තුවක්කුකරුවන් මොණරාගල - TopicsExpress



          

තුවක්කුකරුවන් මොණරාගල බියවද්දයි. ජවිපෙ කාර්යාල 3 කට ප්‍රහාර පැය 72 ක් තුළ විපක්ෂයේ කාර්යාල 21 ක් විනාශයි. අවි ආයුධ සහිතව ජීප් රථ ගණනාවකින් පැමිණි කණ්ඩායම් මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් කණ්ඩායමකට පහර දී ඇත. පක්ෂ නායක අනුර දිසානායක මහතා සහභාගිවීමට නියමිත රුස්වීමක් සදහා ජවිපෙ විසින් වේදිකාවක් සකස් කරමින් සිටින අතර තුර මෙම පහරදීම සිදු කොට ඇත. බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුඵ කණ්ඩායමක් මෙම පහරදීම සිදු කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ වන විට තුවාල ලබා රෝහල් ගත කොට ඇති පුද්ගලයින් දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් වෙති. මොවුන් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි කණ්ඩායමේ සාමාජිකයින් වෙති. බඩල්කුඹුර ප්‍රා.ස. උප සභාපතිවරයා විසින් ඊයේ රාත්‍රී ජ.වි.පෙ. සිය රුස්වීම සදහා සැරසිලි සිදු කරන විට වේදිකාව තැනීම නවතා දමන ලෙස තර්ජනය කොට ඇත. පසුව විදි ලාම්පු නිවා දැමීම සදහා ප්‍රදේශයේ විදුලිය අඩපණ කිරීමට ඔවුන් කටයුතු කොට ඇත. රාත්‍රී 11.30 ට පමණ එල්ල වූ පළමු ප්‍රහාරයන් එජනිස යේ දෙදෙනෙකු තුවාල ලබා ඇත්තේ ජවිපෙ විසින් සිදු කළ ප්‍රතිප්‍රහාරයන් හේතුවෙනි. එයින් පසුව අද අලුයම 1.00 ට පමණ ආයුධ සන්නද්ධව ඩිෆෙන්ඩර් රථ හතරකින් පැමිණි කණ්ඩායමක් ජවිපෙ හි සැරසිලි සිදු කරමින් සිටි කණ්ඩායමට වෙඩි තබා ඇත. ප්‍රහාරයෙන් ජවිපෙ කණ්ඩායම එම ස්ථානයෙන් ඉවත් වී ඇත. මෙයට අමතරව ජවිපෙ හි මොරණාගල හුලංදාව (එස්.එන්.සේනාධීනර), කුඹුක්කන (පී.ජී.විජේසිරි), සහ මොණරාගල ඩිපෝව පාර (එම්.කේ.සෝමරත්න) කාර්යාලවලට වෙඩි තැබීම් ද, ගිණි තැබීම් ද ඊයේ (25) රාත්‍රී යේ දී වාර්තා විය. මොණරාගල, මඩුල්ල, බිබිල, තණමල්විල, සෙවනගල, බුත්තල, කතරගම, බඩල්කුඹුර ප්‍රදේශවල දී ජවිපෙට එරෙහි ප්‍රචණ්ඩක්‍රියා මේ වන වර්තා වී ඇත. අද පෙරවරු 6 ක් අවසන් වූ පැය 72 ක කාලය තුල මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අයත් පක්ෂ කාර්යාල 21 කට පහරදීම් සිදු වී ඇත. බිබිල මැතිවරණ බල ප්‍රදේශය තුල දී එජාපයට වැඩි ප්‍රචණ්ඩත්වකට මුහුණ දීමට සිදු ව ඇත. බිබිල ප්‍රදේශයේ ඇති වූ සිද්ධි මාලාවෙන් පසුව කැෆේ සංවිධානය මෙම මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශයන් හි ආරක්ෂාව තර කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරයි. අගෝ. 24 දින පැය 6 කට ආසන්න කාලයක් මැර කණ්ඩායම් බිබිල ප්‍රදේශයේ විපක්ෂයේ සියලු ප්‍රධාන පක්ෂවලට ප්‍රහාර එල්ල වූ නමුත් මේ දක්වා ප්‍රහාර එල්ල කල පිරිස් අත්අඩංගුවට ගෙන නොමැත. එමෙන්ම ඊයේ දිනයේ බඩල්කුඹුර දී පළමු ගැටුමෙන් පැය දෙකකට පමණ පසුව වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වූ නමුත් පොලීසිය අවම වශයෙන් මාර්ග බාධක හෝ බෙදීමක් සිදු කර නොතිබුණි. මොණරාගල දිස්ත්‍රික්කයේ ආයුධ සන්නද්ධව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට පියවර ගත යුතු බව කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි. (ඡායාරුප අමුණා ඇත) මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 2014 අ‌ගෝස්තු මස 26 වැනිදා Gunmen terrorize Moneragala again Gunmen travelling in Defender Jeeps once again terrorized parts of Moneragala district last night when they attacked Janatha Vimukthi Peramuna (JVP) supporters in two separate occasions. Two persons have been wounded when the supporters of Badalkumbura pradesheeya sabha deputy chairman attempted to assault members of Janatha Vimukthi Permuna (JVP) who were preparing the stage for an election meeting which will be conducted today with the participation of JVP leader Anura Kumara Dissanayake. The two men belong to the group who arrived to attack the JVP supporters. Badalkumburaj pradesheeya sabha deputy chairman and his supporters earlier confronted JVP supporters demanding them not to prepare the stage and switched off the street lamps in the area making it difficult for them to prepare the stage. JVP members continued with the work after lodging a complaint with the OIC of Badalkumbura police. Around 1 am a group of men armed with clubs arrived where the JVP supporters were making the stage and a clash occurred between the two groups. Two UPFA supporters were wounded and they retreated. however after a short while a group of men in Defender Jeeps arrived at the scene and started shooting at the JVP members who fled the scene leaving behind their three-wheelers and motor cycles. While the JVP members were fleeing four Defender Jeeps arrived from Moneragla and started shooting at the fleeing JVP members who ran into the forest only to emerge in the morning. Meanwhile around the same time three JVP officers have been destroyed and shots have been fired at the houses of JVPers SN Sendeera (Hulandawa, Moneragala,) PGV Wijesiri (Kumbukkana,) and MK Somaratne (Depot Road, Moneragala.) In the last few days JVP offices and supporters were attacked at Madalla, Moneragala, Bibile, Thanamalwila, Sewanagala, Buttala, Kataragama and Badalkumbura. In the 72 hours that ended on 6 am today (26) CaFFE has received information that 21 offices of United National Party (UNP,) JVP and Democratic Party (DP) have been attacked. Commenting on the deteriorating law and order situation in Monergala district Campaign for Free and Fair Elections (CaFFE) yesterday urged the election authorities and policemen to take immediate steps to enforce election laws predicting that things will take a more violent turn. Yesterday nights incidents took place as police took no action and continued to ignore our warnings. We hope that the relevant authorities will take appropriate action at least now to enforce election laws in Moneragala. CaFFE Media Unit
Posted on: Tue, 26 Aug 2014 11:06:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015