Target-news-----බස්වල බලෙන් - TopicsExpress



          

Target-news-----බස්වල බලෙන් ස්ටිකර් අලවලා - ඩිෆෙන්ඩර් වලින් ඇවිත් හාලිඇළ පහරදෙනවා - කැෆේ මැ.කොට කියයි Pasting election posters on buses against the rules- CaFFE ~~~~~~පානීය ජල බෝතල්වලත් මැතිවරණ ප්‍රචාරණ මොණරාගල දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇති පුද්ගලික බස් රථ 60ක් හෝ එයට වැඩි සංඛ්‍යාවක නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය (ස්ටිකර් සහ පෝස්ටර්) දකින්නට ඇතැයි පවසමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය (03දා) මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර තිබේ. ස්ටිකර් අලවා ඇති බස්රථ ගණනාවක අංක ද කැෆේ සංවිධානය විසින් සිය පැමිණිල්ල මගින් පොලිසියට සහ දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන්ට ද ලබා දී ඇත. සැප්. 2 දින සවස 3.30 ට පමණ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් බදුල්ල එජාප අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සහ හාලි ඇල එජාප සංවිධායක ජයන්ත කන්නන්ගරගේ ආධාරකරුවෙකු වන මෙහොමඩ් අජ්මාල් ට පහර දී තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ අජ්මාල් මහතා මේ වන විට බදුල්ල මහ රෝහලේ 8 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. රියදුරන් හා කොන්දොස්තරවරුන් පවසන්නේ මෙම ස්ටිකර් තම බස්රථ වල බලහත්කාරයෙන් අලවන ලද බව යැයිද කැෆේ කියයි. පොදු ප්‍රවාහන සේවාවන් හි මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් ප්‍රදර්ශනය පළාත් සභා ඡන්ද විමසීමේ පනතේ විධි විධාන පමණක් නොව මෝටර් රථ පනතේ විධි විධාන ද උල්ලංඝණය කිරීමකි. මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කයන් හි ප්‍රධාන බස් නැවතුම් පොළ සහ කුඩා බස් නැවතුම් පොළවල් මේ වන විට නීති විරෝධී ප්‍රචාරක ද්‍රව්‍යයන්ගෙන් වැසී පවතින බව කැෆේ කියයි. මෙම ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පොලීසිය වෙත මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් විශාල මුදලක් වෙන් කොට ඇති නමුත් මෙම ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කර නොමැති බව එම සංවිධානය පවසයි. මෙවර මැතිවරණයේ දී පැමිණිලි 178 ක් ලැබී ඇතැයි ද කැෆේ කියයි. එයින් පහරදීම් හා දේපළ අලාභ හානී කිරීම් 46 ක්ද ඇතුළත් පැමිණිලි 129 ක් ලැබී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් බවද මැතිවරණ නීති උල්ලංඝණය පිළිබඳ බදුල්ලෙන් පැමිණිලි 32 ක්ද මොණරාගලින් පැමිණිලි 83 ක්ද ලැබී ඇති බව කැෆේ සංවිධානය පවසයි. -----------------පානීය ජල බෝතල්වලත් මැතිවරණ ප්‍රචාරණ ඌව පළාත් සභා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල අපේක්‍ෂකයෝ මේ දිනවල සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ උපක්‍රම උපයෝගී කරගනිමින් සිටිති. (02දා) බදුල්ලේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සංවත්සර උත්සවයට පැමිණි ජනතාවට පානය කිරීමට දී තිබූ ඇතැම් පානීය ජල බෝතල්වල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂයෙකුගේ ඡායාරූපය සහ මනාප අංකය මෙසේ සටහන් කර තිබුණි. Campaign for Free and Fair Elections (CaFFE) alleged that the supporters of the ruling party members have forcibly pasted election stickers on over 60 private buses in Moneragala district. According to CaFFE, it has also informed the Commissioner of Elections, in this regard. “A number of drivers and conductors have informed CaFFE that these stickers were pasted by force. Meanwhile all the main bus stands and most of the bus halts in both Badulla and Moneragala districts have been covered with illegal election propaganda material. Although the Department of Elections has given millions of rupees to the police to remove election propaganda material, nothing has been done to remove these materials,” CaFFE added. Some 129 have been reported from Moneragala and 40 complaints have been reported from Badulla, thus far. Anura S. Liyanage Target-news-Thursday September 4th 2014-ඡායා රූ - කැෆේ සංවිධානය-ඇල්ල ඒ. ගමගේ
Posted on: Thu, 04 Sep 2014 04:28:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015