Target-news - රතුපස්වල කම්හල ලබන - TopicsExpress



          

Target-news - රතුපස්වල කම්හල ලබන 30 වැනිදා තෙක් වසයි කම්හලේ පීඑච් අගය හොදයි : අවට පීඑච් අගය අඩුයි රතුපස්වල වැනිග්‍රෝස් ආයතනය ලබන 30වැනදා තෙක් වසා තබන බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අද අධිකරණයට දැන්වූහ. ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ද මැල් මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ආයතනයේ නීතීඥවරු පැවසුවේ නිෂ්පාදන නවතා දැමීමෙන් තමනට විශාල පාඩුවක් සිදුව ඇති බවයි. නැවත නිෂ්පාදන ඇරැඹීමට නම් යන්ත්‍ර අලුත්වැඩියාවට සති කිහිපයක් ගත වන බව ද ඔවුහු පැවසූහ. එම නිසා නිෂ්පාදන ඇරැඹීමට අවසර දෙන ලෙස නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම අවස්ථාවේ ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ නිෂ්පාදන නවතා දැමීමට එකඟ වී දැන් අධිකරණයට පැමිණ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමෙන් පළක් නැති බවයි. නිෂ්පාදන ඇරැඹීමට අධිකරණයේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවද සේනාරත්න මහතා පැවසීය. පෙර නඩු වාරයේ අධිකරණය දුන් නියෝග අනුව මධ්‍යම පරිසර අධිකාරිය සහ රජයේ රස පරීක්ෂක සිය පරීක්ෂණ වාර්තා ඉදිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මධ්‍යම පරිසර අධිකරිය අවසන් නිගමයක් සඳහන් කර නොතිබිණි. රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව කර්මාන්ත ශාලාව අවට ජලයේ පීඑච් අගය 4-5.5 දක්වූ වන වන බවත්, කර්මාන්ත ශාලාවේ ජලයේ පී.එච් අගය 6.52ක් වන බවත්, අවට ජලය නියමිත ප්‍රමිතියෙන් තොර වුවත් කර්මාන්ත ශාලාවේ ජලය නිසි ප්‍රමිතියට ඇති බවත්, කර්මාන්ත ශාලාවේ ජලයේ ඇමෝනියා නයිට්‍රේට් ඇති බවත්, කර්මාන්ත ශාලාව නිසා අවට ළිං ජලයේ පී.එච් අගය අඩුවී ඇතැයි නිගමනය කළ නොහැකි බවත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙතියි මහේස්ත්‍රාත් වරයා පැවසීය. ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ අගතියට පත් පාර්ශ්වය ඉදිරියේ ජල සාම්පල ලබා නොගත් බවයි. එම නිසා මේ වාර්තාව පිළිගත නොහැකි බව ද සේනාරත්න මහතා පැවසීය. මධ්‍යම පරිසර අධිකාරිය මගින් එවා තිබූ වාර්තාවේ අවසන් නිගමනයක් සඳහන් කර නැති නිසා අවසන් නිගමන දක්වා වාර්තාව ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අධිකරණයට දන්වා තිබුණේ තම නිගමන ගම්පහ දිසාපතිට ලබා දුන් බවයි. එම නිගමන නිසා තවත් ගැටළුවක් මතුවන නිසා එලෙස ඉදිරිපත් කරන බව ද එම මණ්ඩලය දන්වා තිබිණි. ගම්පහ දිසාපතිට ඊළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස වෙනිග්‍රෝස් ආයතනයේ නීතීඥවරුන් ඉල්ලුවත් අධිකරණය එවැනි නියෝගයක් දුන්නේ නැත. මහේස්ත්‍රාත්වරයා පැවසුවේ පොලිසිය, කර්මාන්ත ශාලාව හා අගතියට පත් පාර්ශ්වය එක්ව ගැටළුවට විසඳුම් සෙවිය යුතු බවයි. ‘ මෙම කර්මාන්තශාලාව බැහැර කරන අප ජලය නිසා සිදුවෙනවා යැයි කියන ප්‍රදේශයේ ජල දූෂණය සම්බන්ධයෙන් වාර්ථාවක් කැඳවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණඩලය, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය, රජයේ රස පරීක්ෂක කාර්යාලයය සහ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයය යන ආයතන වලට නොතීසි නිකුත් කළා. ඒ අනුව රජයේ රස පරීක්ෂක වාර්ථාව මෙම අධිකරණයට ලැබී තිබෙනවා. නොතීසි ප්‍රකාරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තාක්ෂණික ඇගයීම් සිදු කරන බව දන්වා ඇත. ඔහුගේ තාක්ෂණික වාර්ථාවට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ඉදිරි දිනට එය ඉදිරිපත් කරන බව දන්වා ඇත. තවදුරටත් ජාතික ජලසම්පත් හා ජල ප්‍රවාහන මන්ඩලයට අංග සම්පුර්ණ වාර්ථාවක් ඉදිරිපත් කිරීමටත් ගම්පහ දිසාපතිවරයාට නඩුවට අදාල වාර්ථා ලබා ගැනීමටත් අවකාශ ලබා දේමි.‘ ලබන 30 වැනිදාට පෙර නිගමන සහිත අවසන් පරීක්ෂණ වාර්තා නිකුත් කරන ලෙස අදාළ ආයතනවලට දැන්වූ මහේස්ත්‍රාත්වරයා ලබන 30 වැනිදාට නඩුව කල් තැබීය. 2013 අගෝස්තු මස 22 - දීපා අධිකාරී , උපාලි රණවීර
Posted on: Thu, 22 Aug 2013 10:01:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015