නිශාන්ත තමන්ට රිසි සේ - TopicsExpress



          

නිශාන්ත තමන්ට රිසි සේ ක්‍රිකට් කඩේ වැඩ!!!!!!!!!. ඉන්දීය ක්‍රිකට් සංචාරය සාධාරණීය කරණය කරමින් ඊයේ (20) මාධ්‍යවෙත නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයාගේ තනිමතයට යවන ලද්දක් බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. වත්මන් සභාපති ජයන්ත ධර්මදාස මහතාගෙන් මේ සම්බන්ධයෙන් කිසිදු විමසීමක් සිදු කර නොමැති බවද පැවසේ. නිශාන්තට කීකරු නිලධාරීන් දෙදෙනෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් හි සංනිවේදන අංශ ප්‍රධානී වජිර දසනායක හා ක්‍රිකට් මාධ්‍ය කළමනාකාරු රජිත් ප්‍රනාන්දු ලවා අදාල මාධ්‍ය නිවේදනය සකස්කර නිකුත් කර ඇති බව වාර්තා වේ. ඔහු අදාල නිවේදනය නිකුත් කරවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙකු නිශාන්ත විසින් හදිස්සියේ ශ්‍රී ලංකා පිල ඉන්දීය සංචාරයකට එක් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විවේචනය කරමින් සිටියදී බවද පැවසේ. එම නිවේදනය මගින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කළේ සංචාරය සඳහා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය වෙත එකඟත්වය පළ කිරීමට පෙර අදාළ පාර්ශවයන්ගෙන් අදහස් විමසූ බවයි. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංග, ඉන්දීය සංචාරය පිළිබදව තේරීම් කමිටු ප‍්‍රධානී සනත් ජයසූරිය, පුහුණු කාර්ය මණ්ඩලය සහ ජාතික කණ්ඩායමේ කළමනාකාරීත්වය සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළ බවද එම නිවේදනයේ දැක්වේ. විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට කාලයක් නොතිබූ හෙයින් එහි සියලූ සාමාජිකයන්ට ඊමේල් පණිවුඩ මගින් සංචාරය පිළිබදව දැනුම් දුන් අතර ඔවුන්ගෙන් ඊට විරුද්ධත්වයක් පළ නොවූ බද එහි දක්වා ඇත. Sri Lanka tour of India 2014: Emphasize on procedure undertaken Media Release Sri Lanka Cricket wishes to emphasize the procedure undertaken prior to confirming the upcoming tour to India by the Sri Lankan National team which comprises of 5 ODI’s. SLC prior to making the decision to confirm the tour with the BCCI, through it’s Secretary Mr. Nishantha Ranatunga had discussions with the National selection committee headed by Hon. Sanath Jayasuriya, the Coaching Staff and the Management of the National Team and after receiving the concurrence of all concerned took this important decision. The President of SLC Mr. Jayantha Dharmadasa and the Office Bearers of SLC were at all times briefed on the developments and gave their blessings and consent to the Secretary Mr. Nishantha Ranatunga to confirm the tour since it was a matter of urgency. An emergency ExCo meeting was to be held to discuss the invitation but since time was critical it was decided by the President and the office bearers to keep the ExCo members informed and confirm the tour without delay. An email was sent to all ExCo members of SLC highlighting all of the above and requesting their views on the matter and no objections were received pertaining to the above decision taken by the office bearers. Therefore SLC wishes to reiterate that this decision was a collective decision of the Exco and was taken in the best interest of the game SLC believes that this tour will be a good opportunity for the fringe players to show their talent to be in the reckoning for the upcoming World Cup. Initially the Invitation to tour India was from the last week of October 2014. However, due to the required preparation undertaken by the national team, It was agreed by both BCCI & SLC to begin the tour from 1st of November 2014. All Sri Lankan cricket fans will remember how India & Pakistan toured Sri Lanka to show their solidarity when Australia & West indies refused to play in Sri Lanka in the 1996 Wills World Cup.
Posted on: Tue, 21 Oct 2014 06:29:38 +0000

Recently Viewed Topics




© 2015