මේ පොස්ට් එක වෙනස් ටිකක් - TopicsExpress



          

මේ පොස්ට් එක වෙනස් ටිකක් දිගයි වෙලවක් තිබුනොත් කියවල බලපල්ල. පොඩි හරි දෙයක් ගත්තනම් සතුටුයි,. මේක කාටවත් පහර ගහන්න දාන ඒකක් නෙවෙයි…… Facebook තමයි ලංකාවේ වැඩි දෙනෙක් භාවිතා කරන්නේ. ඕකට වෙලා ඉන්නකොට අපිට එක එක ජාතියේ post අපි share කරනවා සමහර ඒවා අපි නිර්මාණය කරපුවා අනික්වා වෙන තැනකින් උපුටාගත්ත ඒවා. මේ හැම Post එකක්ම පළකරන්නේ කිසියම් අරමුණක් පෙරදැරිවයි. හැබැයි ඔබ ඔබේ පැත්තෙන් හිතලා සුදුසු යැයි පළකරන post එකක් තවත් කෙනෙක් දකින්නේ වෙනස් විදිහකට. සමහරක් වෙලාවට ඔබ දාන එක post එකකට නිකන්ම ඔබේ මිතුරන් ඔබ විසින්ම Unfriend කරගන්නවා විය හැක. Post එක දාන අපිට එකේ දෙපැත්තක් තේරෙන් නෑ. ඉතින් එකට අපි අද පිළිතුරු සොයාගත්තා. එහිදී ඔබට ඔබේ මිතුරන් රැකදෙන, හා සමාජ ජාලයක් තුල ඔබ හැසිරිය යුතු ආකාරය පිළිබදව අප ඔබව දැනුවත් කරනවා. ඔබ හොදාකාරවම දන්නවා අපේ සාමාන්ය ජීවිතය හා මේ Facebook ජීවිතය කියන්නේ දෙකක් කියලා, හැබැයි තවම පොඩි දෙනෙක්ට මේ වෙනස තවමත් අදුනගන්න්නට බැහැ. ඔබ මේ සම්පුර්ණ ලිපියම කියවා අවශ්ය දෙයක් තිබුනොත් පමණක් එය එකතු කරගන්න. 1. ඔබේ ආදරය ගැන ඕනෑවට පුරසාරම් දොඩවන්න එපා. “My boyfriend is so cute. He just took me shopping then took me to dinner” ඕනෑම දෙයක සීමාවක් තියනවා නේ. Facebook ගිය හැම වෙලාවකම තමන්ගේ ප්රේමය ගැන අනික් අය දැනුවත් වෙන්නට ඕනෙද? අනික ඒ අය දැනුවත් වෙන්නේ මොකටද ඒ ගැන? අනවශ්යම දෙයක් කියල හිතෙන් නැද්ද? ඔබේ පෞද්ගලිකත්වය හා Facebook කියන්නේ දෙකක් එනිසා ඒ දේවල් Post කිරීමේදී සැලකිලිමත් වන්න. හිතන්න ඔබේ ආදරය බිදුනා කියලා එතැනදී කරන්න ඕනේ විවිධාකාර වචන වලින්, පින්තුර වලින් හෝ විවිධ දේ facebook තුල Share කිරීමද කරන්න ඕනේ නැත්නන් කෙලින්ම ගිහින් ඇය හෝ ඔහු හමුවී කථා කර අවසාන කරගන්න එකද? අපි නොහිතා ඕනෙම දෙයක අපිට පල කරන්නට පුළුවන් හැබැයි අපි නොදැනුවත්වම අපට වන හානිය අපව ආරක්ෂා කරන්නේ නෑ. එය සමහර වෙලාවට යළිත් ඔබේ ජීවිතයටම එය තර්ජනයක් වෙන්න්නට ඉඩ තියෙන නිසා සැලකිලි මත වන්න. 2. ඔබේ කාර්යබහුලත්වය ලොවට පෙන්වා ඔබ වෙත අනවශ්ය අවධානයක් එක් කරගන්න එපා. “OMG I have been so busy today. Made breakfast, went shopping, did my washing now making a cake. Someone give me a medal” ඔබ කාර්යබහුලයි කියා සිතා මේ දේවල් පළකරනවා නම් වෙන කෙනෙක් හිතන්න පුළුවන් මේ මොන වැඩද කියලා, අපි මේවා හැමදාම කරන දේවල් නේ කියලා. ඒ හරහා ඔබ ගැන වැරදි හැගීමක් එන්නට පුළුවන්. 3. ඔබ දුක් වෙන දේ ගැන අනෙක් හැමෝමත් ඒ විදිහටම හැමදාම දුක් වෙනවද? එක කවදාවත් වෙන දෙයක් නෙවෙයි නේ. මිතුරෙකුගේ කරදරයකදී ඔබ ඔහු හෝ අය සමග ඉන්නවා වෙන්නට පුළුවන් හැබැයි ඔබම දන්නවා ඒ උදව්ව හැමදාම මිත්රත්වයෙන් උවත් කරන්නට බෑ කියා. එසේ ලග හිටියත් ඔහුට හෝ ඇයට කරන්න පුළුවන් ඔබව සනසන්න විතරක් නම් කරන්නට දෙයක් නෑ ඔවුන්ට. ඒ නිසා ඒ වගේ දුක්බර status update කරනවා නම් තමන්ගේ ඉදිරිය ගැනත් හිතලා ඒ දේවල් පළකරන මොකරන එක ඔබගේ කැමැත්තක්. “I am single again. Thought she was the one” 4. අරක මේක නිකන් දෙනවා කියලා SCAM share කරන්න එපා. දෙයක් Share කරද්දී එක හරියට කියවලා බළලා Share කරා නම් ඔබත් ඔබේ මිතුරොත් අනවශ්ය Scam වලට හසු නොවී ඉදීවී. “Bill Gates is giving away money. Share this and be in with a chance of winning loads of cash” 5. හිතේ තරහට Facebook එක පලි නෑ නේ. ඔබ ඕනේ තරම් දැකලා ඇති මිතුරන් අතරින් කාටහරි ඉලක්ක කරළා Post දානවා. එහෙම කරන්න ඕනෙද ඇත්තටම? කෙලින්ම ගිහින් කතාකරල විසදගත්තොත් හොද නැද්ද? “WHY DOES SOMEONE TALK BEHIND MY BACK. SAY IT TO MY FACE!” 6. මට මේ Facebook එපා වෙලා මම යනවා යන්නම. Disconnect කරනවා නම් කරන්න, නැත්නම් Incative වෙන්න එක අද බෙර ගහලා පෝස්ටර් ගහලා දාන්ඩ ඕනේ නෑ නේ. “Facebook is so rubbish I am leaving” 7. “ඔබට මේ post එක කියවිය හැකිනම් ඔබ වාසනාවන්තයි මොකද මීට විනාඩියකට ඉස්සෙල්ලා මම මගේ Friend list එකේ ගොඩක් අය අයින් කළා . 8. මට ජීවිතේම එපාවෙලා ඔය වගේ Status එකක් දැන් නැතුව ලගම යාලුවෙක් හරි ගෙදර අයත් එක්ක පොඩි ගමනක් දෙකක් ගිහින් බලන්ඩකෝ ඔය දැනෙන හැගීම එනවද කියලා. එකම විදිහට එකම චර්යාවක් අනුගමනය කරන නිසාම තමයි ඒ දේවල් වැඩියම ඔලුවට එන්නේ. 9. Facebook ගැන අසත්ය ප්රකාශ කිරීම “Facebook has changed its rules and now anyone can see your pics and status updates. Please share this and then click done on this status or I need to delete you” 10. අද Vampire Diaries අන්තිම කොටස? අම්මෝ! අනික් ඇයට කරදරයක් නැතුව බලල පාඩුවේ හිටියා නම් ඉවරයි නේ. 11. තේරුමක් නැති වචන Oh, OMG, WT*,Fcuk ඔය වගේ තනි වචනෙන් අදහස් ප්රකාශ කරන අය ඔබ කීදෙනෙක් දැකලා තියනවාද? අවශ්යමද මේ වගේ Post දන්න? එට වැඩිය හොද නැද්ද මුළු කතාවම තේරෙන විදිහටම දැම්මනම්. මේ Post එකේ මොන දේ තිබුනත් අපි කරන්නේ අපිට ඕනේ දේ හෝ මේවා වැරදි විදිහට දකින නැති අය ඉන්නවා නම් නම් කමක ් නෑ.
Posted on: Sat, 19 Jul 2014 08:40:25 +0000

Trending Topics



m as he picked
Attention time freedom and financial freedom seekers!!! Boy do I

Recently Viewed Topics




© 2015