ඔන්න තවත් සාමාන්ය පෙළ - TopicsExpress



          

ඔන්න තවත් සාමාන්ය පෙළ විභාගයකට අපේ කොල්ලෝ කෙල්ලෝ මුහුණ දෙන්න සුදානම්.හොදට පාඩම් කරපු සෙට් එක නම් බය නැතුව ඉන්නවා.ඒත් පාඩම් නොකරපු සෙට් එක නම් හොදටම බය වෙලා ඉන්නේ. බය වෙන්න දෙයක් නැහැ.මේක ජිවිතයට හොද අත්දැකීමක්.පාඩම් නොකරපු කට්ටියට දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දන්න දෙයක් හරි ලියලා එන්න තියන්නේ. ඒක ඔයාලට දෙවෙනි පාරට හරි විභාගයට මුහුණ දෙන්න ශක්තියක් වෙයි.සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින ඔයාලා හැමෝම දක්ෂයෝ.ඒක නිසානේ ඔයාල 11 වසරට එනකන් ඉගෙනගත්තෙ exam paper එක දැක්කම කලබල වෙන්න එපා මුළින්ම අදාළ තැන් වල නිවැරදිව ඔයාගෙ විභාග අංකය ලියන්න. කාලය කළමනාකරණය කරගන්න ඕන විදිය ඔයාල දන්නවනේ.ප්රතිඵල ගැන ඕනවට වඩා වද වෙන්නත් එපා. හැමෝටම විභාගය සමත් වෙන්නත් බැහැ.එහෙම උනා කියලා අධෛර්යමත් වෙන්න එපා. තව පාරක් පුළුවන් නම් විභාගයට මුහුණ දෙන්න.එත් බැරි උනොත් ඔයාලාට ජීවිතය ජයගන්න තව ක්රම තියනවා.අවශ්ය වෙන්නේ උනන්දුව උත්සාහය විතරයි.එහෙනම් විභාගයට හොදින් මුහුණ දෙන්න.ඔබට ජය වේවා!! Dilshan Eranga
Posted on: Mon, 08 Dec 2014 06:24:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015