මා විසින් දීර්ග කාලීනව - TopicsExpress



          

මා විසින් දීර්ග කාලීනව සිදු කරන ලද සමීක්ශනයකින් අනුව සොයා ගත් දෙයක් නම් ෆේස්බුක් තුල ඉන්න ලාංකීයයන් 90% සම්පූර්ණ මානසික ලෙඩ්ඩුය. අනික් 10% ට ෆේස්බුක් එන්න වෙලාවක් නැත. සමහරුන්ට සිංගල් මේනියාව ය. උන් හැම තිස්සෙම කෙල්ලෙක් නෑ කිය කිය දුක් විදින අතර එක එක පේජ් වලින් තමන් සිංගල් වීම ගැන ආඩම්බර යැයි කියවති. මුන්ගෙන් කනක් ඇසීමට නැත. Wall වනසයි. සමහර උන්ට ෆේක් මේනියාව ය. එකාට ෆේක් අකවුන්ට් කීපයක් ඇත. එකකින් පෝස්ට් දමා තමන්ගේම අනිකෙන් එකට කමෙන්ට්, ලයික් කරගෙන ස්වයං ආතල් එකක් ගනිති. මේ අතර හුදෙක් විනෝදය සදහා ෆන් එකක් ගැනීමට පමනක්ම කල්ලි ගැසෙන ෆේක් සෙට් එකක්ද නැතුවාම නොවේ. සමහරුන්ට Film මේනියාවය. බලල නැතත් කොහෙන් හෝ කෑල්ලක් හොයාගෙන අලුත්ම Film එක ගැන ඉවරයක් නැතුව කියවයි. අලුත්ම ට්‍රෙන්ඩ් එක "මම රාජ කුමාරයෙක් නෙවෙයි, අහවල් එකෙක්" සමහරු හැක්ර්ලාය. තවත් සමහරු මයික්‍රොසොෆ්ට්, ගූගල්, ෆේස්බුක් වැනි ආයතන වල ලොක්කන්ය. තව සමහරු උදේ දවල් රෑ, තුන් වේලටම කන්නේ "Linux" ය. තව ෆේස්බුකිය ඉස්පිරිතාලෙ කරගත්තු උන්ද සිටි. උන් හිසේ කැක්කුමටත් දුවගෙන එන්නෙ ස්ටේටස් එක දාන්නටය. "අම්මියෝ මගෙ ඔලුව රිදෙනවෝ" තව ෆොටෝමේනියා කාරයන්ද සිටි. උන්ගෙ වැඩේ එක එකාගෙ කාර් වෑන් ලඟ හිටගෙ ෆොටෝ ගහල බුකියට දාන එකය. එහෙම නැත්තං T-shirt එක විතරක් මාරු කරල එක එක හැඩේට ඉදලා එක එක ෆොටෝ ගහල දාන එකය. ලොකුකම කියවන උන්ද අම්බානෙට ඇත. ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ සෙට් එක තමා උන්. iPhone 5 Release කරන්ඩත් කලින් උන්ට ලැබී ඇත. මේ අතර දාර්ශනිකයන්ද සිටී. ක්‍රිකට් පුහුනු කරුවන්ද. ව්‍රෙස්ලින් කාරයන්ද, PC Game කාරයන්ද බහුලය. මෑතක ඉදන් ෆේස්බුක් සිංහලයන්ද, ෆේස්බුක් බෞද්ධයන්ද බහුලය. උන් ගැන කතා කර වැඩක් නැත. තව JVP කාරයන්ද, UNP කාරයන්ද, මහින්දට ගොට්ට අල්ලන උන්ද සිටියි. තව ලයික් හිඟා කන උන්ද, ලයික් රත්තරං මෙන් පරිස්සම් කරන උන්ද, විනෝදය සදහා ඇති ගෲප් තමන්ගේ මානසික අසහනය පිනවන්නට යොදාගන්න උන්ද පිරී ඇත. මුන්ගෙන් නම් ඇත්තෙ පුදුම වදයකි. කෙල්ලංගෙ නම් වැඩි ආබාද ගතියක් පෙනෙන්නට නැත. උන්ගෙ වැඩේ ඉතිං පූසෙක් හරි හොරිකඩ බලු පැටියෙක් හරි ශෙයා කරල ආනේ ස්වීට් ගාන එකය. කෙල්ලන් තුල බහුලව ඇත්තේ Friend Request එකක් Marriage Proposal එකක් විදියට හිතන ලෙඩේ පමණය. මේ අනුව මාගෙ නිගමනය 90% ලාංකික ෆේස්බුක් කරුවන් මානසික ලෙඩ්ඩුය. උන්ට බෙහෙත් නැත. මටද නැත.
Posted on: Tue, 25 Jun 2013 07:15:47 +0000

Trending Topics



House
FLAME WORD WALKING IN THE SPIRIT PART 2- Our Man of God for
Praised God, for this Positive Challenge for Peace in this
Feelings of a Married GirL (Dedicated To All Girls) Here i

Recently Viewed Topics




© 2015