Target-news - -Triumphant SL team returns home - - TopicsExpress



          

Target-news - -Triumphant SL team returns home - pictures ~~~~~~~~බාධක හමුවේ එංගලන්තයේදී අපි තව තවත් ශක්තිමත් වුණා – ඇන්ජෙලෝ මැතිව්ස් The victorious Sri Lanka Cricket Team arrived today ( June 26 ) on UL 504 at 12.45 pm at Katunayake. A press conference with both Captains ( Angelo Mathews & Lasith Malinga) was arranged by Sri Lanka Cricket කණ්ඩායමට එල්ල වූ බාධා අබියස තමන් තව තවත් ශක්තිමත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි. ජයග්‍රාහී එංගලන්ත තරග සංචාරය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියහ. කණ්ඩායමේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් අද සවස පැවැත්වුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් අපිට එහේ හුඟක් අභියෝග තිබුණා. ඒක අපිට ශක්තියක් වුණා විතරයි. කවදාකවත් පොඩ්ඩක්වත් මානසිකව වැටුන්නෑ. හැම දෙනාම එකාසේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරා. මං හිතන්නේ ඒක තමයි මං හිතන්නේ කණ්ඩායම් හැඟීම. ඔබතුමන්ලත් දකින්න ඇති අපේ කණ්ඩායම එකාසේ එක පවුලක් සේ තමයි අපි බාධා එන්ඩ එන්ඩ ශක්තිමත් වුණා මිස අපි පිටිපස්සට ගියේ නෑ. ශ්‍රී ලංකා පන්දුවාර 20/20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එංගලන්තය පරාජය කරපු ටෙස්ට් තරගාවලියක්. ඉතිං ඒක නිසා ගොඩාක් සතුටුයි. කණ්ඩායමක් විදිහට පුහුණුකරුවනුත් ගොඩාක් සතුටින් අපි ‍අපේ දක්ෂතාවයන් එළියට ගැනීම ගැන. ඉතිං ඒ වගේම අපි ගොඩාක් බලාපොරොත්තු වෙනවා, එලැඹෙන පකිස්ථාන සංචාරයත්, සවුත් ඇෆ්‍රිකා සංචාරයත් මේ වගේම හොඳ තරගාවලියක් නිමා කරන්න. Anura S. Liyanage Target-news -Thursday June 26th 2014
Posted on: Thu, 26 Jun 2014 17:23:16 +0000

Trending Topics




© 2015