Aalavandhan (2001) Tamil සුපිරි - TopicsExpress



          

Aalavandhan (2001) Tamil සුපිරි හොලිවුඩ් අධ්‍යක්ෂක Quentin Tarantino Kill Bill නිර්මාණය කරද්දී සුපිරි දමිළ සිනමාකරු Kamal Haasanගේ චිත්‍රපටයක් Copy කරපු බවක් බොහොම අහම්බයෙන් දැනගන්නට ලැබුනා. ඒ එක්කම මීට අවුරුදු ගානකට කලින් ඉස්කෝලේ 10 වසරෙදි බලපු චිත්‍රපටියක් මතකෙට ආවා. කරුණු සොයා බලද්දී දැනගන්නට ලැබුනා Tarantino කරලා තිබුනේ Copy කිරීමක් නොව, පාදක කරගැනීමක්. ඒ බව ඔහු ප්‍රසිද්ධියේම නිහතමානීව පිළිගෙනත් තිබෙනවා Kamal Haasanව අගය කරන ගමන්ම. ඇත්තටම මාව තරමක් මවිතයට පත්කරපු මේ සිදුවීම මුල්ම වතාවට දැනගන්නට ලැබීමත් සමඟම Aalavandhan ගැන යමක් සඳහන් කරන්නට හිතුනා. සිනමා ශාලාවක නරඹලා තියෙන දමිළ චිත්‍රපට ප්‍රමාණය 20ටත් අඩු ඇති. ඒ අතරින් Aalavandhan පුදුමාකාර සිනමා අත්දැකීමක් වුනා මාව තෘෂ්නිම්භූත කරවූ. 2001 වෙනකොට දැවැන්ත හොලිවුඩ් නිර්මාණ ඇති තරම් නරඹලා තිබුනත් Aalavandhan තුලින් අත්විඳපු ත්‍රාසය, භීතිය, කුතුහලය, සංවේදීත්වය, ගුප්ත බව, වර්ණවත් බව සහ වෙනස ඒ කිසිඳු චිත්‍රපටයකින් ලැබුවේ නැහැ. දමිළ චිත්‍රපටයක් මේ තරම් කාරණා ගොඩක් මේ ත‍රම් උසස් ගුණාත්ම්ක බවකින් තිබීම සෑහෙන්න පුදුමයකට පත්කරවූ දෙයක් වුනා ඒ කාලෙදි. මුල් නැරඹීම සිනමා ශාලවක නිසාම ළමාවියේ හිටපු මට ඒක තරමක් තදින් දැනෙන්නට ඇති. නමුත් එදා අපේ කණ්ඩායමේ හිටපු වැඩිහිටි සහෝදරයෙකුගේ ප්‍රකාශයක් මට අදටත් මතකයි. මෙච්චර Interest එකේ දෙමළ Film එකක් බැලුවමයි ඇත්තටම මේ අපූරු නිර්මාණයට මට කරන්න තියෙන හොඳම වර්ණනාවත් ඒකමයි, ඒ තරම් දමිළ චිත්‍රපට ප්‍රිය නොකරන්නෙක් ලෙසට. චිත්‍රපටයේ කතාව ගැන කියනවනම් Nandu නම් මානසික විකෘතිතාවකට පත් වුනු ගුප්ත, මා‍රාන්තික මෙ අතිශය සංවේදි චරිතයක් ඔහුගේ නිවුන් සොහොයුරා සහ මුලු මහත් සමාජයට එරෙහිව ඇතිවන ඝට්ටනයක් තමයි මූලික තේමාව වන්නේ. Kamal Haasan විසින්ම 1984දී රචිත ග්‍රන්ථයක් අශ්‍රයෙන් ගොඩනැගෙන මේ Nandu නම් අස්වාභාවික ආකර්ශනීය ච‍රිත‍ය සිනමාවට නැඟීමේදී නිර්මාණකරුවෙක් සහ රංගන ශිල්පියෙකු වශයෙන් Kamal Haasanගේ දායකත්වය පුදුමාකාරයි. අවංකවම ඔහු Unique artist කෙනෙක්. චිත්‍රපටයෙහි කතා පෙළගැස්ම, Nanduගේ විකෘතිතාවට හේතුවන පසුබිම් කතන්දරය සහ 2001 වසරට අනුකූලව භාවිතා කර ඇති දෘශ්‍ය ප්‍රයෝගයන්, විශේෂයෙන්ම Tarantino පවා පසුකලකදී අනුසාර කරගත් Cartoon දර්ශන පෙල, ආකර්ශනීය පසුතල නිර්මාණ, නිර්මාණාත්මක Choreography acts, සහ සංගීතය අති විශිෂ්ඨ මට්ටමක තිබුනා. සමහර විට මේ කාලයේදී මුල්ම වතාවට නරඹන කෙනෙකුට අඩුපාඩුකම් දකින්නට ලැබෙයි. නමුත් සමස්ථ කතන්දරය අලුත්ම වෙනස්ම අත්දැකීමක් වෙයි සැකයක් නැතිවම. Quentin Tarantino, director of cult-classic movies like Pulp Fiction and Inglorious Basterds, has admitted in a conversation with Gangs of Wasseypur director, Anurag Kashyap, that a sequence in Kill Bill is inspired by Kamal Haasans Aalavandhan. Quentin Tarantino happily admitted that he was inspired by this Indian serial-killer film which showed violence in animation. Kamal Haasan accepted the compliment in his interview to Mid Day by saying When I did the animation action sequence 12 years ago it was seen as self-indulgent and odd by a lot of people. Now that it has been endorsed by a filmmaker of such brilliance, critics will be kinder to some of the things I attempt in my films.”
Posted on: Tue, 04 Feb 2014 19:37:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015