දැන්ම ඔබගේ ප‍්‍රතිමාව - TopicsExpress



          

දැන්ම ඔබගේ ප‍්‍රතිමාව වෙන් කරගන්න. ඔබට මාස 2ක කාලයක් තියේ මුදල් එකතු කරගන්න. එකතුවෙන්න මේ මහාර්ඝ පිංකමට. අද පාන්දරම මමත්, ආසිරිත්, වල්පොල සද්ධානන්ද හාමුදුරුවොත් එක්ක ඇහැළියගොඩ, අක්කර 26, මිටිපොල ග‍්‍රාමයේ ශ‍්‍රී මලියදේව බෞද්ධ මධ්‍යස්ථානයට ගියා. කඳු මැදින්, ගල්, බොරළු, වළවල් සහිත පාරක පැය භාගයක ගමණකින් පසු අප ගම්මානයට ලගාවුණා. ඉතාමත් දුෂ්කර ගම්මානයක් වන මේ ගම්මානයට ආගමික කටයුතු ඉෂ්ඨ කරගන්න පුංචි පන්සලක් හදන්න ඕන කියලා ගියාට පස්සේ මට හිතුනා. අපි මේ හදන්න බලාපොරොත්තු වෙන පන්සලේ අටවිසි බෝධි ප‍්‍රාකාරයට බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා 29ක් සහ විහාර ගෙයට අඩි 5 1/2ක් උසැති විශාල බුද්ධ ප‍්‍රතිමාවක්ද අප පුජා කරන්නට බලාපොරොත් වෙනවා. ඔයාලට තව කල් තියෙනවා මේ සඳහා මුදල් එකතු කරගන්න. මාස 2කින් තමයි අපි මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ. හැබැයි ඔබටත් ප‍්‍රතිමාවක් පුජාකරන්න අවශ්‍යනම් දැන්ම භාරගන්න. දහම් අමයුරු | Daham Amayuru (Donate Buddha Statues) මුළු ලෝතලය පුරා පවතින උතුම් ශ‍්‍රී සදහම් වැස්ස ඇදහැලෙන්නට මග කියා දුන් අටවිසි බුදුරජාණන්වහන්සේලා උදෙසා කරනු ලබන උතුම් පූජාව... රත්නපුර, ඇහැළියගොඩ - අක්කර 26 මිටිපොල ග‍්‍රාමයේ ශ‍්‍රී මලියදේව බෞද්ධ මධ්‍යස්ථානයේ විහාර මන්දිරයට අඩි 5 1/2ක් උසැති බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් සහ අටවිසි බෝධි ප‍්‍රාකාරයට අඩි 2ක් උසැති ප‍්‍රතිමා වහන්සේලා 29ක් පරිත්‍යාග කරමු. වැයවන මුදල කුඩා ප‍්‍රතිමාව : රු. 12,000 පමණ මධ්‍යස්ථ ප‍්‍රමාණයේ ප‍්‍රතිමාව : රු. 15,000 පමණ විශාල ප‍්‍රතිමාව : රු. 75,000+ එක පිළිම වහන්සේ නමක් හෝ ඔබත් භාරගන්න කැමතිද? Then Join : https://facebook/events/873395029355579/ An Idea By Danesh Maduranga Edirisooriya A Collaborative project with Walpola Saddhananda Thero Video Credit : Asiri Upendra Dias [Who is Danesh? Explore more : goo.gl/UDsSpO] [Want to be a friend of him? Add : https://facebook/Daneshmaduranga] ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි... Visit : samajasathkara.lk/ A Project of B.H. Edirisooriya Community Service Foundation [https://facebook/B.H.EdirisooriyaFoundation]
Posted on: Fri, 08 Aug 2014 04:43:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015