රටේ අනාගතය තීරණය කරන - TopicsExpress



          

රටේ අනාගතය තීරණය කරන දේශගුණික විපර්යාස මානව සංහතියේ සමාජ ආර්ථික ක්‍රමය අද වන විට ඉතාමත් සංකීර්ණ අවධියකට පැමිණ ඇත. වෙළෙඳපොළ ආර්ථිකයේ අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා වූ සොබාදහමේ වටිනාකම් සූරා කෑමේ ක්‍රියාවලිය වඩාත් තීව්‍රර වූයේ මිනිසාගේ තාක්‍ෂණික චින්තනයේ දියුණුවත් සමගයි. පෘථිවියේ නාගරික ජනයාගේ පමණක්‌ නොව, ඈත පිටිසර ගම්මානවල ජනයාගේත් ස්‌වභාවධර්මයේත් වටිනාකම් ශීඝ්‍රයෙන් අව භාවිතයට පත් වූයේ මිනිසා විසින් සාදන ලද තාක්‌ෂණිකාවරණය මගිනි. තාක්‌ෂණිකාවරණය ස්‌වභාවික පරිසරාවරණය සමග අද්‍යතන ව යුද වැදී සිටී. ආර්ථික බලවතුන්ගේ සහ ආත්මාර්ථකාමී දේශපාලන බලවතුන්ගේ අවශ්‍යතා 21 වන සියවස වන විට අතිශය රුදුරු මුහුණුවරක්‌ ගෙන ඇත. උක්‌ත බලවතුන්ගේ තාක්‌ෂණික යුද්ධය ඉතා තීරණාත්මකව බලපා ඇත්තේ පෘථිවියේ දේශගුණික චක්‍රයටය. දේශගුණ විපර්යාස විසින් මානව සංහතියට එල්ල කර ඇති නොයෙක්‌ විධ මාරාන්තික තර්ජන ජාලයට මුහුණ දීම සඳහා ගෝලීය ආර්ථිකයෙන් (Global Economy) අති විශාල මුදල් ප්‍රමාණයක්‌ වියදම් කිරීමට සිදුවී තිබෙන බව නොබෙල් ත්‍යාග ලාභී ඇමරිකානු ආර්ථික විද්‍යාඥ ජෝසේෆa ස්‌ටිග්ලිට්‌ස්‌, (Joseph Stiglitz) විසින් විස්‌තර කර ඇත. පෘතුවිය උණුසුම් වීම, (Global warming), පෘථිවිය සිසිල් වීම (Global Cooling), පෘතුවිය අඳුරුවීම (Global Dimming) යන කරුණු ත්‍රිත්වයේ අනිටු බලපෑම් අවම කරලීම සඳහා ගෝලීය ආර්ථිකයේ අති විශාල කොටසක්‌ වාර්ෂිකව වැය කිරීමට සිදුවී තිබීම ගෝලීය පොදු ජනතාවගේ දියුණුවට බලවත් අභියෝගයක්‌ වී ඇත. එම නිසා ගෝලය සිසාරා ජීවත් වන අඩු ආදායම් ලාභී ජනයාගේ සුබසාධනය අකර්මන්‍ය වී ඇත. උක්‌ත පෘථිවිය උණුසුම්වීම - සිසිල් වීම - අඳුරුවීම යන කරුණු නියාමනය සඳහා වැය වන මුදල් වලින් 1% ක්‌ ගෝලය සිසාරා ජීවත් වන අඩු ආදායම්ලාභීන්ගේ සුබසාධනය සඳහා යෙදවුවහොත් ඔවුන්ගේ ජීවිත යහපත් කිරීමට හැකි වනු ඇති බව ගෝලීය මානව සුබසාධන සංසදයේ (Global Humanitarian Forum) අදහසයි. නමුත් ගෝලය සිසාරා ජීවත් වන සහෝදර මානවයන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකිරීමට නොහැකි වී ඇත්තේ පෘථිවි මානව සංහතියට තමන් ජීවත් වන පෘථිවි ගෝලය වටා වායුගෝලයක්‌ (Atmosphere) පිහිටා තිබෙන බවත් එම නිසාම සියලුම සත්ත්වයන්ට ජීවය ලැබී තිබෙන බවත් යන කාරණය බොහෝ මිනිසුන්ට අමතක වී ඇති හෙයිනි. වායුගෝලය නමැති ඒ අද්විතීය චමත්කාරජනක ක්‍රියාවලියෙහි ඇති විස්‌මය දනවන ස්‌වභාවය ගැන සලකා බලන විට වායුගෝලය යන යෙදුම ඊට භාවිත කරලීම සැබැවින්ම අවතක්‌සේරුවකි. වායුගෝලය විස්‌තර කිරීමට වඩාත් යෝග්‍ය හා සරල යෙදුම මහා ගගන සාගරය බව චාල්ස්‌ ඩාවින් (Charles Robert Darwin, 1809 - 1882) සමග පරිණාමවාදය එළිදැක්‌වූ ඇල්ප්‍රඩ් රසල් වොල්ස්‌ (Alfred Russel Wallace 1923-1913) 1903 දී ප්‍රකාශ කර ඇත. වායුගෝලය නිතැතින්ම විස්‌මයජනක වන අතර එය සියලු ප්‍රාණීන්ට ජීවන හුස්‌ම ලබාදෙන අතර ජීව අජීව වස්‌තූන් අතර අෙන්‍යාaන්‍ය සම්බන්ධය ද පවත්වා ගෙන යැමට ද උපකාරි වේ. මිනිසා ජීවත් වන පෘථිවි ගෝලය බිහි වී ගත වූ වසර බිලියන හතරහමාර සිසාරාම මහ පොළොවේ උෂ්ණත්වය විධිමත් ලෙස හසුරුවා ගැනීමට උක්‌ත වායුගෝලය නොහොත් මහා ගගන සාගරය සමත්ව තිබීම තවදුරටත් සමස්‌ත සකල ලෝ සතුන්ට වාසනාව ගෙන දෙන්නකි. එහෙත් පෘථිවි චිපිට ගෝලය බිහිවී වසර බිලියන 2.2 අතර කාලයේදී පවා පෘථිවි වායුගෝලය, මිනිසා වැනි සංකීර්ණ සත්ත්වයන්ට කිසිසේත්ම නොගැළපෙන මරණීය අනතුරුදායක වාතාවරණයක්‌ සහිත පරිසරයකින් සමන්විත ව තිබී ඇත. උක්‌ත කාල වකවානුවේදී පෘථිවි චිපිට ගෝලයේ ජීවත් වූ සත්ත්ව ප්‍රජාව බැක්‌ටීරියා වැනි ඒක ශෛලික ක්‍ෂුද්‍ර ප්‍රාණීන්ටත් ඇල්ගී වැනි ප්‍රථමික ශාකවලටත් සීමා වී තිබී ඇත. ඉන් අනතුරුව මෙයින් මිලියන 600 කට පමණ පෙර සිට වායුගෝලයේ ඔක්‌සිජන් ප්‍රතිශතය ප්‍රමාණවත් ලෙස වර්ධනය වීම ආරම්භ විය. ඒ සමග වඩා සංකීර්ණ වූත් පියවි ඇසින් දර්ශනය කළ හැකි ප්‍රමාණයට විශාල වූත් බහු ශෛලික සත්ත්වයන් පෘථිවිය සිය නිජබිම කරගනුයේ පෘථිවියේ දේශගුණය බරපතළ ලෙස වෙනස්‌ කළ දැවැන්ත අයිස්‌ සමය (Ice Age) 04 ක්‌ අතරතුරේදීය. වසර 354 සිට 290 දක්‌වා කාලයේ දී කාබොනිෆරස්‌ හෙවත් අංගාරධර අවධිය (Carboniferous Period) නමින් හැඳින්වෙන අවධියේදී, අද්‍යතනව මිනිස්‌ සංහතියම බලශක්‌තිය සඳහා බෙහෙවින් පරිශීලනය කරන ගල් අඟුරු නිධීන්ට හේතුකාරක වූ ප්‍රාථමික වන ගහනයන් පෘථිවිය සිසාරා පැතිරී ඇත්තේ ප්‍රථම වරටය. ඉන් ඉක්‌බිතිව ගල් අඟුරු ලෙසින් සංගත වූ කාබන් ප්‍රමාණය ඉන් පෙර දී වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් වශයෙන් සංසරණය වූ බැවින් ප්‍රාථමික වන ගහනයෙන් අනිවාර්යයෙන්ම පෘථිවි කාබන් චක්‍රයේ සංයුතිය කෙරෙහි තීව්‍රර බලපාන්නට ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත. සකල විධ සත්ත්ව වර්ගවල විකාශයද පෘථිවියේ කාබන් චක්‍රය කෙරෙහි සැලකිය යුතු ලෙස බලපාන ලදී. උදා- වසර මිලියන 55 කට පමණ පෙර සිට සුවිශාල කොරල්පර බිහිවන්නට පටන් ගත් විට වායුගෝලයේ පැවැති කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයෙන් අති මහත් කොටසක්‌ ඒ මගින් අවශෝෂණය කරගෙන ඇත. ඒ වන විට පෘථිවි ගෝලයේ ඇති වී තිබූ සාගර හා සමුද්‍ර ජාලය විසින් කාබන් අවශෝෂණය තව දුරටත් ඉහළ යැම හේතුවෙන් එකල පෘථිවියේ සිසිලද ඉහළ ගොස්‌ ඇත. ඉංග්‍රීසි ජාතික දේවධර්මවාදියකු, දේශපාලන චින්තකයකු, අධ්‍යාපනඥයකු, දාර්ශනිකයකු වූ ජොසෙප් ප්‍රිරිස්‌ට්‌ලි ඇතුළු තවත් විද්‍යාඥයන් දෙදෙනකු විසින් කාබන් චක්‍ර ක්‍රියාවලිය සොයා ගන්නා ලදී. වායුගෝලය සංයුතියෙන් 78% ක්‌ පිරී තිබෙනුයේ නයිට්‍රජන් (Nitrogen) වායුවයි. ඊට අතිරේකව 20.8% ක්‌ ඔක්‌සිජන් (Oxygen) වායුවද, ආර්ගන් (Argon) වායුව 0.9% ක්‌ද ඊට ඇතුළත්ය. අප ආශ්වාස කරන වාතයෙන් 99.95% කම සමන්විත වන්නේ උක්‌ත වායු ත්‍රිත්වයෙනි. වායු ගෝලයේ ජල ධාරිතා සඛ්‍යතාව තීරණය කරනු ලබන්නේ වායු ගෝලීය උෂ්ණත්වය මගිනි. වායුගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්‌ 25 වන විට අප ආශ්වාස කරන වාතයෙන් 3% ක්‌ ජල වාෂ්පයෙන් සමන්විත වේ. අපේ ප්‍රස්‌තුතය වන දේශගුණ විපර්යාසයට වඩාත්ම වැදගත් වන්නේ වායුගෝලයේ කුඩාම සංයුතිය වන ඉතිරි වායුය. ප්‍රමාණාත්මක වශයෙන් සැලකුවහොත් කාබන් ඩයොක්‌සයිඩ්ද ඇතුළුව උක්‌ත වායු සියල්ල වායුගෝලයේ සමස්‌ත සංයුතියෙන් 1% කිනුත් 20 පංගුවකට වැඩි නොවේ. මිනිසාගේ ආශ්වාසයට සුදුසු වාතය වුවද පොළෝ තලයේ සෑම අඟලකම එක සමානව නොමැති බව අපි දනිමු. පෘථිවියේ උසම ස්‌ථාන තරණය කරන්නන් ආශ්වාසය සඳහා ඔක්‌සිජන් රැගෙන යැම ඊට හේතුවයි. පියවි ඇසින් බැලූවිට වායුගෝලයේ දැවැන්ත බවක්‌ පෙනුනද වායුගෝලයේ ඇති සමස්‌ත වායු ප්‍රමාණය ඝණීභවනය කොට ද්‍රව බවට පත්කළ හොත් එහි ප්‍රමාණය සාගර ජලස්‌කන්දයෙන් පන්සියයකින් එක කොටසකට වඩා වැඩි නොවේ. වායුගෝලයේ මේ නිසඟ ලක්‍ෂණ නිසා එහි ඇති වාතය දූෂණය වීම, ඕසෝන් සිදුර (Ozone Hole) අම්ල වර්ෂා (Acid Rain) සහ දේශගුණ විපර්යාසය - වැනි මානව වර්ගයා මුහුණ දෙන බරපතළම පරිසර ගැටලුවලට හේතුවී තිබේ. වායුගෝලය බෙහෙවින් ක්‍රියාශීලීය. ඔබ ප්‍රශ්වාස කළ වාතය වායුගෝලය තුළ සැණෙන් බොහෝ දුර කතර ගෙවනු ඇත. පෙර සතියක ඔබේ හුස්‌මෙන් පිටවූ කාබන් ඩයොක්‌සයිඩ් මේ වන විටත් දුරු රටක ගහකොළ වලට හෝ සීතල සාගරයක ජීවත්වන ප්ලවාංග යනුවෙන් හැඳින්වෙන ක්‌ෂුද්‍ර ප්ලැන්ක්‌ටනයන්ට (Plankton) ආහාර වී හමාරය. ඔබ මේ මොහොතේ ප්‍රශ්වාස කළ වාතය ඉදිරි මාස දෙකක්‌ ඇතුළතදී සමස්‌ත පෘථිවි ගෝලය වටාම සංසරණය කරවීමට තරම් වායුගෝලය සක්‍රීයය. එකම කාල පරාසයකදී වායුගෝලයේ ඇතිවන වෙනස්‌කම් විවිධ ප්‍රදේශවලට එකිනෙකට වෙනස්‌ ප්‍රතිඵල අත්කරවන සුළුය. මොහොතකින් එකිනෙකට වෙනස්‌ දේශගුණික ස්‌ථාවරයකින් තවත් දේශගුණික තත්ත්වයකට මාරුවීමට වායු ගෝලයට හැකියාව ඇත. වායු ගෝලය සතු උක්‌ත හැකියාව නිසා සුළි සුළං, නියඟ, ගංවතුර හෝ සුළං ප්‍රවාහ විවිධ පළාත්වල එකම විටකදී හෝ මාරුවෙන් මාරුවට හෝ ඇතිවිය හැකිය. වායුගෝලයේ ඉතාමත් වැදගත් ක්‍රියාවලියක්‌ වනුයේ බොහෝ විකිරණ ශක්‌තීන් (Radiatve Energy) මහ පොළොව මත පතිත වන්නේ දිවා කාලයේ අපගේ පියවි ඇසට පෙනෙන සූර්යාලෝකය මගින් පමණක්‌ වීමයි. එහෙත් දිවා ආලෝකය යනු සූර්යාගෙන් අප වෙත නිකුත් කරන විශාල කිරණ පරාසයකින් කුඩා ප්‍රමාණයකි. වායුගෝලයේ ඇති හරිතාගාර වායු මගින් ඉහත කී කිරණ පරාසයෙන් වඩා වැඩි කදම්බයන්ගෙන් යුතු කිරණ අප කරා විකිරණය වීම වළක්‌වනු ලබයි. මේ ක්‍රියාවලියේදී හරිතාගාර වායු අස්‌ථායි බවට පත්වන අතර කලින් ඇද හිරකරගත් රශ්මිය එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් නැවත මුදා හැරේ. මෙසේ මුදාහරින රශ්මියෙන් කොටසක්‌ නිතැතින්ම මහ පොළොව දෙසට පතිත වේ. කාබන් ඩයොක්‌සයිඩ් ද ඇතුළුව වායු ගෝලයේ ඇති සියලුම හරිතාගාර වායු ප්‍රමාණාත්මික වශයෙන් අල්ප නමුත් ඉහත කී හේතුව නිසා ඒ වායු මගින් දේශගුණය කෙරෙහි ඇති කරන බලපෑම අතිමහත්ය. හරිතාගාර වායුන්ගේ සංයුතිය කොතෙක්‌ දුරට වායුගෝලයේ උෂ්ණත්වය කෙරෙහි බලපාන්නේ දැයි යන කාරණය අප අවට ඇති ග්‍රහලෝක පිළිබඳ විමසා බැලීමෙන්ද වටහා ගත හැකිය. උදා - සිකුරු හෙවත් වීනස්‌ තාරකාවේ වායුගෝලයෙන් 98% ක්‌ම කාබන් ඩයොක්‌සයිඩ් වලින් සමන්විත වන අතර එම හේතුව නිසා වීනස්‌ තාරකාවේ පෘෂ්ඨිය මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්‌ 477 කි. මෙය පාන් සුළුස්‌සන පෝරණුවක ඇති සාමාන්‍යය උෂ්ණත්වය මෙන් 03 ගුණයකට කිට්‌ටුය. වාතයේ ඇති මුළුÊකාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අපේ වායුගෝලයේ සමස්‌ත සංයුතියෙන් 1% ක්‌ දක්‌වා වැඩිවුවහොත් එම හේතුව නිසා පෘථිවිය මතුපිට උණුසුම ජලය නටන තාපාංකය වන සෙන්ටිග්‍රේට්‌ අංශක 100 දක්‌වා ඉහළ නගිනු ඇත. කාබන්ඩයොක්‌සයිඩ් හා ජල වාෂ්ප වායුගෝලයේ අන්තර් ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් කරුණකි. කාබන් ඩයොක්‌සයිඩ් සංයුතිය මදකින් ඉහළ ගිය විට වායුගෝලයේ උණුසුමද මදකින් ඉහළ යයි. එවිට උණුසුමට සාපේක්‍ෂව වායුගෝලයේ ජල වාෂ්ප ධාරිතාවද ආර්ද්‍රතාවද ඉහළ යනු ඇත. මෙම ක්‍රියාවලිය තවදුරටත් උණුසුම තීව්‍රර වීමට බලපායි. එම නිසා වායුගෝලයේ ඇති කාබන් ඩයොක්‌සයිඩ් සංයුතිය නිසැක වශයෙන්ම අපේ දේශගුණය උඩු යටිකුරු කරන යතුර වශයෙන් සැලකිය හැකිය. ලක්‍ෂ සංඛ්‍යාත ශාක, සත්ත්ව ජීවීන් දිරාපත් වී පොළොවට ජීර්ණය වන විට නිකුත් වන කාබන් ඩයොක්‌සයිඩ්වලට අතිරේකව විශේෂයෙන්ම කාර්මික යුගය ආරම්භයේ සිට පසුගිය දශක ගණනාව තුළ අප විසින් එදිනෙදා දවාලූ ඉමහත් කාබනික බල ශක්‌ති ප්‍රමාණය වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය කෙරෙහි ඉතා අනතුරුදායක ලෙස බලපා ඇත. වායුගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය දේශගුණය කෙරෙහි ඉමහත් ලෙස බලපාන බව මුල් වරට දැනගත් විට බොහෝ විද්‍යාඥයෝ මවිතය පළ කළහ. මන්ද වායුගෝලයේ සමස්‌ත සංයුතියෙන් ඉතා අල්පයක්‌ වූ කාබන්ඩයොක්‌සයිඩ් මුළුÊමහත් පෘථිවියේ පරිසර පද්ධතියට තීරණාත්මක ලෙස බලපාන්නේ කෙසේදැයි වටහා ගැනීම මුලදී ගැටලු සහගත වූ බැවිනි. එහෙත් ප්‍රබල හරිතාගාර විපාක කාරකයන් වන ජල වාෂ්ප කෙරෙහි වේගවත් උත්තේජනයක්‌ ලෙස කාබන් ඩයොක්‌සයිඩ් ක්‍රියාකරන බව වටහා ගත් විට විද්‍යාඥයන්ට සියල්ල සක්‌සුදක්‌සේ පැහැදිලි වන්නට විය. නමුත් තවමත් මිනිසාගේ නොයෙක්‌ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට මුදාහරින කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අවම වී නැත. එම නිසා පෘතුවියේ ජීවත් වන මිනිසුන් 15 දෙනකුගෙන් එක්‌ අයකු දේශගුණ තර්ජන හේතුවෙන් අනාථ වීම එසේ නැතහොත් දේශගුණික සරණාගතයන් (Climate Refugees = Environmental Migrant) වීම තවදුරටත් ක්‍රියාත්මකය. පෘථිවිය පීඩාවට පත් කෙරෙන සෞඛ්‍ය තර්ජන යන අදහස ගෙන දෙන වාර්තාවේ සඳහන් වනුයේ ගෝලය සිසාරා බොහෝ රාජ්‍යයන්වල අවිධිමත් සංවර්ධනයේ බලපෑමෙන් වායුවේ ගුණාත්මක තත්ත්වය පිරිහීම නිසා ලොව පුරා මියයන මිනිසුන් ප්‍රමාණය කොලෙස්‌ටරෝල් වැඩිවීමෙන් මියයන ප්‍රමාණයට වඩා වැඩි බවය. ආර්ථික විද්‍යාඥ ජෝසෆa ස්‌ටිග්ලිට්‌ස්‌ ඇතුළු කීර්තිමත් විද්වතුන්ට අනුව දේශගුණ විපර්යාස වලට තිරසර විසඳුම් සහ ඊට ගොදුරු වන ජනයාට තම ජීවිත නැවත ලබාදීමට හැකිවනුයේ තමන් ජීවත් වන රටේ ආර්ථිකය සහ යහපාලනයේ මූලධර්ම ක්‍රියාත්මක වන්නේ නම් පමණි. දේශප්‍රිය නානායක්‌කාර
Posted on: Sun, 28 Dec 2014 23:05:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015