ඉතින් මේ කතන්දරේ - TopicsExpress



          

ඉතින් මේ කතන්දරේ පටන්ගන්නේ 1900 වර්ෂයේ. වසර 1907 දි ඇමෙරිකාවේ ඒකාලේ හිටපු සල්ලිකාරයෙක් වෙච්ච ජේ. පී මෝර්ගන් (J. P. Morgan) කියන මනුස්සයා නැව් සමාගම් කිහිපයක්ම සල්ලි දීල ගන්නවා අත්ලාන්තික් සාගරය හරහා මගීන් ප්‍රවාහනය කරපු. ඔහු මිලදී ගන්නවා වයිට් ස්ටාර් ලයින් (White Star Line) නැව් සමාගම. මේ සමාගම සමග තරඟයට හිටියේ Cunard Lines Lusitania සහ Mauretania කියන නැව් සමාගම්. White Star Line සමාගමේ සභාපති වෙන්නේ ජේ. බ්රුස් ඉස්මේ (J. Bruce Ismay). Cunard Lines Lusitania සහ Mauretania සමාගම් නිසා අඩු ආදායම් ලබපු White Star Line සමාගමේ නැව් වලට තිබුණු මගී ආකර්ෂණය මේ සමග අඩුවෙන්න වගේම ලාබයත් පහත බසින්න ගත්තා. ඉතින් ඒ වෙනකොට අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ නැව් හදන ෂිප් යාර්ඩ් එකක් (ship yard) එකක් තමා Harland and Wolff shipyards කියන්නේ. එකේ අයිතිකාරයා උනේ ලෝඩ් පිරී (Lord Pirrie) කියලා කෙනෙක්. මේ මනුස්සයව හොයාගෙන එන White Star Line සභාපති වෙච්ච ජේ. බ්රුස් ඉස්මේ අලුත් අදහස් එක්ක පාවෙන සිහිනයන් බඳු අලුත් මගී ප්‍රවාහන නැව් (passenger ships) නැව් තුනක් හදන්න සාකච්චා කරනවා වගේම වෙළඳ ගිවිසුමක් ගහනවා. මේ නැව් වල ඉදිකිරීම් බාර වෙන්නේ ඒ කියන්නේ නැව් හදන වැඩ වල ලොක්කා වෙන්නේ තෝමස් ඇන්දෘස් (Thomas Andrews) කියන හාදය. ඉතින් ඔන්න ඔය විදියටයි ටයිටනික් වගේ නැවක් හැදෙන්න පොට පෑදෙන්නේ. ඔන්න පහල ඉන්නේ ඔය හාදයෝ ටික තමා. ...................... sonduruminisa.blogspot/2014/06/rms-titanic-2.html
Posted on: Sun, 08 Jun 2014 08:39:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015