ජැනට් ෆීල්ඩ්, ජිවත් වුනේ - TopicsExpress



          

ජැනට් ෆීල්ඩ්, ජිවත් වුනේ රින්ග්ෆිල්ඩ්, හැම්ප්ෂයර් , UK වල, එය මැරිලා කියල පොලිස්සියෙන් හොයාගන්න කොට, එය ගෙදර කවිච්චිය උඩ දිගා වෙලා හිටියේ, එයාගේ පූසා එයාගේ ඇඟෙන් ලොකු කොටසක් කා දමලා. කවුරුත් දන්නේ නැහැ.මීට අවුරුදු හතකට කලින් හොයාගත්ත ජොඉස් කැරොල් වින්සෙන්ට්, එයත් කවිච්චියේ හිටියේ, හැබැයි හම්බ වුනේ එයාගේ අට සැකිල්ල විතරයි. heart attack එකකින් හදිස්සියේ මැරුණට, මැරිලා අවුරුදු තුනකට පස්සේ හොයාගන්නකන් කිසිම කෙනෙක් එයා ගැන හොයා බලලා නැහැ. කොටින්ම කිව්වොත් අවුරුදු තුනකට කලින් දාපු tv එකත් තාම වැඩ කරමින් තිබුනලු. ඔයා හදිස්සියේ අතුරුදහන් වුනොත් කොච්චර කල් යයිද කාට හරි ඒ බව දැනෙන්න? පෘතුවිය උඩ කී දෙනෙක් දන්නවද ඔයා ජිවත් වෙන බව ? ඔක්ලොහොමා නගරයේ federal ගොඩනැගිල්ලක් බෝම්බයකින් විනාශ වුනාම මිනිස්සු 168ක් මැරුණා. 168 මිනී හොයාගන්න පුළුවන් වුනා. එත් ඒ අළු ගොඩේ තව එක වම් කකුලක් හම්බ වුනා. එත් නැති වුන හැමෝගෙම සිරුරු වල දාලා ඉවරයි, කවුරුත් දන්නේ නැහැ ඒ කකුල කාගේද කියලා. DNA ටෙස්ට් වලින් හොයාගන්න පුළුවන් වුනා ඒ කකුල, වලලපු ලකැෂා ලෙවි ගේ කියලා. එයාගේ සිරුර ගොඩ ගත්තම, එයාව වල දාල තියෙන්නේ වෙන කෙනෙක්ගේ වම් කකුලක් එක්ක. වම කකුල් දෙක මාරු කළා කියමුකෝ, එත කොට ඒ 169 වැනි අනික් කකුල කාගේද? හ්ම්ම්...සමහරු කියනවා ඒ කකුල මේ බෝම්බය පුපුරවපු බෝම්බ කරුවාගේ වෙන්න ඇති කියල. එහෙම නැත්තම් පිපිරුන වෙලාවේ, එක කකුලක් විතරක් ඉතුරු වෙලා ශරීරයේ අනිත් ටික විනාස වෙන්න තරම් ගොඩනැගිල්ල ලඟින් හිටපු කෙනෙක් ගේ කියලා. ලංකාවෙත් මේ වගේ බෝම්බ පිපිරීම් ගොඩක් සිද්ද වුනා, පහුගිය යුද්ද කාලේදී...ඒ දවස් වල අතුරු දහන් වුන මිනිසුන්ගෙන් සමහර අය රණවිරුවෝ. ඇමරිකාව අපිට වඩා රහස් පරීක්ෂණය අතින් දියුණුයි. නැතිවෙලා කියල report වෙන ගොඩක් අය කාලෙකට පස්සේ හරි අපහු හම්බ වෙන හැඟීම්බර කතා නම් හැමෝම කියවලා ඇති. ඔන්න එක අවුරුදු 35ක් වයස, කැනරි දිවයිනේ inna ගැහැණු කෙනෙක් shopping ගියාලු. ඒ කඩේ හිටපු ගැහැණු කෙනෙක් කිව්වලු හානේ ඔයා මගේ හොඳම යෙහෙළිය වගේමයි කියලා. බලද්දී ඒ ගැහැණු කෙනාගේ යෙහෙළිය තමයි ඒ 35 හැවිරිදි ගැහැණු කෙනාගේ නිවුන් සොයුරිය. උපතේදීම දෙමවුපියෝ මාරු වෙලා. එයා හැදී වැඩුන සොයුරිය එයාට කිසිම නෑ කමක් නැති කෙනෙක්. මේ තරම් දියුණු තාක්ෂනය යටතේ ඇමරිකාවේ හැමදාම (කවදාවත් ආපහු හමු නොවෙන්න) මිනිසුන් 2000ක් අතුරු දහන වෙනවා. හැබැයි මේ බලන්න, ඒ අතුරුදහන් වෙච්ච මිනිස්සු කොහෙටද යන්නේ? ඔයා දැනටමත් අතුරු දහන් වෙලා නෑ කියලා ඔයා කොහොමද දන්නේ? මට සමහර වෙලාවට හිතෙනවා, අපි හැමෝම දැනටම අතුරුදහන් වෙච්ච අය කියලා. මෙහෙන් අතුරු දහන වෙන අය original මිනිස් ලෝකෙට යනවා ඇති. 2004 දෙසැම්බර් 26...කියනකොටම හිතේ මැවුනා නේද නිල් පාට මුහුදු රැල්ල. අපි කාටත් අමතක නොවන දවස. indian plate එකේ භූමිකම්පාවක් වුනා, එතනින් ඇරඹුණු විශාල tsunami රැලි රටවල් 14ක මිනිසුන් 230,000 බිලි ගත්තා. sumatra දිවයිනෙන් පටන් ගත්ත රැල්ල නිසා ලංකාවට සිදුවුණු හානිය සම්බන්දයෙන් ආණ්ඩුවෙන් නිකුත් කරපු දත්ත වල තියෙන්නේ මෙහෙමයි ..හඳුනාගත් මුළු ජිවිතක්ෂයට පත් සංක්යාව 31,229යි . අතුරුදහන් වූ සංක්යාව 4093යි. වෙනත් වාර්තා වල සඳහන් මුළු ජිවිතක්ෂයට පත්වූ සහ අතුරුදන් වූ සංක්යාව 38,940යි...දල වශයෙන් සියලු අවතැන් වූ පුද්ගල සංක්යාව මිලියන එකයි දශම පහයි. අතුරුදහන් වීම....කියන්නේ මේකයි. ගොඩක් දේශයන්ගේ අධිකරණයේ සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙක් අවුරුදු 5-7 ක් තිස්සේ කිසිම හෝඩුවාවක් නැතුව අතුරු දහන වී සිටි නම්..එයා තවදුරටත් ජිවත් වෙනවා කියල සලකන්න බැහැ. එයා මැරිලා, එහෙමත් නැත්තනම් DIA - Dead In Absentia මොන්ටේ ක්‍රිස්ටෝ කියවල තියෙනවා නේද?එයා ඕනෑකමින් අතුරුදහන් වුනා. එහෙම කරන්නත් පලුවන්, ලෝකේ හරිම ලොකුයි. ඕනේ තරම් සල්ලි තියෙනවා නම් ජිවිතේ මුල ඉඳල පටන් ගන්න අවස්ථාවක් ඒක . හැබැයි එයා කරපු අතුරු දහන වීමට එයාට දඬුවම් ලැබුනා. හැම දේම කළු සුදු කාලෙනේ? දැනුත් අතුරුදහන් වීම වරදක් ද? නැහැ ඕනෙම කෙනෙකුට කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් වෙලා ලෝකේ වෙන තැනක ඉඳල වෙන කෙනෙක් හැටියට ජිවත් වෙන්න පුළුවන් . නීතියෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.ඔයාට අතුරුදහන් වෙන්න ඕනෙනම්, බර්ම්යුඩා ත්‍රිකෝණය , බිගේලොව් රාන්ච්, සවුත් අත්ලාන්තික් අනොමාලි, වගේ තැන වලට යන්න පුළුවන්, හැබැයි ජිවිතේ ගැන නම් වග කියන්ඩ බැහැ ඔන්න. මොකද ඒ තැන වලට ගිය කිසි කෙනෙක් අපහු අවේ නැහැනේ . නමුත් කෙනෙක් හිටි තැනින් අතුරුදන් වෙලා යහතින් වෙන තැනක ඉන්නවනම්? ප්‍රංශ count කෙනෙක් මතක් කළා විතරනේ, දැන් ප්‍රංශ astronomer කෙනෙක් ගැන බලමු. නම ගෙයෝම් ලුජෝන්ටි . 18 වැනි සියවසේ venus transit එක වෙලාවේ එකසිය ගානට විද්‍යාඥයෝ ලෝකේ කොන් හතරටම ගියා එක බලාගන්න. මේ මනුස්සයට තේරුණා මේ දර්ශනයෙන් අපිට හරියටම හිරු සහ පෘතුවිය අතර දුර ගණනය කල හැකි බව. 1760දී ඔහු ප්‍රංශයේ ඉඳලා ඉන්දියාවේ පොන්ඩිචෙරි වලට ආවා, කුණාටුවක් නිසා මුහුදු ගමන පරක්කු වුනා. එයා එනකොට ඉංග්‍රීසින් ප්‍රංශ අයගෙන් ඉන්දියාව අල්ලාගෙන. පන බේරගන්න ඕනේ නිසා transit එක දවස බෝට්ටුවක ගත කරන්න වුනා. ඒ කාලේ මොන satelite ද? මුහුද රළු නිසා වැඩේ කරගන්න බැරි වුනා. එත් එයා දන්නවා තව අවුරුදු 8 කින් ඊළඟ transit එක වෙනවා. ඉතින් එයා එතනම ඉඳල observatory එකක් හෙම හදාගෙන, අවුරුදු 11ක් හිටියා. ආපහු ප්‍රංශයට එනකොට, එයා මැරිලා කියල දැනුම් දීලා, එයාගේ බිරිඳ ආපහු කසාද බැඳලා. එයාගේ ඉඩ කඩම් ටික ඔක්කොම වෙන අයට පවරලා. ප්‍රංශ රාජකීය විද්‍යා ඇකඩමියේ එයාට තිබ්බ තනතුරත් වෙන කෙනෙකුට දීලා. අනික එයා කවදාවත් transit එක දැක්කේ නැහැ. දෙවෙනි වතාවේ අහස කළු කරලා තිබුනේ. හ්ම්ම්...2012 තුන් වෙනි වතාවට මේක වුනා. NASA වෙබ් අඩවියේ SDO එකෙන් ගත්ත video පටයක් තියෙනවා බලන්න ඕනේ අයට. එක විදිහක අතරමන් වීමක් නේද? අතරමන් වීම් අතරින් හොඳම එක තමා ලෝක ප්‍රසිද්ද Albert Einstein ගේ අන්තිම වචන ටික. මැරෙන මොහොතේ එයා කතා කලේ ජර්මන් වලින්, ඉංග්‍රීසි හෙදියකට. ඒ දෙන්නා භාෂාවෙන් අතරමන් වුනා. අන්තිම වචන? අපේ පලවෙනි වචන මොනවද? පෘතුවියේ පලවෙනි වචන. අපිට radio තාක්ෂණයෙන් තරංග නිකුත් කරලා පණිවිඩ යවන්න පුළුවන්. එත් සමහර විට ඒ තරංග පෘතුවියේ වායු ගෝලයෙන් පිටත් වෙලා ආලෝකයේ වේගයෙන් විශ්වයේ ගමන් කරනවා. ඒ කියන්නේ අපේ radio වලට අඟහරු ලෝකෙන් එන තරඟත් අල්ල ගන්න පුලුවන්ද? සමාවෙන්න, මන් දවසක් wireless එකත් අරන් වහලට නැගලා පැය ගානක් හිටියා. වැඩේ හරි යන් නැහැ. නමුත් පුළුවන් නම් the children who chase lost voices කියන ජපන් කාටූන් චිත්‍රපටිය බලන්න..දැනට තියෙන වාර්තා අනුව පළවෙනියෙන්ම ආලෝක වර්ෂ 50ක් ඈත ඉඳල අල්ලගන්න පුළුවන්, පෘතුවියෙන් නිකුත් වුනු බලවත්ම radio තරඟය Hitler 1936 olympic උළලේදී පැවැත්වූ කතාවක්. අපි මෙහෙ ඉන්නවා! කියලා විශ්වය දැන ගත්ත පලවෙනි වතාව. නමුත් ඊට පස්සේ ඊට බලවත් රේඩියෝ තරංග නිකුත් වුනා. අපි හඳ උඩත් ඉඳල කතා කරානේ. අපි ජිවත් වෙන්නේ පෘතුවියේ. තමන් කවුද කියල තීරණය වෙන්නේ තමන් කොයි තරම් ඉපදුන දවසේ ඉඳන් සමාජය එක්ක ගැටුනද කියන එකත් එක්ක. banksy කියන කතුවරයා එයාගේ පොතක මෙහෙම කියනවා. අපි හැමෝම දෙපාරක් මැරෙනවා. එක වතාවක් අපේ ආයුෂ ඉවර වුනාම. අනික් වතාව ඊට කාලෙකට පස්සේ මිනිස් ඉතිහාසයේ යම් කෙනෙක් ඔබගේ නම අන්තිම වතාවට කියන කොට ඉතින් කොයි තරම් දුරට ඔබ මනුශ්වයෙක් වශයෙන් ඔබ ජීවත්වුණා බවට සාධක ඉතුරු කරලා තියෙනවද? මේ විශ්වයේ ඔබගේ තැන මොකක්ද? මයිකල් ජැක්සන් වගේ අය සදා අමරණීයයි කියන්නේ එයා ජිවතුන් අතරින් ගියත්, තාම එයා අර දෙවෙනි වතාවට මරුනේ නැති නිසා. අතුරුදහන් වෙන්න බැහැ කවුරුත් ඔයාව දන්නේ නැත්නම්. නමුත් මේ විශ්වය පුදුමාකාරයි, අපි හැමෝම ජිවත් වෙන්නේ ඉතිහාසයේ විතරයි. මොකද අනාගතයේ සිදුවන දේවල් වලින් අපිට දැන්ම කියන්න පුලවන් බොහොම පොඩ්ඩයි. ඉතින් ඔයා කවුරු වුනත්, ඔය ජිවත් වෙන එක ගැන මට සතුටුයි. විශ්වයේ යම් තැනක ඔබ ඉන්න බව අමතක කරන්න එපා. - Chameli Karunathilake :)
Posted on: Wed, 03 Sep 2014 21:02:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015