තරුන ගොවි සමීති Link - TopicsExpress



          

තරුන ගොවි සමීති Link go>>>youtu.be/Bw-1n76FzVY එදා අපේ ගෙවත්තේ මිරිස් ගහක් දෙකක්, පැපොල් ගසක් නොතිබු ගෙවත්තක් තැති තරමිය. ගේ පිටිපස නොගැඹුරු වලක (බොහෝවිට කාලයකට පෙර එම නිවස සෑදීමට මැටිගත් වලක් විය හැක.) කිරි හබරල වැල් අල කීඩාරං බතල වැනි අල වර්ගද ඒ අවට තලන බටු, කන්තිරික්කා බටු, තිත් බටු හා කොච්චි ගස් කීපයක් සමග මිරිස් ගස් කීපයක්ද සුලබය. මේ එකක්වත් ක‍්‍රමාණුකූල සිටවු ගස් වැල් නොවුහ. ගෙදරින් ඉවතලන කොස්කටු, පොල් මුඩු, ලෙලි හා ලිප් බොක්කේ අළුද සමග කුස්සියේ උයන පිහන දෑ සුද්ධ පවිත‍්‍රකර ඉතිරි ද්‍රව්‍යද විසිකරන්නේ ඒ කුණු වලටය. එම නිසා මෙම විසිකරන බොහෝ දේ අල ඉහරි, බතල කරටි, මිරිස්, තක්කාලි, බටු ආදී ඇට වර්ගද ඉබේ පැල වෙන අතර ගෘහණිය විසින් ඒවා රුකබලා ගනී.
Posted on: Thu, 01 Jan 2015 07:04:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015