Website වල Right Click කරන්න බැරිනම් - TopicsExpress



          

Website වල Right Click කරන්න බැරිනම් අපි Right Click Enable කරමු... ------------------------------------------------------------------------------- බොහෝ විට ඔබ දැකල ඇති සමහර වෙබ් අඩවි එහෙම නැතිනම් සමහර බ්ලොග් වල Right Click කරන්න බැරි වෙන්න right click function එක disable කරලා තියෙනවා. ඒ වෙන මොනවටවත් නෙවෙයි වෙබ්සයිට් එකේ හෝ බ්ලොග් එකේ හිමිකරුවන් විසින් පල කර ඇති තොරතුරු පහසුවෙන් කොපි කරගන්න බැරි වෙන්න තමයි ඔවුන් එහෙම කරන්නේ. සමහර විට ඔබට එය වදයක් වෙන්න පුළුවන්. මොකද ඔබ ඉතා අත්‍යවශ්‍ය දෙයකට, උදාහරණයක් විදියට යම් කිසි ව්‍යාපෘතියකට ඔබ තොරතුරු රැස් කිරීමේදී වගේ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී ඔබ අපහසුතාවයන්ට පත් වෙන්න පුළුවන්. ඉතින් අද අපි බලමු මෙවැනි right click කරන්න බැරි වෙබ් අඩවි/බ්ලොග් වල කොහොමද right click කරන්න පුළුවන් විදියට හදාගන්නේ කියලා. ඉතින් එය කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. මෙය පහසුවෙන්ම කරගන්න පුළුවන් විදියක්..., ඔබ Mozilla Firefox Browser එක බාවිතා කරන්නේ නම්, Go to Tools –> Options –> Content Uncheck the box Enable JavaScript Click OK දැන් Right Click Disable කර ඇති වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබ Google Chrome Browser එක බාවිතා කරන්නේ නම්, Click on the Wrench Icon on the top right side on your browser. Click on Options Now go to Under the Hood tab Click on Content Settings and then on JavaScript Disable java script දැන් Right Click Disable කර ඇති වෙබ් අඩවියට පිවිසෙන්න. අනිත් අයටත් දැනගන්න මෙය share කරන්න..
Posted on: Thu, 26 Sep 2013 12:22:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015