වයඹ පළාත ප්‍රධාන වශයෙන් - TopicsExpress



          

වයඹ පළාත ප්‍රධාන වශයෙන් තැලිසීමියා රෝගය පැතිර තිබෙන ප්‍රදේශයක්.කුරුණෑගල දිස්ත්‍රික්කය ඉන් සුවිශේෂී වෙනවා.මේ රෝගය නිසා පවුල් විශාල ප්‍රමාණයක්ද පීඩාවට පත් වෙනවා. රෝගයට ගොදුරු වූ අයට මූලිකත්වය ලබා දීමක් මෙහිදී සිදු කෙරෙනවා.නමුත් විවාහ වීමට ප්‍රථම දරුවන්ට විද්‍යාත්මක දැනුම, අවබෝධය ලබාදීම ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා.එමඟින් අපට පුළුවන් වාහකයින් අතර සිදුවන විවාහ අඩු කර ගැනීමට යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා පසුගියදා පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ප්‍රකාශ කරන ලදී. එහිදී වැඩි දුරටත් අමාත්‍යවරයා කියා සිටියේ මේ වෙනුවෙන් ප්‍රජා සෞඛ්‍ය සේවාවන්ට විශාල වැඩ කොටසක් කරන්නට සිදුවන බවයි.විවිධ සමාජ කණ්ඩායම් දැනුවත් කිරීමද සිදු කල හැකියි.ගම් මට්ටමින් යෞවන පිරිස්ද දැනුවත් කළ හැකියි.හැමදාම රෝගය හැදුනාම රෝගීන්ට ප්‍රතිකාර කරනවාට වඩා අපි කල යුතු වන්නේ රෝගය වලක්වා ගැනීමයි. උතුරු මද පළාත කියන්නේ වකුගඩු රෝගය තදබල ලෙස පැතිරුණු කලාපයක්.වයඹ පළාතේත් ගල්ගමුව,නිකවැරටිය හා මහව යන කලාපයන් වල මේ තත්වය තිබෙනවා. මොවුන් ජීවත් වන ප්‍රදේශ වල පානයට ගන්නා ජලයේ ශරීරයට අහිතකර ලවණ වර්ග, අයන වර්ග,රසායනික සංඝටක ජලයට මිශ්‍ර වී තිබෙනවා.විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශ වල විෂ රසායනික ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වෙනවා.මේ නිසාම ගොවි ජනතාව විවිධ වකුගඩු ආශ්‍රිත රෝගවලට ගොදුරු වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කල යුතුයි.ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්,ජල සම්පාදන මණ්ඩලයත්,සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් එකතු වී කෙරෙන පර්යේෂණයක් මඟින් සුදුසු ක්‍රමවේදයක් ගොඩ නැංවිය යුතුයි. විවිධ ආයතන සහ පුද්ගලයන් තනි තනි වශයෙන් කරනු ලබන ක්‍රමවේද සාර්ථක වන්නේ නැහැ.ඒ නිසා අපට ඒකාබද්ධ ක්‍රමවේද අවශ්‍ය වෙනවා. ඒ වගේම කුරුණෑගල පිළිකා රෝගීන්ද 2000 කට අධික ප්‍රමාණයක් සිටිනවා.මහරගම ජාතික පිළිකා රෝහලට අමතරව කුරුණෑගලද පිළිකා ඒකකයක් ඇති කිරීමට අවශ්‍යයි.අනෙකුත් රෝහල් වලද ඒ පහසුකම් ඇති කල යුතුයි.නවීන යන්ත්‍ර සහ බෙහෙත් ද්‍රව්‍ය ලබා දෙමින් ඒවා වැඩි දියුණු කල යුතුයි. ඒ නිසා ඉදිරියේදී අපි මේ කරුණු කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කල යුතු වෙනවා.සෞඛ්‍ය ගැටළු විසඳීම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කිරීමටද අප බලාපොරොත්තු වෙනවා
Posted on: Sun, 01 Dec 2013 11:14:16 +0000

Trending Topics



le="margin-left:0px; min-height:30px;"> 9 x 40 Flocked Mesabi Pencil 829 Tips, XQB7UCDR,
The process of filing nominations begins in Goa, which has two
NAGYSZÜLŐKET KERESEK OKOS KISFIAMNAK. BÁR NEM

Recently Viewed Topics




© 2015