාජවෙල දක්වා වාර 34 ක් ජලය ගෙනගිය බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය The assistance of the Sri Lanka Air Force helicopters were sought today to control a fire in the Muthurajawela reserve in the Gampaha district, an Air Force spokesman said. Accordingly Bell 212 helicopters with Bambii buckets from the Ratmalana airport was deployed to bring the fire under control. This is the third time wildfires have been reported in Muthurajawela leading to suspicion that persons were deliberately setting fire to the place, police said. Anura S. Liyanage Target-news -Tuesday January 28th 2014 -(දිල්ෂානි රත්නසේකර ජා ඇල)
Posted on: Tue, 28 Jan 2014 03:12:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015