ජනාධිපති මහින්ද - TopicsExpress



          

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව දෙමල ජනයාට එරෙහිව දියත් කල ලේවැකි වර්ගවාදී යුද්ධයට එම ආන්ඩුවේ සිටිමින්ම ඉත සිතින් සහය දෙනු ලැබ යුද අපරාධවල කොටස්කරුවෙක්ව සිටින පොදුපෙරමුනේ හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේනට (යුද අපරාධවලට වගකිවයුතු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැන කියනු කවරේද!) සලුපිලි අන්දා ඔහු ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට අහසින් පාත්වූ දේවතාවෙක් ලෙස ඔටුනු පලඳවා ජනාධිපති පුටුවට සැපත් කරවීමට සැරසෙන දේශපාලන අඳබාලයන් මෙවැනි දේවල් පිලිබඳ අන්ඳ ය, ගොලු ය, බිහිරි ය.නොඑසේනම් නම් දැනුවත්ව මුනිවත රකිමින් සිටී. සිරිසේනට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආශිර්වාදය ලැබී තිබීමේ කතාව මඳකට පසෙක තිබියේවා ඔහු වටා පෙල ගැසී සිටින දෙමල ජනයාගේ රුධිරයම ඉල්ලන ජාතික හෙල උරුමය සහ එහි නායක පාඨලී චම්පික රනවකගේ මේ කතාවම පවා සිරිසේනගේ සැබෑ වර්ගවාදී දේශපාලන හැඩරුව කියා නොපාන්නේද? සිරිසේනට උඩගෙඩි දෙන්නන් සියල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය උදාකරවා ගැනීමට යන්නේ මෙබඳු ලේවැකි බලවේග ඔහු වටා ගොනුවී තිබීම පිලිබඳ තඹේකට මායිම් නොකරමිනි. Here is Patali Champika Ranawaka, the leader of Sinhala extremist Jathika Hela Urumaya (JHU) which is backing the opposition common candidate, Maitripala Sirisena in the upcoming Presidential election in Sri Lanka. The interesting thing of this video is that Ranawake is speaking about how the JHU was fully backing the Rajapakses criminal communal war against islands Tamil people. This fact alone indicates what is the real anti-democratic agenda of the common candidate who has been falsely promoting as a defender of democracy by frustrated middle class sections.
Posted on: Sat, 27 Dec 2014 13:50:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015