ග්‍රීසියේ ඇති වූ ආර්ථික - TopicsExpress



          

ග්‍රීසියේ ඇති වූ ආර්ථික අර්බුදයට එරෙහිව එරට ජනතාව කළ විරෝධතාවන්හි සටන් සගයෙකු වූ ලොවුකානිකොස් නැමැති සුනඛයා මිය ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටී. මාස ගණනක් පුරා ග්‍රිසියේ පැවැති මෙම උද්ඝෝෂණවලදී එහි පෙරමුණේ සටන් සගයකු වූයේ ලොවුකානිකොස්ය. මේ සුනඛයා විරෝධාකරුවන්ගේ පාර්ශවයේ සිට ඔවුන් පහරදීමට පැමිණෙන පොලිස් නිලධාරීන්ට බුරා පනිමින් ද කදුළු ගෑස් එල්ල කිරීමේදී ඒවා විරෝධතා කරුවන්ගෙන් ඉවත් කරමින්ද විරෝධතාවන්ට නොබද සහයක් ලබාදුන්නේය. මේ හේතුවෙන් මෙම සුනඛයා ලෝ ප්‍රකට විය.ටයිම්ස් සගරාව විසින් 2011 වසරේ චරිත අතරට මෙම සුනඛයා එක් කර තිබුණි. වරින් වර පවත්වන උද්ඝෝෂණවල කදුළු ගෑස් ප්‍රහාරයන්ට නොබියව මුහුණ දී ජනතාවට සහයෝගය දැක්වීම හේතුවෙන් ග්‍රීසියේ ජනතාව තුළ නොබද ආදරයට මෙම සුනඛයා පත්විය. කෙසේ නමුත් මෙම සුනඛයාගේ මරණයෙන් පසුව ඒ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සිදුකළ පශු වෛද්‍යවරු සදහන් කොට සිටියේ අධික ලෙස කදුළුගෑස් ප්‍රහාරයන්ට ලක්වීම හේතුවෙන් වූ ශාරිරික දුර්වලතා හේතුවෙන් ඌ මිය ගිය බවයි. මිය ගිය ලොවුකානිකොස් නගරයේ මධ්‍ය යේ ඇති වෘක්ෂයක් අසල භුමදානය කිරීමට ලොවුකානිකොස්ට ආදරය කළ පිරිස් කටයුතු කරනු ලැබීය. ජනතාවට පීඩාවන් දෙන පාලකයන්ට එරෙහිව සටන් වැදීම වෙනුවට දැන හෝ නොදැන ගුලිවී සීතලවන මිනිසුන්ට ලොවුකානිකොස් කදිම පණිවුඩයක් ලබාදෙන්නේය. එනම් ,සටන් කොට මිය යාම බල්ලෙකු ලෙස මිය යනවාට වඩා වීරයෙකු ලෙස මියයාමක්ය, යන්නය...
Posted on: Mon, 13 Oct 2014 21:04:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015