එජාප අපේක්ෂකයෝ මොණරාගල - TopicsExpress



          

එජාප අපේක්ෂකයෝ මොණරාගල දී එකිනෙකා ගැටෙති. පක්ෂ කාර්යාලය 21 ක් විනාශයි. නායකයෝ කවුරුත් නෑ. අපි අන්ත අසරණ කරලා. එජාප අපේක්ෂකයෝ කියති. මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජානක තිස්සකුට්ටිආරච්චි සහ ඔහුගේ ආධාරකරුවන් විසින් එම පක්ෂයේම අපේක්ෂක සම්පත් ජයසූරිය ගේ පුතෙකු හට සැප්. 3 පෙරවරු 10.30 ට පමණ මොණරාගල මහජන බැංකුව අසල දී දී පහරදී ඇත. එම ප්‍රහාරයෙන් වෘත්තියෙන් ගුවන් නියමුවෙකු වන තරිදු සම්පත් ජයසූරිය (28) කැපුම් ආයුධ තුවාල සහ අතක් කැඩී ගොස් ඇත. ඔහු මොණරාගල රෝහලට ඇතුලත් කොට ඇත. මෙවර පළාත් සභා මැතිවරණයේ එකම කණ්ඩායමේ අපේක්ෂකයින් අතර ඇතිවූ බරපතලම ගැටුම මෙයයි. කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිවරණ පැමිණිලි 224 ක් ලැබී ඇති අතර එයින් පැමිණිලි 166 ක් මොරණරාගල දිස්ත්‍රික්කයෙන් ද, පැමිණිලි 46 ක් බදුල්ලෙන් ද, දිස්ත්‍රික්ක දෙකටම පොදු පැමිණිලි 12 ක් මේ අතර වේ. පහරදීම් හා දේපල අලාභ කිරිම් පිළිබද පැමිණිලි 57 ක් ද මේ අතර වෙති. දිගින් දිගටම විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට එල්ලවන ප්‍රහාර හේතුවෙන් මේ වන විට මොණරාගල එජාප අපේක්ෂකයින් දැඩි පීඩාවට පත්වී සිටිති. එජාපයේ කිසිදු ජාතික නායකයෙකු මේ දක්වාම මොණරාගල මැතිවරණ ව්‍යාපාරයට එක්වී නොමැති අතර අවම වශයෙන් ප්‍රහාර එල්ල වූ කාර්යාලය හෝ ස්ථාන වෙත හෝ පැමිණි නැති බවට එජාප අපේක්ෂකයින්ම චෝදනා කරති. ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට ගෙන එල්ල වූ ප්‍රහාරයන්ගෙන් පසුව ජවිපෙ ජාතික නායකයින් බඩල්කුඹුර ඇතුඵ ප්‍රදේශ වෙත පැමිණ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට උත්සහ කරමින් සිටී. තරුණ කණ්ඩායම් ජවිපෙ මැතිවරණ ව්‍යාපාරයට එක්වීමත් සමගම ඔවුන්ට එල්ල වන ප්‍රහාර අඩුවී ඇති නමුත් දිගින් දිගටම එජාපය වෙත ප්‍රහාර එල්ල වෙමින් පවතී. බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති රාජ්‍ය උත්සව ගණනාවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් සැප්. 3 දින නීති විරෝධී අන්දමින් සහභාගිවී සිටියහ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සංවිධානය කළ උත්සවයකට එජනිස අපේක්ෂක අජිත් වික්‍රමරත්න සහභාගිවී සිටි අතර අමාත්‍ය ඩිලාන් පෙරේරා ඔහුට මනාප ලබා දෙන ලෙස ඉල්ලමින් සෘජු ලෙස අපේක්ෂක ප්‍රවර්ධන කාර්යයෙහි නිරත විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවන මිහින්දෝදය පාසල් වැඩසටහනට ද බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂකයින් වන සෙන්දිල් තොන්ඩමන්, වඩිවේල් සුරේෂ්, ආනන්ද සිල්වා යන අය සහභාගිවී සිටියහ. තැපැල් ඡන්දය - අද (සැප්. 4) සහ හෙට පැවැත්වෙන තැපැල් ඡන්දය සදහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 25,873 ක් ලැබී තිබූ අතර එයින් 19,081 දෙනෙකු තැපැල් ඡන්දය සදහා සුදුසුකම් ලබා ඇත. මොණරාගල දිස්ත්‍රික්කයේ අයදුම්පත් 19,268 ක් අතුරෙන් 10,671 දෙනෙකුට තැපැල් ඡන්ද හිමිකම ලැබී ඇත. (ඡායාරූප - කැෆේ සංවිධානයේ මැතිවරණ නිරීක්ෂකයින් තැපැල් ඡන්දයට අදාළ නිරීක්ෂණ සදහා එක්වී සිටි අයුරු සහ මොණරාගල ප්‍රහාරයෙන් තුවාල ලැබූ ජයසූරිය මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.) මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය 2014 සැප්. 4 UNP candidates clash in Moneragala 21 UNP offices destroyed - Leaders have left us, candidates say United National Party (UNP) Moneragala candidate Tissa Kuttiarachchi and his supporters have assaulted the son of another UNP candidate Sampath Jayasuriya yesterday around 10.30 am near Peoples Bank, Moneragala. Due to the assault Tharindu Jayasuriya, a pilot by profession, sustained stab wounds and his arm was broken. He had been admitted to Moneragala hospital and this is the most severe intra party conflict reported during this election. CaFFE has received 224 complaints by September 4, 2014 out of which 166 have been reported from Moneragala. Meanwhile 46 complaints have been reported from Badulla. There are also 12 cases common to both districts and there are 57 reports of assault and damaging property. Due to the continuous attacks against them UNP candidates in Moneragala are extremely disheartened and they have complained that none of the national leaders have visited Moneragala, either to campaign or visit offices/supporters that were attacked. On the other hand Janatha Vimukthi Peramuna (JVP) leaders have arrived in Moneragala to lift the morale of their supporters who have also been targeted. The arrival of national leaders and the fact that youth have joined their campaign has lessened the attacks on them. However the attacks have demoralized the UNP. Meanwhile a number of United Peoples Freedom Alliance (UPFA) candidates joined several state ceremonies in Badulla yesterday (September 3.) At an event held organized by Foreign Employment Bureau Minister Dilan Perera openly urged the people to vote for UPFA candidate Ajith Wickramaratne. Candidates Sendil Thondaman, Wadiwel Suresh and Ananda Silva took part in Mahindodaya schools programme led by President Rajapaksa. Postal vote In Badulla election officials received 25,873 applications for postal voting of which 19,081 were accepted. Meanwhile election officials of Moneragala received 19,268 applications for postal voting and10,671 of them were accepted. Photos - CaFFE monitors observing postal voting and Jayasuriya receiving treatment at the hospital. Media Unit CaFFE
Posted on: Thu, 04 Sep 2014 06:40:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015