සැබෑ ලෝකය දකින්නට. සතුරු - TopicsExpress



          

සැබෑ ලෝකය දකින්නට. සතුරු බලමුළු දවන්නට.... අප සමගින් එක්වන්න. https://facebook/pages/තෙවැනි-ඇස-Third-Eye/535524653187666?ref=hl වෙත පැමිණ like කිරීම මේ අවස්ථාවේ ඔබේ යුතුකමකි. රාජ්‍ය පාලනය තුල අන පනත් සම්මත වීම යනු එම රාජ්‍යයටත් රාජ්‍යය නියෝජනය කරන පොදු වැසියාටත් ආරක්ෂාව රැකවරණය සදහා රජුන් විසින් ගන්නා ලබන තීරණයකි. වෙනත් ජන සමාජයන්ගෙන් තම රාජ්‍යයේ ජනයාට යම් අවැඩක් වේ නම් එය වැලැක්වීම මෙහි ප්‍රධාන අපේක්ෂාව වෙයි. දේශීය සංස්කෘතීන්, අනන්‍යතා හා ආගමික පසුබිම ආරක්ෂා කිරීම මෙහි ගැබ්ව ඇති අරුතයි. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව නම් රාජ්‍ය තුල එය එසේ සිදුවන්නේ ද යන්න උභතෝකෝටිකයක් බැවින් ඒ පිළිබදව ඔබගේ විමසුමට ‘තෙවැනි ඇස‘ විවර කරන්නට සිතුවෙමු. පසුගිය සමයේ රට තුළ ගොඩනැගෙනා ආන්දෝලනාත්මක මුස්ලිම් ආක්‍රමණය රටේ බහුතර ජනතාවට විශාල ගැටළුවක් වූ නමුත් එය රජතුමාට නම් ප්‍රශ්නයක් නොවීය. නමුත් රජු දැනුවත් කිරීමටත්, රටවැසියාට ඒ පිළිබදව අවබෝධයක් ලබා දීමටත් කිසිදු මාධ්‍යයක් ද නොවීය. රට වැසියාට සිදු වූයේ අන්තර්ජාලය ඔස්සේ තම සගයන්ව දැනුවත් කිරීමටයි. ඒ සදහා facebook සමාජ ජාලය යොදා ගත්තේ ඊට වඩා හොද ක්‍රමයක් ඇත්තටම නොතිබූ බැවිණි. එහෙත් ඊටත් වාරණ පැමිණියේ මෙරට සිදුවන බරපතලම අපරාධය එය යැයි ආක්‍රමණිකයන් විසින්ම රජතුමාව මොහනය කර දන්වා සිටීම නිසයි. විවිධ පිළියම් ගොඩනැගුණත් facebook මුසලනුවන්ට නයාට අදුකොළ සේ විය. එහෙයින් එය වැලැක්වීමට පිළියම් උන්ම යෝජනා කළේ ගැමි ප්‍රවාදයේ කියන ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියා කපනවා යන කියුම ඇත්තක් කරවමිනි. බලහත්කාරයෙන් අන්‍යාගම්කරණය වලක්වා බෞද්ධයින් ආරක්ෂා කරන්නට නීති සකස් කරන්නැයි බෞද්ධයින් විසින් ඉල්ලා සිටින්නේ අද ඊයේක පටන් නොවේ. එසේම අපේ උරුමයන් අන්‍යජාතිකයින් විසින් කොල්ල කෑම නවතන්නටද නීති පැනවෙන්නේ නැත. උතුරේ සිටින ජිහාඩ් කල්ලි ඉවත් කරන්නට මේ වන තෙක් කිසිම නීතියක් ක්‍රියාත්මක නොවෙයි. එසේ තිබියදී ලහි ලහියේම අන්තර්ජාලය හරහා ආගම් වලට අපහාස කිරීම වලක්වන්නට ඉක්මනින් නීති සැකසෙයි. මේ කතාවේ ඇත්තම ඇත්ත තත්වය කුමක්ද?. පසුගිය කාලයේදී වාසුදේව නානායක්කාර මේ පිළිබදව දිගින් දිගටම කතා කළේය. ඒ බුදු දහමට සිදුවන අපහාස ගැන නම් නොවේ. වාසුදේව මුල පටන්ම කළේ බොදු බලවේග හෙලා දකිමින් අන්‍යජාතිකයින්ට කඩේ යාමය. ඔහුට උවමනා කළේ මුසල්මානුවන් මේ රට තුළ සිදුකරන අන්තවාදී ක්‍රියාවන් ගැන බෞද්ධ අප විසින් කතා කිරීම නැවැත්වීමටය. ඒ උවමනාව ඇතිවූයේ මුසල්මානුවන්ගේ අන්තවාදය කතා කරද්දී ඒ අන්තවාදයට නිවටයින් ලෙස ආවඩන දේශපාලනඥයින්ගේ නිරුවතද හෙලිවන බැවිනි. මේ හේතුවෙන් මුසල්මානු ආක්‍රමණයට ආවඩන බොහෝ දේශපාලනඥයින්ට උවමනා වූයේ බෞද්ධයින්ගේ හඩ නිහඞ කර දමන්නටය. ආගම් අතර වෛරය පතුරුවන ආකාරයේ ප්‍රකාශ වලට එරෙහිව නීති සම්පාදනය කරන්නට පසුගියදා වාසුදේව නානායක්කාර මුල්වී කටයුතු කලේ එබැවිනි. ඒ සදහා කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩළයට ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළේය. දැන් මේ අන්තර්ජාලය හරහා ආගම් වලට අපහාස කිරීම මඩින්නට යැයි කියා නීති සම්පාදනය කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මෙහිදී පලමුවෙන්ම ඔවුන් කරන්නේ බුදු දහමට අපහාස කෙරෙන ආකාරයේ ප්‍රකාශ වලට එරෙහි නීති සෑදීමය. එහෙත් ඒ බෞද්ධ අප රැවටීමට දෙන සීනිබෝලයක් පමණකි. මුල පටන්ම බොදු හඞට විරුද්ධ වූ වාසුදේව මුල්වී බෞද්ධයින්ට අපහාස කිරීමට එරෙහිව නීති සම්පාදනය කරනවා යැයි සිතීමත් විහිළුවක් නොවේද? මේ ඔවුන් ඉටු කරන්නේ මුසල්මානුවන්ගේ උවමනාවයි. සියල්ලන්ටම උවමනා වී ඇත්තේ මුසල්මානුවන්ගේ ආක්‍රමණය ගැන බෞද්ධ අප කතා කිරීම වැලැක්වීමට පමණකි. එබැවින් හෙට අනිද්දාම මුසල්මානුවන්ට එරෙහිව කෙරෙන කතා බහට විරැද්ධව දැඩි නීති රීති පැනවෙන අයුරු කාට කාටත් බලා ගන්නට හැකිවනු ඇත. තවමත් අරාබි වසන්තයේ දූලි කුණාටු වලට හසුවී ඇස් නිලංකාරව සිටිනා අප මහ රජාණෝ ප්‍රකෘති තත්වයට පත්කර ගැනීමට facebook හැර වෙන මගක් නැත්තේ ආක්‍රමණිකයන් විසින් රජතුමා වටා පවුරු බැද ජනතාවගෙන් ඈත්කර ඇති නිසයි. එහෙයින් මේ පිළිබදව අප කතා කළයුතුව ඇත. ඇත්තටම මේ රටේ දැනට වන බරපතලම අපරාධය කුමක්ද? එහෙයින් ඔබේ අදහස් comment කරන්න. share කරනවා නම් බොහෝ පිරිසක් මේ පිළිබදව දැනුවත් වේවි. ‘‘තෙවැනි ඇස“ පිටුව ශක්තිමත් කරන්නට පිටුවට like කරන්න.
Posted on: Sun, 18 Aug 2013 08:39:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015