ලැජ්ජා නැතිකම - TopicsExpress



          

ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලු - තේරෙන සිංහලෙන් මමම කීපාරක් මේ ගෘප් එකේම කියලා ඇද්ද මේ මගුල දාන්න එපා කියලා. කව්රු හරි copyright ගැන මොකක් හරි අමුණලා දානවා - කට්ටිය කරන්නේ දිගට ඉංග්‍රීසියෙන් තියෙන හින්දා හිතනවා මේක නියමයි, අදහස සහ තේරුම මොකක් වුනත් කමක් නැහැ දාලා දානවා කියල්ල තමන්ගේ නමත් එක්ක. All images here are copyright by the photographer who created them. Under no circumstances shall these digital files be used, copied, displayed or pulled from this site without the expressed written consent of the photographer. All pictures what in this album are fully owned by XXXX ලංකාවේ ෆොටෝ copyrights කරපු එක්කෙනෙක්වත් ඉන්නවා නම් පෙන්නන්න තමන්ගේ පින්තුර ලියාපදිංචි කරපු ලියවිල්ලක ෆොටෝ කොපි එකක්. ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහලා බලන්න මොකක්ද ඔය කියලා තියෙන එකේ තේරුම කියලා. හිනා යනවා මේක කියෙව්වාම. ඒ මදිවට ෆොටෝ එකේ නම් සහ ටෙලිෆෝන් නොම්මර පුරෝනවා - එකම දෙය දෙතුන් තැනකම. යටින් දානවා මංගල සහ අවමංගල විශේෂඥයෝ, ප්‍රිෂූට් අර ෂූට් මේ ෂූට් ඔක්කොම කරනවා. පාස්පෝට් ඉඳන් පොට්‍රෙට් වෙනකම් ඔක්කොම වර්ගයේ ෆොටෝගන්නවා. වයිල්ඩ්ලයිෆ්ද කොමර්ෂල්ද ඔක්කොම කරනවා කියලා මුලින්ම හරියට ෆොටෝ එකක් ගන්න - ඊට පස්සේ ඒක නිවැරදිව සංස්කරණය කරන්න - පසුව එය නිවැරදි ලෙස ප්‍රදර්ශනය කරන්න. ඔහොම ගියොත් නම් අබ සරණයි - ෂෝ එක ඕනෑ, නමුත් බොරු ශෝවලට නම් ආයුෂ අඩුයි. ලොකු කැමරාවක් හෝ දෙකක් කරේ තියාගන්නවාට වඩා පුංචි කැමරාවකට ඇහැ තියාගන්න එක වටිනවා
Posted on: Tue, 21 Oct 2014 04:41:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015