Main koi aisa geet gaaoon ke aarzoo jagaaoon -2 Agar tum - TopicsExpress



          

Main koi aisa geet gaaoon ke aarzoo jagaaoon -2 Agar tum kaho මම ගයන්නම් එවන් ගීතයක්, ආශාවන් පුබුදුවන. ඔබ පවසනවා නම් එසේ. ඔබව හඬනඟා කැඳවන්නම්, මා ඇසිපිය අතුරන්නම්, ඔබ පා තබන සෑම තැනකම. මිහිකත, ගුවන බවට හරවන්නම්. තාරුකාවලින් එය සරසන්නම්, ඔබ පවසනවා නම් එසේ. මම සමනලුන් පසුපස දිව යන්නම්. මම කණාමැදිරියන් පසුපස යන්නම්. මෙය වර්ණයයි, එය ආලෝකයයි. ඔබ නුදුරට ඒ දෙකම ගෙන එන්නම්. කොපමණ වුවත් සුගන්ධය ඔබට දැනිය හැකි, ගෙඋයනක. මම ගෙන එන්නම් එය, කොතැනක ඔබ සිටියත්. කොතැනක වුවත් මා නිමේෂයකට නවතින, මම හරවන්නම් එය රෝස උයනක් බවට, ඔබ පවසනවා නම් එසේ. ඔබ පවසනවා නම් එසේ, මම කියන්නම්. ඔබට සොඳුරු කතාවන්. ඔබ මා දෙසුමට සවන් දේ නම්, එක් සුරඟන කතාවකට. හෝ මම ඔබට අනාවරණය කරන්නම්. ඔව්, මම ඔබට අනාවරණය කරන්නම්. ‍රැජිණට රජු හමු වූ තැන, කතාවන්ගේ නගරයට, ඔබව ගෙන යන්නම්, ඔබ පවසනවා නම් එසේ. ඔබව හඬනඟා කැඳවන්නම්, මා ඇසිපිය අතුරන්නම්, ඔබ පා තබන සෑම තැනකම. මිහිකත, ගුවන බවට හරවන්නම්. තාරුකාවලින් එය සරසන්නම්, ඔබ පවසනවා නම් එසේ. https://youtube/watch?v=HHnRdqmbdBI
Posted on: Mon, 01 Dec 2014 15:34:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015