රහ කරන්ට්ස් | ඇනා කැරනිනා - TopicsExpress



          

රහ කරන්ට්ස් | ඇනා කැරනිනා යළි එන වගයි. - [සුමුදු තිවංක ගමගේ] මහා ගත්කරු ලියෝ තොල්ස්තෝයිගේ සාහිත නිධානයේ අග්‍ර ඵලයක් වූ ඇනා කැරනිනා ඇසුරින් තැනූ නවතම සිනමා සිත්තම, Anna Karenina (2012), එළඹෙන සැප්තැම්බරයේදී එක්සත් රාජධානියේදී මුල් වරට තිර ගත වීමට නියමිතයි. එය එම කෘතියේ දහ තුන් වැනි සිනමා පුනර් රූපණයයි. ඊට අමතරව ඇනා කැරනිනා තෙවරක් වේදිකාව මත ප්‍රතිරූපණය වී තිබේ. නවතම සිනමාපටය Joe Wrightගේ අධ්‍යක්ෂණයකි. එහි ඇනා ලෙස Keira Knightley ද ඩොලී ලෙස Kelly Macdonald ද සිටුවරයා ලෙස Aaron Johnson ද චරිත මවති. තොල්ස්තෝයිගේ ඇනා කැරනිනා, මුල් වරට පල කරන ලද්දේ 1873 සිට 1877 දක්වා The Russian Messenger නම් වාර ප්‍රකාශනයේය. ෆියදොර් දොස්තෝව්ස්කි වරෙක මේ කෘතිය හැඳින්වූයේ ඉතාම නිකැළැල් කලා කෘතිය ලෙසිනි. වැලැද්මීර් නකබොව් ඇනා කැරනිනා හැඳින්වූයේ තොල්ස්තෝයි ශෛලියේ නිකැළැල් විජ්ජාව ලෙසිනි. වත්මන් ලේඛකයන් 125 දෙනෙකු ඇසුරින් 2007 තරම් මෑතකදී පවත්වන ලද මත විමසුමකදී, ඇනා කැරනිනා මෙතෙක් ලියැවුණු අති විශිෂ්ටතම ප්‍රබන්ධය ලෙස සම්භාවනාවට පාත්‍ර විණි. සුමුදු තිවංක ගමගේ Posted by BoondiOnLine 6.23.2012
Posted on: Mon, 21 Oct 2013 16:14:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015