ගිය ඉරිදා ලිබර්ටි එක - TopicsExpress



          

ගිය ඉරිදා ලිබර්ටි එක පැත්තෙන් යද්දී දැක්කා Denzil Washingtonගේ The Equalizer තියනවා වගේ වගේ . මම බලමු කියපු ගමන් මගේ එක්කෙනා ( පිටිපස්සේ සිට් එකේ හිටියේ ) කියපි එකේ වැඩිහිටියන්ට පමණයි කියලා ගහලා තිබ්බා කියලා. මොන හුයන්නක්ද යකෝ කියලා හිතලා අන්තිමට ගෙදර ඇවිල්ලා එයාට ට්‍රේලර් එකත් පෙන්නලා කතාවේ සාරන්ශයත් කියලා අද එක්කන් ගියා බලන්න. කතාව බොහොම සාමාන්‍ය විදියට පටන් ගන්නවා . සාමාන්‍ය මනුස්සයෙක් තමන්ගේ එදිනෙදා වැඩ කරන් සාමකාමී විදියට ජිවත් වෙනවා. ඒ මනුස්සයට එයා විතරක් දන්නා අතිතයකුත් තියනවා. ඒ අතීතය වලදාලා සාමාන්‍යය ජිවිතයක් ගෙනියන මිනිහට එක තැනකදී වෙනවා ආපහු ඒ අතීතයේ ජීවත්වුණු කෙනාගේ තත්වෙට හැරෙන්න. ඔන්න ඕකයි කතාව. ක්‍රියාදාම චිත්‍රපටයක දැන් ගහයි දැන් මරයි කියලා හිතන් ඊළඟ මොහොතක වලියක් බලාපොරොත්තුවෙන් ඉඳලා ඊළඟ දර්ශනේදී වලිය ඉවරකරලා එන දර්ශනයක් දැක්කොත් බොහෝවිට බලන කෙනා කලකිරෙන්න පුළුවන්. නමුත් මේ ෆිල්ම් එකේ සමහර තැන්වල ක්‍රියාදාම ජවනිකාවට වඩා වඩා ප්‍රභල දෙබස් තියනවා , තවත් සමහර විශේෂ තැන්වල ඉෆෙක්ට්ස් , කැමරා කෝණ ඒ වගේම මෘදු ආලෝක හැසිරවීමක් තියනවා, ඒ ඇතුලේ කතාවේ ප්‍රධාන චරිතයේ ගුණාංග , පෞර්ශයය මාර විදියට උඩට ගන්න ඒ දර්ශන සහ දෙබස් පුදුම විදියට උදව් වෙලා තියනවා කිව්වොත් හරි. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයේ තියන උපායශීලි බව වගේම දැනුම නිසා කොහෙදිවත් නොපෙන්වන ඔහුගේ අතීතය කොයි වගේ එකක්ද කියන එක ගැන අදහසක් බලන කෙනාට ලැබෙනවා වගේම , අනික් පැත්තෙන් ඉන්න මාෆියාවේ චරිතවල දෙබස් නිසා ඔව්න් තමන් ගැන හිතන් ඉන්නා ආකාරය වගේම සමාජ තත්වය අමතර වෙලාවක් නොගෙන කියනවා. එක තැනකදී පාතාලයේ ඉන්න ඉහල පෙලේ අයට ගණිකාවන් සපයන තරව්කාරයෙක් එන්නේ Mercedes-Benz S-Class එකක. තව තැනක Mercedes-Benz SLR එකක ඇවිල්ලා බැහැලා පාර අයිනේ තියන ලම්බෝගිනියක් පෙන්නලා අහනවා Who park that piece of shit in my parking spotකියලා ඒ වගේම එක තැනකදී ප්‍රධාන චරිතය හොයන එන මාෆියාවේ කෙනෙක් අහන හැම ප්‍රශ්නයකටම නොහිතන විදියට උත්තර දීම බලන කට්ටියව පුදුම කරයි . බලන්න වටිනා කතාවක්. බලන්න ඕන ක්‍රියාදාම චිත්‍රපටියක් IMDB එකේ Ratings: 7.6/10 ( from 17,428 users Metascore: 57/100 Reviews: 112 user ) https://youtube/watch?v=Qt0GkVZK8zA
Posted on: Sun, 05 Oct 2014 18:13:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015