මේ දරුවෝ ඉන්නේ - TopicsExpress



          

මේ දරුවෝ ඉන්නේ වව්නියාව, බෝගස්වැව 2 කියන ගම්මානයේ. පවුලේ දියණියෝ තිදෙනෙක් සහ පුතෙක් ඉන්නවා. පුතාගේ වයස අවුරුදු 18යි. ඔහු කුරුණෑගල කඩේක රැකියාව කරලා තමයි මේ 4 දෙනාව ජීවත් කරවන්නේ. මේ ගමේ සිංහල පවුල් 600ක් පමණ ඉන්නවා. රජය විසින් පුද්ගලයින් නැවත පදිංචි කිරීම වැඩසටහන යටතේ මේ ගණ වනාන්තරයක් මැද්දේ මේ පවුලට ඉඩමක් ලබාදීලා තියෙනවා. හැමෝටම ඉඩමක් ලැබෙන අතර ඉන්පසු ඔවුන්ට ඉන්න පැල්පතක් ඔවුන්ම අටවා ගන්න ඕන. අනික් හැම ගෙයක්මත් මේ වගේමයි. ෆේස්බුක් එකේ මිතුරන්ගේ උදව්වෙන් අපි මේ පවුලට සති කිහිපයකට සෑහෙන්න එදිනෙදා පරිහරණයට අවශ්‍ය රු.3000ක් පමණ වටිනා බඩු මල්ලක්ද, මේ දරුවන් තිදෙනාටම පාසලට අවශ්‍ය බෑග්, සපත්තු ඇතුළු හැම දෙයක්ම ලබාදුන්නා. අපි කොළඹින් පිටත් වුනේ සිකුරාදා රාත‍්‍රී 10ට. පාන්දර 4.30ට වවුනියාවට ලගාවුණා. අපි ගාව බෑග් 4ක් පමණ තිබුණ නිසා අපි හිතුවා ගමට යන්න බස් එකේ නැතු ත‍්‍රී වීලර් එකක් ගත්තනම් හරි කියලා. ඒත් ත‍්‍රී වීලර් එකකින් ඇහුවහම කීවා ඒ ගමට කිසිම පිට වාහනයකට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. ඒත් එක්කම සිංහල අයට විතරයි යන්න දෙන්නේ කියලා. හමුදා ආරක්‍ෂාව යටතේ තියෙන ගම්මානයක්. ඊට පස්සේ අපි බෝගස්වැව බස් එකේ නැග්ගා. කිලෝමීටර් 38ක් යන්න තිබ්බා. ගමට ඇතුල් වෙන්න දුන්නේ හැමෝගෙම හැඳුනුම්පත් හමුදාව විසින් පරීක්‍ෂා කරලා. උදෑසන 6.30ට අපි අපට මේ පවුල ගැන විස්තර කීව අපේ සමාජසත්කාර වව්නියාව ප‍්‍රාදේශීය වාර්තාකරු විදිහට ඉන්න සඳුන් මල්ලීගේ ගෙදරට ගියා. ඔයාලා දන්නවනේ අසනීපෙන් ඉන්න අතරේ මම මේ ගමන ආවේ කියලා. උදේ වරුවේ මේ ගෙදරට යන්න සිතුවත් සවස 2 පමණ වෙනකම් මම විවේක ගත්තා. ඉන්පසු බොහොම අමාරුවෙන් තමයි මේ දරුවන් බලන්න ගියේ. මේ දරුවෝ විඩෙන් විඩේ සඳුන් මල්ලිලගේ ගෙදරට ඇවිත් අපි එන්නේ නැතිද කියලා ඇහුවලු. එයාලා උදේ 7 ඉඳන් ලෑස්තිවෙලා. ගොඩක් දුක හිතුනා. පුංචිම දූ එයාට තියෙන ලස්සනම, හොඳම ඇඳුම ඇඳගෙන හිටියේ. ඒකත් සතියකට කලින් කවුද දුන්න එකක්. මේ වගේ දේවල් දකිනකොට පපුව රිදෙනවා. අපි සල්ලි කොච්චර නාස්ති කරනවද, රටේ කොච්චර සල්ලි නාස්ති වෙනවද? මිනිස්සු කොච්චර දුක් විඳිනවද? කවුද මේවට වගකියන්න ඕන? මේවට උත්තර මාලග නැහැ. ඒකයි මම හැකි විදිහට හිකේ හයියෙන්, ගතේ මහන්සිය, අපහසුතාවය අමතක කරලා මේ ගමන ආවේ. දරුවෝ 3 දෙනා ගොඩක් සතුටු වුණා. ඒ අම්මත් ගොඩක් පිං දුන්නා උදව් කල හැමෝටම. මේ පවුල්ට උදව් කරන්න මට සහය වුණ හැමෝටම පිං. මං අසනීප වුණත් ඔයාලගේ බලාපොරොත්තු කඩ කලේ නැහැ. Join the Project : https://facebook/events/1382301325405507/ An Idea By Danesh Maduranga Edirisooriya [Who is Danesh? Explore more :goo.gl/UDsSpO] [Want to be a friend of him? Add :https://facebook/Daneshmaduranga] ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි... Visit : samajasathkara.lk/ A Project of B.H. Edirisooriya Community Service Foundation [https://facebook/B.H.EdirisooriyaFoundation
Posted on: Mon, 05 Jan 2015 09:45:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015