ඔන්න මචන්ලා තව හොද - TopicsExpress



          

ඔන්න මචන්ලා තව හොද ෆිල්ම් එකක් බලනවනම් ..... ELYSIUM......... ඔන්න එහෙනම් සෑහෙන දෙනක් බලාගෙන උන්නු, ක්‍රියාදාම සපිරි තවත් විද්‍යාප්‍රබන්ධයක් අරගෙන ආවා. මතකයිනේ ජේසන් බෝන් තුන්ඈදුතු චිත්‍රපට හා Saving Private Ryan වගේ සුපිරිම චිත්‍රපට වල උන්නු Matt Damon ව. අන්න එයා තමා මේකේත් ප්‍රධාන නළුවා. ඒවා තරම්ම නම් සුපිරිම චිත්‍රපටයක් කියන්න බැරිවුනත් IMDB ශ්‍රේණීගත කිරීම් වල දැනට 7/10 ගන්න සමත් වෙච්ච චිත්‍රපටයක්. District 9 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Neill Blomkamp ම තමා මෙම චිත්‍රපටයේත් අධ්‍යක්ෂක වගේම පිටපත් රචකයත් වෙන්නේ. කතාව ගැන කියනවනම් මේ චිත්‍රපටයට පාදක වෙන කාලය තමා වර්ෂ 2154. මේ කාලේ වෙද්දී පෘථිවිය පෘථිවිය ජනගහනය අධික, රෝග වලින් පිරුණු දූෂිත ලොවක් වෙලා අවසානයි. ඉතින් එහි උන්නු ධනවතුන් තම ජීවන රටාව පවත්වාගෙන යනු පිණිස අභ්‍යවකාශයේ කෘතිම රටක් සාදාගනු ලබනවා. මේ දෙක අතර පෘථිවියේ දුප්පතුන්ට ගමන් කිරීමට කිසිම අවසරයක් නෑ. එහි සිටිනා ධනවතුන් තම කර්මාන්ත ශාලා වලට අධීක්ෂණ කටයුතු වැනි කාර්ණා වලට පමණක් පෘථිවියට පැමිණෙනු ලබනවා. ඔය තමා පසුබිම් විස්තරය. එතකොට කතාව? කතාව ගැන කිසිම දෙයක් මම කියන්නෙ නෑ.එහෙනම් කමෙන්ට් එකක් වගේ දාගෙන යමුද? ONNA LINK EKA DOWNLOAD KARANWANM baiscopelk/?p=32373
Posted on: Wed, 04 Dec 2013 06:48:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015