████ )——පොත් අභියෝගය යනු - TopicsExpress



          

████ )——පොත් අභියෝගය යනු කුමක් ද ——( ████ පුද්ගලයෙක්ගේ තින්කින් පැටර්න් එක ගැන කාට හරි ඔත්තුවක් ගන්න අවශ්‍ය නම් කරන්න තියෙන හොඳම දෙය තමයි කියවපු පොත් ගැන අහන එක..නමුත් මේ ඔත්තුවේ තියෙන ගුණාත්මක වලංගුතාව හරිම යාන්ත්රික එකක්..උදාහරණයකට ඉදිරි සියවසේ සිටින දියුණුම රොබෝ යන්තරයක ගෙන් මේ ගැන ඇහුවොත් පොත් දහයක් කියවු බවට විශිෂ්ට ලයිස්තුවක් ඉදිරිපත් කරනු ඇති,ඒත් තමන්ගේ ජීවිතය වෙනස් කරපු පොත් දහය මොකද්ද කියලා ඇහුවොත් රොබෝට උත්තර දෙන්න බැරි වෙනවා..මොකද එයාට ජීවිතයක් නැති නිසා..ඉතිං ඒ නිසා මේ ප්‍රශ්නය හරියටම වලංගු වෙන්නෙ මිනිහෙක්ට විතරයි..එක්කො ගැහැණියක්ට විතරයි.. එතනින් නැවතත් වර නැගෙන්නෙ ජීවිතය කියන අනිවාර්යතාවය..ඒකෙන් අපිට තේරුම් යනවා ජිවිත වලට විතරයි පොත් සම්බන්ධ වෙන්නෙ කියලා..එතකොට පොතක් විසින් ජීවිතයක් වෙනස් කරනවා කියන්නේ මොකද්ද ? එතන තියෙන්නෙ හරියටම මොන වගේ සම්බ්න්ධයක් ද ? ඒක පොත් ජීවිතයක් විසින් කියවනවද ජිවිතය පොතක් විසින් කියවනවද එතන තියෙනවා පොතක් කියන්නේ දර්පණයක් වගේ අපේ ඉදිරියේ ගැවසෙන අපේම ප්‍රතිබිම්භයක් වන් වූ වස්තුවක් ලෙස දෘෂ්‍යමාන වෙමින්..සමහර විට මේ ප්‍රතිබිම්භය වන්නේ ඒ දර්පණය ඉදිරියේ සිටින ඔබ වීමට පුලුවන්..එහෙමත් නැති නම් ඔබේ ප්‍රතිබිම්භය දර්පණයේ වැටී තියෙනවා වෙන්නත් පුලුවන්.ඉතිං ඒ නිසා අපිට හිතන්න පුලුවන් විවිධ දේවල් එක්ක අනිවාර්ය සම්බ්න්ධයක් තියාගෙන ඉන්න එක අපේ පැවැත්ම තීරණය කරන බවත්,ඒ පැවැත්මේ ගුණාත්මක ප්‍රමාණික බව ඒ දේවල් වල ස්භාවය අනුව තීරණය වෙන බවත්.. ඉතිං මේකයි මගේ පොත් දහය 1.After Finitude: An Essay on the Necessity of Contingency 2.ප්ලේටෝගේ ජනරජය 3.සුන්දර දෙයෙහි අදාළත්වය(කලාව කෙළිය ,සංකේත සහ ,මේලාව ලෙසට) 4.ප්‍රේමය පසසනු වස් 5.පවුල පෞද්ගලික දේපල සහ රාජ්‍ය ඇති වූ සැටි 6.Ideology and Ideological State Apparatuses 7.කැත කතුන්ගෙ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්තාව 8.සාකෝසි යනු කුමක් ද ? 9.මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම 10.අග්නි ඔපෙරාව Nadeesha Wanigasooriya Sudeshika Fernando .
Posted on: Sun, 07 Sep 2014 11:09:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015