මගේ මතය 5 චන්ද්‍රිකා - TopicsExpress



          

මගේ මතය 5 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රභාකරන්ට Mr කීම ගැන ජනපතිතුමා ප්‍රමුඛ අමාත්‍යවරුන් සහ සිවිල් පුරවැසියන් පමණක් නොව අපේ අතිපුජ්‍ය සංඝරත්නයද ඉමහත්ව කලබල වූ ආකාරය විවිධ ජන මාධ්‍ය තුළින් අපට දැක ගත හැකි විය.ඔවුහු ඊට නොයෙකුත් අර්ථ කථන දැක්වුහ.කුමාරතුංග මහත්මිය ,ඊට පිළිතුරුදෙමින් කීවේ තමන් එය සමච්චලයට කී බවය. කරුණා අම්මාන් ,ප්‍රභාකරන්ට වැඩි ගව්රවයක් ලබමින් පාර්ලිමේන්තුව තුළ Honorable වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති Honorable Deputy Minister වන විට කීදෙනකු කලබල වූවාදැයි මම නොදනිමි. කුමාරතුංග මහත්මිය, ප්‍රභාකරන්ට Mr කීවේ එක් වරෙකි.එහෙත් කරුණා අම්මාන්ට Honorable යන්න කී වතාවක් කියවුනේදැයිද මම නොදනිමි. ප්‍රභාකරන් අවිහිංසක සිංහල හා මුස්ලිම් ජනතාව ඝාතනය කළේත් කරුණා අම්මාන් අවිහිංසක සිංහල හා මුස්ලිම් ජනතාව ඝාතනය කළේත් එකම අරමුණකටය.කරුණා අම්මාන්ගේ දෑතින් පොළොවේ ගසා මර දමන්නට සිංහල දරුවන් එසවෙන විට කුඩා සාමනේරවරුන් එසවෙන විට එදා පර කොටියා යැයි කියූ අයම අද ඔහුට Honorable Deputy Minister යනුවෙන් ආමන්ත්‍රණය කරති. කරුමයක් වුයේ , කුමාරතුංග මහත්මිය, ප්‍රභාකරන්ට Mr කීවේ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතා පරදවන්නට පොදු අපේක්ෂකයාගේ වේදීකාවකට ගොඩවී සිටියදී වීමය. මා පුදුමයට පත් වන්නේ , නිසැකවම ලබන 9 වෙනිදා තමා ජයගන්නා බව කියන රාජපක්ෂ මහතා ද ප්‍රභාකරන්ට Mr කියවීම ගැන බයවී තිබෙන අකාරය දැකීමෙනි.මා යළිත් කියන්නේ එතුමා මෙලෙස Mr .ප්‍රභාකරන්ට බයවිය යුතු නැති බවය.ප්‍රභාකරන් මියගොස් ඇත.එසේ නම් එතුමා බියවී සිටිය යුත්තේ කවරකු හටද ?එතුමා කවරෙකුට හෝ බය නැතිනම් ජනපතිවරණයේදී කිසිම ප්‍රශ්නයක් නැත.එතුමා මෙතරම් වේදිකාවල කතා කරන්නටද වුවමනාවක් නැත.කොටි මර්ධනය කොට රටට සාමය උදා කිරීමේ උතුම් නායකයා වූ රාජපක්ෂ ජනාධිපතිතුමාට, බියෙන් චකිතයෙන් සිටින්නට සිදු වුයේ තමන් විසින්ම අටවා ගත් උගුලේ අන් අයද සමග වැටෙන්නට සිදුව තිබෙන නිසාය.තවත් වසර දෙකක් හංසයාට විවේකයෙන් සිටින්නට තිබුණු ඉඩ නැති කළේ එතුමාය.ඒ වන විට හම්බන්තොට වරායෙන් සහ මත්තල ගුවන් තොටුපළෙන් ලැබෙන ලාභය වැඩි වන්නටද තිබිණ.එමෙන්ම අද කියැවෙන වංචා දුෂණ ඉලක්කම් වල අගය වැඩි වීමේ ඉඩ කඩත් වැඩිවන්නටද තිබිණ.සමහර විට නාමල් මහත්තයාට රට එපාවී එතෙර රටක කාලය ගත කිරීමේ ඉඩකඩද ඒ වනවිට උදාවී තිබෙන්නට ඉඩ තිබිණ.එවිට ඊළඟ රටේ නායක ප්‍රශ්නයද විසදෙනු ඇත. දැන් සියල්ල සිදුවී හමාරය.තමා ගියවර ජනාධිපතිවරණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ජය ගන්නා බව රාජපක්ෂ මහතා සෑම වෙදිකාවකදීම කියා තිබේ.මා නම් සිතන්නේ එතුමා සුළු ඡන්ද ගණනකින් හෝ ජය ගන්නට උත්සහ කළ යුතු බවය.තමාගේ සහචර ඇමතිවරුන් පිරිසක් සහ රාජ්‍ය මාධ්‍ය නාලිකා එතුමාගේ ඡන්ද ප්‍රමාණය මහා පරිමාණයෙන් අඩු කරවා තිබෙන බව මම සිතමි.පොදු අපේක්ෂකතුමාට සහය දෙන පක්ෂ සහ පුද්ගලයන් එම අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රමාණය වැඩි කරවා ඇති බවද මම සිතමි. කෙසේ වෙතත් සියලුම පොදු විපක්ෂ නායකයන් කියන්නේ ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගන්න බවය.සමහර සමීක්ෂණ වාර්තා හෙළිකරන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජයගන්නා බවය.රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඇතැම් ඇමති පිරිස පවසන්නේ වත්මන් ජනපති ඉහලින්ම ජය ගන්නා බවය. තවත් සමහරු පවසන්නේ කුඩුකාරයන් ,එතනෝල් කාරයන් ,ස්ත්‍රී දුෂකයන් මෙන්ම ශාස්ත්‍ර කාරයන් ළඟ තබා නොගත්තේනම් රාජපක්ෂ මහතා ඉහළින්ම දිනන බවය.මා නම් සිතන්නේ යුධ ජයෙන් පසු සරත් ෆොන්සේකා මහතාට ගරු කළේ නම් දැන් තිබෙන වින්නැහිය සිදු නොවන බවය.මා දන්නා මිත්‍ර රටක රහස් මිත්‍රයෙක් මට කිවේ මෙවර ඔවුන්ගේ තක්සේරුව අනුව හංසයා 58% ඉක්මවන ප්‍රතිශතයකින් ජයගන්න බවය. කවරකුගේ තක්සේරුව යථාර්තයක් වනු ඇත්දැයි මම නොදනිමි.
Posted on: Tue, 06 Jan 2015 18:37:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015