Poddak kiyawala balanna... :) නුවණැත්තන්ට - TopicsExpress



          

Poddak kiyawala balanna... :) නුවණැත්තන්ට නුවණින් අවබෝධ වේවා! "මගේ අවුරුදු තිහේ කතාව-In a radical way by a Sri Lankan who is living in New Zealand" නිමිත්ත : Grandpass මුස්ලිම් පල්ලියට සිංහල බෞද්ධයන්ගෙන් ප්රහාරයක්.... තවුෆික් මාමා අපිට මාතලී වගේ විය. ටියුෂන් යන්න පරක්කු උන ගමන් ත්රී වීඑල් එකින් විනාඩි පහට අපිව ගිහින් දමන නිසා අපිට ඔහු වීරයෙක් උනි. නසාර් මාමා අපිව බලන්න එනකල් මග බලන් හිට්යේ වටලප්පන් කන්නටය. මේ දෙදෙනාටම මාමා කීවට මට ඇති නෑ කමක් නම් නැත. අසල වාසී වැඩිහිටි පිරිමි අයවලුන්ට මාමා කීම සිංහල අපේ ගතියකි. ඒ මගේ පුංචි කාලයේ මතකයන්ය. රාමසාන් දවසට අපි කොළොන්නාවේ ආච්චිලගේ ගෙදර ගියෙමු. ඒ ආච්චිලගේ ගෙදරට සවාන් හොද හැටි ලැබෙන නිසාය. නිර්මාංශ අපිට ඔවුන් විශේෂයෙන් ආහාර සැකසීම මම අගය කරන්න පටන් ගත්තේ මුළුතැන් ගෙහි වැඩ ගැන දැනුමක් ලැබුනට පසුවයි. ඇත්තටම එය කැප වීමකි. O/L කරද්දී පාසැලේදී Farhana මෙහෙන්දි ගාගෙන එද්දී අපිටත් මෙහෙන්දි ගාන්න ආසාවක් ඇති විය. අපිත් මෙහෙන්දි ගෑ වෙමු. කාලයක් එය විලාසිතාවක් බවට පත් කළේ අපි වැනි උන්ය. A/L මගේ පන්තියේ Fasmina Ishrath මාව නිතරම දිරිමත් කරන නිසා මම ඇයට ආදරය කලෙමි. අපේ පන්තියෙන් western band එකේ හිටපු එකම කෙනා fasmina විය .Fasmina ගේ තාත්තා හමුදාවේ නිසා ඇයට අප පාසලට ඒමට පහසු විය. අපේ eastern band එකේ live wire එක Zeenath අක්කායි. ඇය නැත්නම් band එකක් නැත. symbol play කරපු ඇය symbol එකක්ම විය.ඇය ඉන්නවනම් මට බයක් නැත . මම band එකට leader ය. ඇය මට leader ය .එය එසේ විය .ඇයගේ දක්ෂකම් නිමක් නැත . මුළු පාසලම අදටත් ඇයට ආදරය කරයි. Imran ගියේ අනන්දයටය. මගේ කුඩා කල සිටම අද දක්වාම ඔහු කල්යාණ මිත්රයෙකි. ඔහු මුණ ගැසුනේ කොළඹ දිස්ත්රික්කයේ දහම් පාසැල් තරග වලදීය. O /L ටියුෂන් ගියත් ඔහු එතැනය. A /L ටියුෂන් ගියත් ඔහු එතැනය . IDM ගියත් ඔහු එතැනය. Oxford College ගියත් එතැනය. අන්තිමට ඌ මට බැන්නේය. තෝ නම් මගේ පුරුවේ කරුමයකට ලැබුන අපාය සහය මිතුරෙක් යයි කියමින් නියම සිංහල බෞද්ද වචනෙම්ම බැන්නේය. ඒ,.. ලෝකයට වෙනස්ව පෙනෙන , නමුත් අපිට පොදු අපේ උඩුගම් බලා යන ගති ලක්ෂණ එකතු උන තැන අපි හඩ නගන්න නොපැකිලුන නිසයි. අන්තිමට ඌ සම්පත් බැංකුවේ වැඩට ගියේය. අපේම මිතුරියක වූ shashikala සමග ඔහු විවහා විය. අපේ ගෙදර පිරිතට ඉම්රාන් ආවේ පුත්තලමේ branch එකේ ඉදන්ය. NZ earth quake එකක් කියලා ඇහුන ගමන් අදටත් මට මුලින්ම call කරන්නේ Imran ය. ඒ අපේ fit එකය. Muthalif ඝාතනය දවසේ අපිට අම්මා බත් ඉයුවේ නැත . ඇය උගත් පාසලේ ආදී ශිෂ්යාවක් හා විවහා වී සිටි Muthalif වෙනුවෙන් අම්මාගේ ශෝකය දිය කර හරින්න තාත්තා කඩෙන් ගෙනා පරිප්පු හොද්දට බැරි විය. අම්ම කෑවේ නැත .දවසම හැදඩුවාය. අම්මා අඩන නිසා අපිත් අම්මා සමග ඇඩුවෙමු. අම්මා උගන්වන පාසලේ ඇයගේ හොදම ගෝලයා fathima ගැන අම්මා නිතරම කියවයි. fathima පාසැල් අධ්යාපනය නිම කර, විවාහ වී සිටියත් තවමත් අම්මාට fathima ගැන කතා නොකර ඉන්න නම් බැරිය. ඉන් නොනනවතින ඇය fathima ගේ පවුලේ අයගෙත් ගුණ වර්ණනා කරයි. අපේ අම්මාට fathima අම්මා කියන බව ඇය ආඩම්බරෙන් පවසයි. අපි අම්මාට challenge එකක් දුනිමු . ඒ අම්මාගේ ගෝලයින් ගැන විනාඩි දෙකක් කතා කිරීමටයි. තහනම් වචනය fathima විය. අම්මා challenge එක බාර ගත්තේ නැත . ඒ අපේ අම්මාය. Zaheer Mohomad කියන්නේ 2005 American College එකේ මගේ යාළුවෙක්ය .අවුරුදු දෙක තුනක් මට වැඩිය බාල උනත් පැහිච්ච මොලයක් ඔහු සතු විය .හවසට බස් එකේ එන්න සිදු උන දිනට Zaheer මා බසයට නගිනකල් සිටි හැටි මට මතකය .ඔහු දෙහිවල පැත්තට ගියත් මම කොළඹ පැත්තට ආවත් zaheer පාර පැන ඒමට මැලි කමක් නොදැක් විය . ඔහු International school එකක ඉගෙන ගත්තු කෙනෙකි .සිංහල ටිකක් අමාරුයි උනත් මනුෂ්යත්වයේ භාෂාව අපුරුවට කතා කළේය. වැඩිහිටි සහෝදරියකට සැලකීමට ඔහු දැන ගෙන සිටියේය .මෑතකදී එංගලන්තයේ පැවති cricket match එකට L T T E protests කරද්දී ඔහු සිංහ කොඩියත්, SL cricket t shirt එකත් සමග ලංකාව වෙනුවෙන් එහිදී පෙනී සිටියේය. SL පපරේ ඔහුගේ සංගීතයයි.ඔහු ලාංකිකයෙකු වීම ගැන නිතර උදම් ඇනුවේය. ඒ මා දන්නා Zaheer මල්ලිය. මගේ Sri lanka office එකේදී Mr .Ali ගෙනෙන සවාන් කන්න අපි පුදුම කට්ටක් කන්නෙමු. File room එකට කතා කරන්න බැරි අපේ පිනකට යයි සිතුව තරමටම අපි file room එකේ ඉදන් සවාන් කෑවෙමු. එහි නිල නොලත් සංවිධායක සැමවිටම මමම විය. අපේ team functions වලට අපි pork ගේන්නේ නැත . ඒ Rishard නිසාය. shiraz , Ilsam , Rehan , Rishard , Ramshard,Thajudeen, මාත් සමග පුදුම බැදීමකින් SL office එකේ වැඩ කරපු මට අදටත් ආදරය කරන මගේ සමකාලීන මිතුරන්ය. මම Islamic Business Operations හදුන්වා දීමේ දී පළමු සිංහල කාන්තාව ලෙස ඔවුන් සමග කරට කර රාජකාරි කල කාලය අමතක නොවෙයි. Shariah Council එකෙන් මම සිංහල නේද කියලා අහද්දී ඔවුන් මා වෙනුවෙන් නැගී සිටියහ. සිංහල ප්රශ්නයක් මෙතනට අනවශ්ය බවත් අන් අයට මා තරම් දැනුමක් නොමැති බවත් පවසමින් ඔවුන් මා ඉහලින්ම ඔසවා තැබුවේය. ඒ නිහතමානී කම මට කිසිදා අමතක නොවෙයි. අදටත් මට office එකේ Islamic Business Unit එකෙන් නම් ගැලවීමක් නැත. ඒ බැදීම එසේමය . Ali Shabri තරම් සිංහල භාෂාව හසුරවන්න දක්ෂ lawyer කෙනෙක් මම නම් දැක නැත. ඔහු Derana වාද පිටියේ Halal ප්රශ්නය කතා කල හැටි මතක් කරන්නත් රසවත්ය. ඔහු හා සිංහල කතා කරන්න ඇත්නම් යැයි මට සිතෙයි. මා සිත් ගත් ඒ චරිතයට මම ආදරය කරමි. Imthiyaz Bakeer Marker ඇතුළු එතුමාගේ පවුලට පක්ෂ බේදයකින් තොරව අපි ආදරය කරමු. එතුමා ආනන්දයට ගිය තවත් ලංකා පුතෙකි. එතුමාගේ වාග් විලාශය අතිශයින් ශිෂ්ට සම්පන්නය. එතුමාගේ කතා දැන් දැන් අසන්නට නොලැබීම දුකකි. ඒ අඩුව මට නම් හොදින්ම දැනේ .මම එතුමාගේ උපන් දිනයට පසුගියදා සුභ පැතුවේ හද පිරි සතුටෙනි. Niyas Mohammad අපි ආගම් බේදයකින් තොරව ආදරය කල අපේ මවුලවි තුමාගේ හදිසි වියෝව තවමත් අපිට අඩුවකි. දොරමඩලාව රසවත් කරපු ඒ හඩ ,බදුල්ලට පමණක් සීමා නොවුනු ඔහුගේ ආදරය,රට පුරා බෙදා හරින හැටි සතුටින් බලන් හිටපු වෙලාවක ඔහු අප ඇත හැර ගියේය. එත් අපි තවමත් ඔහුට ආදරය කරමු. එතුමා කතා කල දේවල් මම නැවතත් සිහි කැදවීමට කැමති නිසා එයට මට උපකාරී වන youtube එකට මම පින් දෙමි. Nilar N .Cassim SL office එකේ මගේ ගනුදෙනුකරුවකු වගේම මම අදරේ කරන මාද්යවෙදියෙකි. ඔහුට තරම් පද්ය රචනා හැකියාවක් ඇති කෙනෙකු පිළිබද මගේ මතකයක් නැත. ඔහුගේ නිවුණු ගතිය, නිහඩ බව ඔහුට හිතන්නට කාලය ලබා දෙන හැටි අපුරුය. Mohideen Beg ගේ සිට Infaaz හරහා Sajjad Hasan වෙනකල්ම ඔවුන් ගයනා කල ගීත සහා එම ශෛලය මගේ ශෛලයයි. ඒ මගේ ශ්රී ලාංකේය රසග්ඥ තාවයයි . මම ඒ ගීත වලට ආදරය කරන්නේ කන වැකුණු පළමු දවසේ සිටයි. ඒ මමයි. Nilar මේ ගීතය ලියුවෙත් Sajjad මේ ගීතය ගැයුවෙත් මොනවා හිතිලදැයි මම අදටත් සොයමි. "සිල් සුවදයි සුවාමිනේ මල් ආසනයම , ඒ තරමට සුවද නැද්ද මේ මුළු ලෝකය"... Lyrics by Nilar N . Cassim Singing by Sajjad Hassan (youtube/watch?v=Kh7bXoBBd4E) 11/08/2013
Posted on: Mon, 12 Aug 2013 12:13:36 +0000

Trending Topics




WE REPAIR ALL DESKTOPS, LAPTOPS, NETBOOKS & ANDROID TABLETS ALL
Damascus: An excellent speech by Gordon Duff (Editor, Veterans

Recently Viewed Topics




© 2015