ඔබට පිහිට විය හැක්‌කේ - TopicsExpress



          

ඔබට පිහිට විය හැක්‌කේ ඔබට පමණයි කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක්‌ විශ්වාස නොකරන්න. එය ඔබේ නුවණින් සහ අවබෝධයෙන් පසක්‌ වන්නේ නම් පමණක්‌ විශ්වාස කරන්න. - බුදුන් වහන්සේ පරිවර්තනය ජෝ.සෙනෙවිරත්න පෘථිවියේදී ගෞතම බුද්ධගේ අවසාන වචන වුණේ තමන්ට ආලෝකයක්‌ වන්න. අනෙක්‌ අය අනුගමනය නොකරන්න. අනුකරණය නොකරන්න. මොකද අනුකරණය, අනුගමනය නිර්ණය කරන්නේ මුග්ධ භාවයයි. ඔබ උපන්නේ අතිශයින්ම විභව හැකියාවන් රැසක්‌ සහ බුද්ධිමත්භාවයක්‌ ඇතිවයි. ඔබ උපන්නේ ඔබ ඇතුළාන්තයේ ආලෝකයක්‌ සහිතවයි. ඔබ ඇතුළාන්තයෙන් තවමත් නැගෙන සිහින් හඬට සවන් දෙන්න. එය ඔබට මග පෙන්වාවි. වෙන කාටවත් ඔබට මග පෙන්වන්න බැහැ. වෙන කාටවත් ඔබේ ජීවිතයට පූර්වාදර්ශය වෙන්න බැහැ. මොකද ඔබ අද්විතීයයි. හරියටම ඔබ වැන්නෙක්‌ මෙතෙක්‌ කොතැනකවත් ඉපිද නැහැ. ඔබ වැන්නක්‌ යළිත් කිසිම තැනක සිටින එකකුත් නැහැ. මේක ඔබේ මහිමයයි. ඔබේ ශ්‍රී විභූතියයි. එයින් අදහස්‌ වෙන්නේ ඔබ වෙනුවට කිසිම ආදේශකයක්‌ නැහැ. ඔබ හුදෙක්‌ ඔබමයි වෙන කවුරුවත්ම නොවෙයි. අනුකරණය අනුගමනය කරන්නා ව්‍යාජයෙක්‌ බවට පත්වෙනවා. ඔහු ඊනියා බවට පත්වෙනවා. ඔහු යාන්ත්‍රික බවට පත්වෙනවා. ඔහු මහා සාන්තුවරයෙක්‌ වෙන්න පුළුවන්. අනෙක්‌ අයගේ ඇස්‌ ඉදිරියේ. නමුත් ගැඹුරු පත්ළෙදී. ඔහු සරලව බුද්ධිමත් නොවූ සාමාන්‍ය කෙනෙක්‌ මිසක වෙන කවුරුවත් නොවෙයි. ඔහුට ඉතාමත් ගෞරවනීය චරිතයක්‌ තිබිය හැකි නමුත් ඒ මතුපිටින් පමණයි. එය සමට යටින් යන තරමටවත් ගැඹුරු තැත්තක්‌ ටිකකට ඔහු හූරලා බලන්න. ඇතුළාන්තයේ ඔහු සම්පූර්ණයෙන්ම වෙනස්‌ පුද්ගලයෙක්‌ බව ඔබ දැකගනීවි. වෙනත් අය අනුගමනය කිරීමෙන් ඔබට හැකි ලස්‌සන චරිතයක්‌ වගා කරගන්න. හැබැයි ඔබට ලස්‌සන සවිඥනකභාවයක්‌ නම් ලැබෙන්නේ නැහැ. ඔබට ලස්‌සන සවිඥනකභාවයක්‌ නැතිව ඔබට කිසිදාක නිදහස්‌ වෙන්න බැහැ. ඔබට හිර ගෙවල් මාරු කරමින් යතහැකි. ඔබේ වහල් භාවයන් වෙනස්‌ කරමින් යන්න හැකි වේවි. ඔබට හින්දු හෝ මුසල්මානුවෙක්‌ හෝ කිතුනුවෙක්‌ හෝ ජෛනයෙක්‌ වෙන්න පුළුවන්. ඒක නම් ඔබට උදවු වෙන්න යන්නෙ නැහැ. ජෛනයෙක්‌ වෙනවා කියන්නේ මහාවීර පරමාදර්ශයක්‌ හැටියට අනුගමනය කිරීමයි. දැන් කවුරුවත්ම නැහැ. මහාවීර වගේ හෝ එහෙම කෙනෙක්‌ ඉන්න හැටියකුත් නැහැ. මහාවීර අනුගමනය කිරීමෙන් ඔබ ව්‍යාජ කෙනෙක්‌ බවට පත් වෙනවා. ඔබ සියලු යථාර්ථයන් අහිමි කරගන්නවා. ඔබ සියලු අවංකභාවයන් අහිමි කරගනීවි. ඔබ තමන්ටම අසනීපයක්‌ වේවි. බුද්ධ ප්‍රඥව අර්ථ දක්‌වා තිබෙන්නේ ඔබේම සවිඥනක භාවයේ ආලෝකය තුළ ජීවත් වීම වශයෙන් සැබෑ භාව ගුරුවරයා නිර්මාණය කරන්නේ ගුරුවරු මිසක අනුගාමිකයන් නෙවෙයි. සැබෑ ගුරුවරයා ඔබට යළිත් ඔබ වෙතටම විසිකර දමාවි. ඔහුගේ මුළු වෑයම ම ඔබ තමන්ගෙන් ස්‌වාධීන කෙනෙක්‌ බවට පත්කිරීමයි. මොකද ඔබ අවුරුදු සිය ගණන් කවුරුන් හෝ මත යෑපෙන්නෙක්‌ සිටිය කෙනෙක්‌ නිසා. එය ඔබට කිසිම තැනකට මග පෙන්නුවේ නැති නිසා. ඔබ තවමත් ආත්මයේ අදුරු රාත්‍රියේ පය පැකිළ වැටීමේ දිගටම නිරතව සිටිනවා. ඔබේ ඇතුළාන්ත ආලෝකයට පමණයි ඉර උදාව බවට පත්විය හැක්‌කේ. ව්‍යාජ ගුරුවරයා තමන් අනුගමනය කරන්න ඔබට පෙරැත්ත කරාවි. ඔහු අනුකරණය කරන්න, හුදෙක්‌ ඔහුගේ කාබන් පිටපතක්‌ම වෙන්න ඔබට බල කරාවි. සැබෑ ගුරුවරයා ඔබ කාගෙවත් කොපියක්‌ වෙන්න ඉඩ හරින්නේ නැහැ. ඔහුට ඔබ ගැන දයාවක්‌ කරුණාවක්‌ තියෙනවා. ඔහුට ඕනෑ ඔබ සත්තකින්ම නිදහස්‌ කෙනෙක්‌ වෙන්න සියලුම බාහිර ර¹ පැවතුම් වලින් නිදහස්‌ වෙන්න. නමුත් සාමාන්‍ය මිනිස්‌ වර්ගයාට ඕනේ නැහැ නිදහස්‌ වෙන්න. ඔහුට ඕනේ ර¹පවතින්න. ඔහුට ඕනේ වෙනත් යම් කෙනෙක්‌ ඔබට මග පෙන්වන්න. ඇයි? - එවිට ඔහුට පුළුවන් මුළු වගකීමම වෙනත් කෙනෙකුගේ උරහිස්‌ මත පටවන්න. වඩා වැඩියෙන් ඔබ වගකීම් වෙනත් අයගේ කර මතට විසිකර දමනවාද, ඔබ බුද්ධිමතෙකු වීමේ අවකාශයනුත් දුර්ලභයි. ඒක වගකීම් රහිත භාවයයි. වගකීම දැරීමේ අභියෝගයයි ප්‍රඥව නිර්මාණය කරන්නේ. කෙනෙක්‌ ජීවිතය බාරගන්න ඕනේ එහි ඇති සියලුම ගැටලු සමඟයි. කෙනෙකුට ජීවිතය හරහා ගමන් කරන්න වෙන්නේ කිසිම රැකවරණයක්‌ රහිතවයි. කෙනෙක්‌ තම මග සොයන්න ඕනේ ඒ සඳහා උත්සාහ කරන්න ඕනේ. ජීවිතය කියන්නේ අවස්‌ථාවක්‌. අභියෝගයක්‌. තමන්ව සොයා ගන්න තිබෙන නමුත් මෝඩයාට ඕනෙ නැහැ අමාරු මගක යන්න. මෝඩයා තෝරන්නේ කෙටි මාර්ගයයි. ඔහු තමන්ට කියා ගන්නවා බුද්ධ අත්කරගෙන තිබෙනවා මම මොකට කරදර වෙනවද? මම හුදෙක්‌ ඔහුගේ චර්යාවන් බලා ඉද ඔහු අනුගමනය කරන්නම්. ඡේසුස්‌ අත්කර ගත්තා. එහෙම තියෙද්දී මම මොකට උත්සාහ කරන්නද? සොයන්නද? මට පුළුවන් නිකම්ම ඡේසුස්‌ගේ සෙවණැල්ල වෙන්න මට පුළුවන් ඔහු අනුව යන්න. ඔහු යන ඕනෑම තැනකට වෙනත් යම් කෙනෙක්‌ අනුගමනය කිරීමෙන් ඔබ කොහොමද බුද්ධිමත් කෙනෙක්‌ බවට පත්වෙන්නේ? ඔබ තමන්ගේ බුද්ධිය විකසිත වෙන්න කිසිම අවසරයක්‌ දෙන්නේ නැහැ. එයට අවශ්‍ය කරනවා අභියෝගාත්මක ජීවිතයක්‌. ත්‍රාසය සොයා යන ජීවිතයක්‌. අවදානම ගන්නේ කොහොමදැයි දන්නා ජීවිතයක්‌. ඔහේ නොදන්නාවට පා තබන්න. බුද්ධියට පැන නගින්න. බුද්ධියට පමණයි ඔබව රැකගත හැක්‌කේ. වෙන කාටවත්ම නොවෙයි. ඔබගේ ම බුද්ධිය. තේරුම් ගන්න ඔබගේ ම දැනුවත්භාවය ඔබේ නිර්මාණය බවට පත්විය හැකියි. බුදුවරයෙක්‌ ජීවත් වෙන්නේ ඔහුට අභිමත ආකාරයට. මහාවීර ඔහුගේම විදිහකට. ඡේසුස්‌ තවත් වෙනස්‌ ආකාරයකටයි. මොහොම්මද් මොහොම්මද්ම මිසක ඔහු මහාවීර කෙනෙක්‌ නෙවෙයි. කාවද ඔබ අනුගමනය කරන්න යන්නේ? හුදු අහම්බ උපතක්‌ නිසා ඔබ ඔබේ ජීවිතය තීරණය කරන්න යනවා. ඔබේ ඉරණම? එවිට ඔබ පසු වන්නේ හදිසි අහඹුවක. මෝඩයා අහඹුවකයි. ප්‍රඥවන්තයා කිසිදාක අහඹුවකින් ජීවත් නොවෙයි. ඔහු හින්දු වෙන්නේ නැහැ ඔහු හින්දු පවුලක උපත ලද නිසා. ඔහු ක්‍රිස්‌තියානි වෙන්නේ නැහැ තමන් ක්‍රිස්‌තියානි පවුලක උපත ලද නිසා. ඔහු කොම්යුනිස්‌ට්‌වාදියෙක්‌ වෙන්නේ නැහැ ඔහු රුසියාවේ උපත ලද නිසා. ඔහු සොයාවී උත්සාහ කරාවි සොයා බලාවි. ජීවිතය අතිශයින්ම සුන්දර වන්දනා ගමනක්‌. නමුත් උත්සාහයෙන් සොයන්න විමසන්න. ඡේසුස්‌ කියනවා සොයන්න ඔබට සම්බ වේවි. ඉල්ලන්න ඔබට දෙනු ලැබේවි. තට්‌ටු කරන්නාට දොර ඇරේවි. ඔහු කියන්නේ නැහැ අනුගමනය කරන්න. අනුකරණය කරන්න කියලා. ඔහු කියන්නේ නැහැ ක්‍රිස්‌තියානි කාරයෙක්‌ වෙන්න ඔබට දොරටු අරිනු ලබනවා ඇත කියලා. ඔහු කියන්නේ නැහැ මම දොරට තට්‌ටු කර ඇති නිසා ඔබ සඳහා දොර ඇරේවි කියලා. ඔහු කියන්නේ තට්‌ටු කරන්න ඔබ සඳහා දොර ඇරෙනු ඇති කියලා. සෑම කෙනෙක්‌ම තට්‌ටු කරන්න ඕනේ දොර ඇරගන්න. මොකද සෑම කෙනෙක්‌ම විවිධ දොරටුවලින් ඇතුළුවිය යුතු නිසා. මිනිස්‌සු ඒ තරමට අද්විතීයයි. ඒ තරමට පුද්ගලයෝ. මේක ඔබේ ශ්‍රී විභූතියයි. ඒක ප්‍රතික්‍ෂේප කරන්න එපා. එහෙම කළොත් ඔබ මෝඩයෙක්‌ ලෙසම පසු වේවි. එයින් අදහස්‌ වෙන්නේ නැහැ බුද්ධගෙන් ඉගෙන ගන්න එපා කියලා. අවදි වූ තැනැත්තාගෙන් ඉගෙන ගන්න. ඔවුන්ගේ සාරය උරාබොන්න. ඔවුන්ගේ පොකුණෙන් බොන්න. ප්‍රීතියේ නැවුම් පොකුණෙන්. ඔවුන්ගේ සමාගමයේ පසු වෙන්න. ඔවුන්ගේ අභ්‍යන්තර සංගීතයට අනුරූපී වෙන්න. ඔවුන්ගේ සුසර වීමට සවන් යොමන්න. ඔබ වැනි මිනිසෙකු ලෙස, හුදෙක්‌ ඔබ හැටියට ඔවුන්ගේ සතුටෙන් පිරී යන්න. ඇට, මස්‌, ලේ, නහරින් සැදුම්ලත් ඔබ වැනිම මිනිසෙක්‌ අවබෝධයට පත්වීම ගැන උද්දාමයට පත්වෙන්න. ඔහු අත්කරගත්තා මටත් අත්කරගත හැකි යයි කල්පනාවට ගන්න. බුදුවරයෙක්‌ අනුගමනයට නොවෙයි අවබෝධයටයි සුදුසු වන්නේ. බුද්ධ කෙනෙක්‌ අනුකරණයට නෙවෙයි. නමුත් සවන් දෙන්නටයි. අතිශයින් නිශ්ශබ්දතාවයෙන් සවන් දෙන්නටයි, ආදරයෙන්, විශ්වාසයෙන්. බුද්ධ කෙනෙකු වැඩියෙන් ඔබ අවබෝධ කරගන්නා තරමට ඔබට හැඟීයාවි ඔහු කතා කරන්නේ බාහිරයෙන් නෙවෙයි. නමුත් ඇතුළාන්තයෙන් බව. ඔබේ පැවැත්මේ ඉතාමත් අරටුවේ සිට බව. ඔහු ඔබේ අව්‍යාජ මුහුණ පිළිඹිඹු කරන කැඩපතයි. නමුත් ඔහු කැඩපතක්‌ පමණයි. සියලුම මහා භාව ගුරුවරු කැඩපත්. ඔවුන් පිළිඹිඹු කරන්නේ ඔබේ අව්‍යාජ මුහුණයි. නමුත් එය කැඩපතේ එල්බ ගන්න එපා. ඒ කැඩපත ඔබේ මුහුණ නෙවෙයි. බුද්ධගේ මේ සූත්‍ර අතිශයින්ම වටිනාකමකින් යුක්‌තයි. ඒවා තුළට භාවනාත්මකව යන්න. ඒවා තුළට භාවනාත්මකව යන්න කියලා මම කියද්දී මම අදහස්‌ කරන්නේ තර්කනයේ මනෝ භාවයකින් නෙවෙයි කියන එකයි. ඒක සවන් දෙන මග නෙවෙයි. ලබාගන්නා මනෝ භාවයක පසුවන්න. ස්‌ත්‍රී ලිංගික වෙන්න. රැකවලේ පසු නොවන්න. ආරක්‍ෂාකාරී නොවන්න. කැඩපත් පසුපස සැඟවෙන්න එපා. ඔබේ මනස ගෙන එන්න එපා කියනු ලබන දෙය අර්ථ කථනයට. මනස පසෙකට දමන්න. මේ සූත්‍ර සමඟ ඔබේ හදවතට නටන්න ඉඩ දෙන්න. අන්න ඒකයි භාවනාත්මකව සවන් දෙනවා කියද්දී මා අදහස්‌ කරන්නේ. හදවතට උත්සවකාරී වෙන්න ඉඩ හරින්න. එම උත්සවකාරීවීමේදී සහමුලින්ම වෙනත් මාදිලියේ අවබෝධයක්‌ - එය බුද්ධිමය එකක්‌ නොවෙයි ප්‍රඥවේ අවබෝධයක්‌ වෙතට ඔබ ළඟා වෙනවා ඇති. ඔබ හදවතෙන් සවන් දෙනවා නම්. ඔබ දැනුම ඇත්තෙක්‌ බවට පත්වෙන්නේ නැහැ. ඔබ වඩ වඩාත් ප්‍රඥවන්ත වේවි. ඔබ ඔළුවෙන් සවන් දුන්නොත්, පළමුවෙන් ඔබ සවන් දීම විකෘති වේවි. මොකද ඔබේ සියලු පූර්ව විනිශ්චයන් එය සමඟ පැටලේවි. ඔබේ සියලුම පූර්ව නිගමනයන් අවධානය විඳින්නත් වේවි. ඔබට කියන ලද දේවලට ඔබේ මනස තමන්ගේ වර්ණ ගන්වාවි. ඔබ එකතු කර ඒවා දැනුම වෙනවා මිසක ප්‍රඥව වෙන්නේ නැහැ. දැනුම අතිශෝක්‌තියක්‌. එය ගැඹුරට යන්නේ නැහැ. එයට ගැඹුර කරා යන්න බැහැ. දැනුම ඔබේ නොදන්නාකම් සඟවන මගක්‌. එය නොදන්නාකම විනාශ කරන්නේ නැහැ. ප්‍රඥව ආලෝකයයි. එය අන්ධකාරය පලවා හරීවි. ප්‍රඥව සැමවිටම හදවතෙන් පැන නගින්නක්‌ මිසක ඔළුවෙන් නොවන වග මතක තබාගන්න. ඔබ බුද්ධ වෙතට එද්දී, ඔබේ ඔළුව ගැන සියල්ල අමතක කරන්න. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්‌ එළඹුමක්‌. ඔබේ පැවැත්ම වෙතට තිබෙන - හදවත හරහා හදවතේ ස්‌පන්දනය හරහා සවන් දෙන්න. අනුරූප බවට පත්වෙන්න. හරියට ඔබ මහා සංගීතයට සවන් දෙන්නා වගේ. ඒක මහා සංගීතය තමයි. ඇත්ත වශයෙන්ම. ඊට වඩා තිබිය හැකි මහා සංගීතය කුමක්‌ද?
Posted on: Wed, 15 Oct 2014 07:56:15 +0000

Trending Topics



/div>
Holiday Deals 2014 APDTY 536287 Intermediate Steering Column Shaft
Il Trimprob (Tissue Resonance Interfero-Meter Probe) è un
TO: STATEWIDE TV OUTLETS For Immediate Release Tuesday, June 18,
Communism is the future. Before communism develops the sciences of

Recently Viewed Topics




© 2015