ආලවන්ත නෙත් - TopicsExpress



          

ආලවන්ත නෙත් විදා.. මන්දහාස නංවනා.. සඳකින්නරී සුන්දරී.. මුතුපලස මත දිදුලනා.. මනබන්දිනී නන්දිනී.. මුතු පලස මත හිනැහිලා.. සඳකැන් හොරෙන් මුව තවරලා මල් මල් ගවුමකින් ගත සරසලා ඉදිකඩ උඩින් තරුනෙත් වසා මතකයි තවත් අපි හිනැහුනා.. මතකයි......තවත් ඔයා හිනැහුනා.. සිහිලැල් සුලං රැල්ලක එතී.. වනමල් උයන් හැරදා අප සිටී.. මතකෙන් මකා අපි පෙම්කල හැටි.. මතකයි ඔයා මං හැරගිය හැටි.. මතකයි.......තවත් ඔයා හිටිහැටී.. ගායනය : දයාසිරි ජයසේකර පද රචනය : බුද්ධික කුලසේකර සංගීතය :මාධව හේවාවසම් “මුතුපලස“ ටෙලිනාටයේ තේමාගීතය https://youtube/watch?v=RZXxaIQvkJU
Posted on: Sun, 12 Oct 2014 12:31:01 +0000

Trending Topics




Recently Viewed Topics




© 2015