ඔයාලට මතක ඇති මීට මාස 2ට - TopicsExpress



          

ඔයාලට මතක ඇති මීට මාස 2ට විතර කලින් අපි ගංවතුර ආධාර අරන් ගියා. අපි ගාව ව්‍යාපෘති වලට සල්ලි එකතු කරලා තියාගන්නේ නෑ. ඒ වෙලාවට අවශ්‍ය වුනහම තමයි අපි ෆේස්බුක් එකේ යාළුවන්ට දැනුම් දෙන්නේ. කොහොමහරි එදා අපිට 5 දෙනෙක්ගෙන් සහයෙන් රු.40,000 හොයාගෙන ඒ හදිසි අවස්ථාවේ පවුල් 300ට පොඩි හෝ ආධාරයක් කරන්න පුළුවන් වුණා. ඉතිං අපි හිතුවා ඒ ආයෙත් හදිසි අවස්ථාවක් ඇතිවුනොත් ප‍්‍රතිචාර දක්වන්න/ක‍්‍රියාත්මක වෙන්න කණ්ඩායමක් නිර්මාණය කරන්න. SamajaSathkara Emergency & Disaster Response Team | සමාජ සත්කාර හදිසි ආපදා සහ ස්වභාවික විපත් වලදී උපකාර හා ප‍්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම ගංවතුර, සුළි සුළං, නාය යෑම් වැනි වැඩි පිරිසකට එකවර හානි පැමිණවෙන ස්වභාවික ආපදා තත්ව වලදී හෝ වෙනත් හදිසි අවස්ථාවලදී ඒ පුද්ගලයින් හට ඒ මොහොතේ අවශ්‍ය වන වියළි ආහාර, ඇඳුම්, හෝ ඖෂධ ආදිය රැගෙන යාමට අප බලාපොරොත්තු වේ. ලංකාවේ කොහේ වුවද, ගොඩබිමින්, ගුවනින් හෝ දියඹින් ආධාර රැගෙන යාමට අප සූදානම්ය. ඉතිං මේ වගේ අවස්ථාවලදී අපට වැඩි වේලාවක් ගන්න බැහැ. සමහර අවස්ථාවලදී පැයක් දෙකක් ඇතුළත ආධාර අරන් යන්න අවශ්‍ය වෙනවා. අපගේ අනෙක් ව්‍යාපෘති වලදී වගේ අපට ෆේස්බුක් පෝස්ට් එකක් දාලා මේ සඳහා ප‍්‍රතිචාර එනකම් බලාගෙන ඉන්න බැහැ. ඉතිං මගේ ෆේස්බුක් එකේ මං දන්නා තරමින් 1500ට වැඩි පිරිසක් ඉන්නවා මගේ වැඩසටහන් වලට ආධාර කරන අය. සමහර අය සෑම වැඩසටහනකටම සුළු හෝ මුදලකින් සම්බන්ධ වෙනවා. ඒත් අපිට අවශයි මෙහිදි මං ඒ පිළිබඳව දැනුම් දීලා උපරිම පැය 48ක් ඇතුළත මුදලින් හෝ ද්‍රව්‍යමය ආධාර කරන්න පුළුවන් අය කිහිප දෙනෙක් එකතු කරන්න. අපට රු.50,000 සිට රු.500,000 මුදලක් දක්වා පැය කිහිපයක් ඇතුළත එකතු කරගන්න වෙනවා. එය ආපදා තත්වය අනුව වෙනස් වෙනවා. මේ සඳහා ඒ අවස්ථාවේ රුපියලකින් හරි දායක වෙන්න කැමති අය ඉන්නවනම් මෙහි ඇති ෆෝරමය පුරවන්න. නොඑසේනම් කමෙන්ට් එකකින්, පණිවිඩයක් මාර්ගයෙන් හෝ ඇමතුමක් මාර්ගයෙන් මට දැනුම් දෙන්න. එවිට මට වැඩි වේලාවක් නොගෙන ඔබව සම්බන්ධ කරගෙන අවශ්‍ය ආධාර එකතු කරගන්න පුළුවන්. අසරණ පුද්ගලයෙක්ට හදිසි අවස්ථාවකදී පිහිට වෙන්න කැමතිනම් මෙම ෆෝරමය පුරවන්න : goo.gl/lIxtrd A Collaborative Idea By Danesh Maduranga Edirisooriya & Aravinda Nath [Who is Danesh? Explore more : goo.gl/UDsSpO] [Want to be a friend of him? Add : https://facebook/Daneshmaduranga] ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි... Visit : samajasathkara.lk/ A Project of B.H. Edirisooriya Community Service Foundation [https://facebook/B.H.EdirisooriyaFoundation]
Posted on: Sun, 27 Jul 2014 14:00:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015