Target-news---------------Strike at BIA called - TopicsExpress



          

Target-news---------------Strike at BIA called off Target-news----කටුනායක ගුවන් තොටේ සේවක වර්ජනය අවසන් විය. --------------කටුනායක සේවකයන්ට 16000ක් සේවකයෝ පිරිසක් මාධ්‍යයට ගොරවති ජනපති කාර්යාලයයේ විශේෂ නියෝජිතයකු ද, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න, ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් වෘත්තීය සමිති සමග ගුවන්තොටේ දී සාකච්ඡා කිරීමෙන් පසු වර්ජනය අවසන් විය. මාසික දීමනාව ලෙස ඔක්තෝබර හා නොවැම්බර මාසවලට රුපියල් 8000 බැගින් රුපියල් 16000ක් වහාම ගෙවීමට පාලකයෝ යෝජනා කළහ. සේවකයෝ එය පිළිගත්හ. සෙසු ඉල්ලීම් සතියක් ඇතුළත සලකා බලා තීරණයක් ගැනීමටත් දෙපාර්ශ්වයම එකඟත්වය පළ කළේය. සේවකයන්ගේ ඉල්ලීම වූයේ මාසික දීමනාව රුපියල් දස දහසක් විය යුතු බවයි. තම ඉල්ලීම් දිනා ගත් බව කියමින් සේවකයෝ සිය උද්දාමය පළ කළහ. ඒ අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරීට සේවකයෝ පිරිසක් බාධා කළහ. ඡායාරූප නොගෙන පිටවී යන්නැයි බල කළහ. The trade union action launched by the Sri Lanka Nidahas Sevaka Sangamaya employees at the Bandaranaike International Airport- Katunayake (BIA) was called off after they were given assurance of salaray increase by the government authorities. During the strike it was reported that about 2,000 passengers were waiting inside the airport for clearance. Meanwhile the National carrier Srilankan Airlines said via twitter that their” normal airport operations have resumed at BIA. We regret the inconvenience caused.” Anura S. Liyanage Target-news-Wednesday November 5th 2014
Posted on: Wed, 05 Nov 2014 09:32:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015