පසුගිය සඳුදා සිට ආගිය - TopicsExpress



          

පසුගිය සඳුදා සිට ආගිය අතක් නැතුව සිටි අපගේ ඔෆීසියේ.. SLT Broadband - අන්තර්ජාල සම්බන්ධතාවය දැන් ස්වල්ප මොහොතකට පෙර අප වෙත ලැබුණු වගයි..! එහෙත්.. මේ සඳහා අපගේ වටිනා කාලය කොතරම් නාස්ති වූවා දැයි ගණන් බැලුවහොත්.. SLT එකට විරුද්ධව නඩුවක් දමන්නට සිතෙන තරම් වනු ඇත. එය අපට පසුගිය වසර තුන හමාරක කාලය තුළ අපගේ සේවා ආයතනයක් වෙතින් ලැබුණු අතිශය දුර්වලම සේවාවයි.. සඳුදා සිට විටින් විට ටෙලිකොම් ආයතනයේ 1212 අංකයට කතා කොට හරි ගියේ නැති තැන මාගේ හිතවත් මිතුරෙකු වූ.. මංගල අබේසේකර මහතාට කතා කර මේ ප්‍රශ්නය කීවෙමි. රෙෆරන්ස් නම්බර්ස් එවන ලෙස ඔහු දැනුම් දුන් අතර එය මා විසින් ඔහුට යැවූවෙමි. එහෙත් ඉන්පසුව ඔහුට කතාකිරීමට ගත් උත්සාහයන් එකක්වත් සාර්ථක වූයේ නැත. අවසානයේ අද උදෑසන SLT Online Chat එකෙන් නැවත පැමිණිල්ලක් ඉදිරිපත් කර සිදු වූ සියල්ල පැවසීමි. අනෙක් අන්තයෙන් තවත් රෙෆරන්ස් නම්බර් එකක් දී පැවසුවේ මේ අවසාන එක වනු ඇති බවයි. හවස 3 පමණ වන විට.. රවුටරයේ Internet Bulb එක නිවී ගිය අතර DSL Bulb එක blink වන්නට ගති. ඉන්පසු නැවතත් SLT Online Chat එකට ගිය මට දැනගන්නට ලැබුණේ.. Exchang එකේ Data Transmission වල ගැටළුවක් තිබෙන බවත් එය නිරාකරණය කරමින් සිටින බවත්ය. පසුගිය දින පහ පුරාවටම ඇසුණු එකම සැනසිලිදායක වචනය ට ගරු කර ස්තුතිය පුද කළෙමි.. අවසානයේ හවස 4.30 පමණ වන විට මෙතෙක් අතුරුදන්ව සිටි අන්තර්ජාලය අප වෙත ලැබුණි.. ඒ වෙනුවෙන් හෘදයාංගමව කටයුතු කළ යමෙකු වේ නම් ඒ හැමට මාගේ ස්තුතිය පුද කරමි.. පුණ්‍යානුමෝදනා කරමි.. නලින්ද.. මචං ස්තුතියි දක්වපු සහයෝගයට.. මංගලටත් ස්තුතියි.. අඩුගානෙ.. පළවෙනි වතාවෙවත් ෆෝන් එක ආන්ස්වර් කළාට..
Posted on: Fri, 13 Sep 2013 11:14:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015