Target-news - සන්ධාන ආධාරකරුවන් - TopicsExpress



          

Target-news - සන්ධාන ආධාරකරුවන් තලංගම පොලිසියේ කොස්තාපල්වරයකුට කකුලක් ________________කැඩෙන්න පහරදීලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් තලංගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදී ඔහුගේ කකුලක් කඩා තිබේ.එම පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ. මේ පොලිස් නිලධාරියාට පහරදී තිබෙන්නේ ඉකුත් 26 වැනිදා බත්තරමුල්ල පාලම් හන්දිය ප්‍රදේශයේ පැවැති සංගීත සන්දර්ශනයකදීය. එම ස්ථානයේ සිවිල් ඇඳුමින් සැරැසී සේවයේ යෙදෙමින් සිටියදී මේ පහරදීමට ලක්වී ඇත්තේ තලංගම පොලිසියේ මෙන්ඩිස් නමැති පොලිස් කොස්තාපල්වරයකු බවද පොලිසිය පැවැසීය. එම පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත. එම සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සිද්ධියට පසුබිම් වී ඇති හේතුව පිළිබඳව පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ එවැනි සිද්ධියක් පිළිබඳ තමාටද දැනගන්නට ලැබී ඇති බවයි. Anura S. Liyanage Target-news -Wednesday, 02 April 2014 -ප්‍රේමලාල් විජේරත්න
Posted on: Wed, 02 Apr 2014 04:17:02 +0000

© 2015