August: Osage County (2013) අති විශිෂ්ඨ - TopicsExpress



          

August: Osage County (2013) අති විශිෂ්ඨ සිනමා නි‍ර්මාණයක්!!! ප්‍රධානතම දේ වෙන්නේ රංගනය සහ දෙබස්. රංගනය කියන දේ උපරිමයෙන් ඇතුලත් වුනු ශක්තිමත් කතන්දරයක්. නමුත් ගලාගෙන යන කතා මාලාවකට වඩා සිදිදීන් කිහිපයක විස්තරයක් තමයි දකින්න ලැබෙන්නේ. එක්තරා පවුලක විශේෂ කටයුත්තක් නිසා කලකට පසු ඒකරාශී වන පවුලේ සාමජිකයින් සමඟ ගෙවෙන අපූරු දින කිහිපයක් ලෙස‍යි කතන්දරය දිගහැ‍රෙන්නේ. පවුලේ සාමාජිකයින් ලෙස ප්‍රධාන වන්නේ කාන්ත පාර්ශවයයි. එනම් මවගේ නිවසේදි එක්රැස් වන දූවරු. මේ පිරිසත් ඔවුන්ගේ පිරිමි පාර්ශවයනුත් එක්ක එක් වහලක් යටදී ගෙවෙන කාලයකදී මතුවන විවිධාකාර සිද්දීන් රැසක් ආශ්‍රයෙන්, විනෝදාත්මක, කුතුහලාත්මක, සංවේදී හැඟීම් රැසක් අත්විඳින්නට මේ චිත්‍රපටයෙන් අවස්තාඅක් ලැබෙනවා. චිත්‍රපටය නරඹන්නට මූලික හේතුව වුනෙතඝුරුපුරුදු නම් ගොඩකින් සමන්විත වන Cast එකම තමයි. හැම චරිතයක් ගැනම විශ්ලේෂනාත්මක විස්තරයක් සමඟම හැම චරිතයක්ම මනාව සමස්ත නිර්මාණයට ඈඳාගෙන තිබෙනවා. ඒ වගේම මේ චරිත හැම එකකින්ම වෙනස් වෙනස් විස්තර රැසක් සහ ඔවුනගේම පෞද්ගලික කතන්දරයක් ප්‍රධාන කතාවට අනුබද්ධිත වෙනවා. මේ සිද්දීන් විටෙක මහා ජරමරයක්, විටෙක විනෝද සාගරයක් සහ විටෙක උද්වේගකාරීව ගොඩනැගෙමින් ලබා දෙන්නේ අමුතුම සිනමා රසයක්. චරිතයන් ගැන සඳහන් කිරීමේදී වඩා වැදගත් වන්නේ මව සහ වැඩිමහල් දියණියයි. මව ලෙසට බොහොම කලකින් දකින්නට ලැබුනු Meryl Streep සහ දියණිය ලෙස Julia Roberts මොන තරම් සාධාරණ සහ නිවැරදි තෝරාගැනීම්ද කියා සිතුනා. Streepගේ රංගනය ගැන කියන්න වචන නැහැ. සෑහෙන කාලෙකින් මේ තරම් ශක්තිමත් රංගනයක් රංගන ශිල්පිනියකගෙන් දුටුවේ නැති තරම්. මෙතරම් විශාල පිරිසක් අතරේ ඇගේ අදහාගත නොහැකි තරම් වන සුපිරි ‍රංගනය ලෙහෙසියෙන්ම හැමෝවම අභිබවා යන්නට සමත්. මෙව‍ර ඔස්කාර් සම්මානලාභී Cate Blanchettගේ රංගනයත් පැහැදිලිවම අභියෝගයට ලක් කරන්නක්. ඊට සමාන්තරවම Robertsගෙන් දකින්නට ලැබෙන්නේත් තරඟකාරී පෞරුෂයෙන් පිරි රංගනයක්. සාමාන්‍යයෙන් මම නම් චිත්‍රපටයක් රංගනයත් වඩාවධානයක් යොමු කරන්නේ බාහිර අලංකරනයට සහ කතන්දරයෙහි ශක්තිමත් බවට. නමුත් මෙහිදී නම් රංගනයම පමනයි ශක්තිමත් දෙබස් ඛන්ඩයනුත් සමඟින්. ඒ අතරින් Roberts එනම් Barbara තම දියණියට පවසන මේ වචන පෙළ තදින්ම හිතට වැදුනා. Listen to me! Die after me, alright. I dont care what else you do, where you go, cause I screwed up your life, but just survive. Please! මේ ඇතුලුව මුලු චිත්‍රපටයම සමන්විතවන්නේ මෙයාකාරයේ ඇඟට දැනෙන දෙබස් වලින්. මම හිතනවා චිත්‍රපටි නරඹන හැමෝම මෙය අනිවාර්යයෙන් නැරඹිය ‍යුත්තක් කියලා. නමුත් උසස් සිනමා නිර්මාණම වැඩි වශයෙන් නරඹන අයටයි වඩාත්ම සුදුසු
Posted on: Sat, 21 Jun 2014 15:06:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015