ඔබ මේ දකින්නේ.. 1. බස් - TopicsExpress



          

ඔබ මේ දකින්නේ.. 1. බස් වලින් බලහත්කාරයෙන් ගෙන්වන ලද සෙනගක් නොවේ. 2. එක් එක් ඇමති/මන්ත්‍රී වරයාට කැප් එකක් ටීෂර්ට් එකක් සහ බෝඩ් එකක් දී ගෙන්වීමට අනිවාර්යය කල සෙනග .ටාගට්. එක නොවේ. 3. සමුර්ධිය හෝ ණය හෝ රැකියාව ඇපයට ගෙන පැමිණීම අනිවාර්ය කල සෙනග නොවේ. 4. බත් පැකට්ටුවටල රුපියල් පන්සීයටල අරක්කු කාලට වහල් වූවන් නොවේ. එසේනම් කවුද? තම අතින් ප්‍රවාහන, කෑම බීම වියදම් දරාගෙන, පොදු ප්‍රවාහන සේවා පවා අවහිර කර තිබියදී, අණ්ඩුවේ මැරයින්ගෙන් පහර කෑමට වුවද සූදානම්ව, පක්ෂ පාට භේද වලින් තොරව, උපන් දේශයට තමාගේ යුතුකම අවැසි වෙලාවයි. යන හද පතුලෙන් නැගෙන හැඟීම හේතු කොටගෙන මෛත්‍රී පාලනයක් ස්ථාපිත කිරීමට තම සහයෝගය ලබාදීමට පැමිණි බුද්ධිමත්, ප්‍රතිපත්තිගරුක, විචාරශීලී, දේශහිතෛශී ජන ගඟකි. ස්ථානය: කුලියාපිටිය
Posted on: Mon, 05 Jan 2015 04:56:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015