විදුලි සැර වැදී සිහිසුන් - TopicsExpress



          

විදුලි සැර වැදී සිහිසුන් වී දුම්රිය මගට වැටුණු රිළවකු දුම්රියට යට වීමට ඉඩ නොදී මිනිත්තු 20ක උත්සාහයකින් පසු බේරා ගැනීමට තවත් රිළවකු සමත් වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තාවේ, මෙම රිළා වික්‍රමයේ වීඩියෝ දසුන්ද අප වෙත ලැබී තිබෙනවා, එම රිළවාට විදුලි සැර වැදී ඇත්තේ රිළා රංචුව දුම්රිය මාර්ගය සහ ඒ අවට කෑම සොයමින් යද්දීය, විදුලි රැහැනක දැවැටී විදුලි සැර වැදුණු රිළවා වැටී ඇත්තේ දුම්රිය පීලි දෙකක් අතරටය එම අවස්ථාවේදී රිළවාගේ සිරුර දුම්රිය පීලි අතරේ හිර වී ඇත, තම මිතුරා විපතට පත් වුණු සැණින් රිළා රංචුවේ සිටි එක් රිළවකු වහා දුම්රිය මාර්ගයට පැන විපතට පත් මිතුරා ප්‍රකෘති සිහියට පත් කිරීමට උත්සහ කළේය, විනාඩි 20ක් ගතවෙද්දී එය සාර්ථක වී ඇති අතර රේල් පීලි අතරේ සිරවුණු මිතුරා එළියට ඇදීමට ද ඌ සමත් විය, ඒ දුම්රියක් පැමිණීමට ඔන්න මෙන්න කියා තිබියදීය. https://youtube/watch?v=ovw6KPPNM8I
Posted on: Thu, 25 Dec 2014 13:04:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015