Target-news ~Harassment of artistes Rukantha Gunathilake, - TopicsExpress



          

Target-news ~Harassment of artistes Rukantha Gunathilake, Chandralekha Perera : ‘REAL VILLAINS ARE THOSE WHO GAVE ORDERS’ Individual who gave order moving freely: බියකරු අතීතාවලෝකනයකින් සසල වූ දෙසිතක කඳුළු........... - චන්ද්‍රලේඛා හඬද්දී රූකාන්ත පවසයි ...... තමා සාපරාධී බියගැන්වීමට ලක්කිරීමේ වරදට අධිකරණයෙන් දඬුවම් ලැබූ පුද්ගලයන්ට සමාව දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් රූකාන්ත-චන්ද්‍ර‍ලේඛා යුවළ (13දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අයුරු. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ඒ දවස ආයෙමත් මතක් කරන්න බැරි අමිහිරි අවාසනාවන්ත දවසක් - ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් කියයි “ඒ දවස ඉතා අවාසනාවන්ත කැත දවසක්. මම කැමැත්තෙන් ‍නෙවෙයි ඒ දවස මතක් කරන්නේ. ඒ ක්‍රියාව සිදුකිරීමට අණ දුන් කෙනා හැර මුළු ලෝකයම අපට සිදුවූ සිදුවීම හොඳ දෙයක් නොවන බව පිළිගන්නවා ඇති. ඒ බිහිසුණු සිදුවීම සිදුවෙලා විනාඩි 15ක් 20ක් ගතවෙද්දි මම මගේ බිරිඳ, දරුවන් එක්ක මම අදහන දෙවියන්ගෙන් ඉල්ලුවේ ඔවුන් කරපු දේට ඔවුන්ට සමාව දෙන්න කියලයි. ඒ සිදුවීම කොයිතරම් බිහිසුණු එකක් වුණත් එයින් පසුව හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න නම් ඔවුන්ට සමාව දීම අවශ්‍ය වුණා. ඒ සිදුවීමෙන් වසර දෙකකට පමණ පසුව අපි මහාධිකරණය හමුවට සිද්ධිය ගෙනගොස් දවස් දෙකක් ගතවුණේ නැහැ අපේ ගේ ගිනි තියලා හෝ ගිනි ගන්න සලස්වා තිබුණා. තවදුරටත් ඒ තත්ත්වයෙන් මේ රටේ ජීවත් වීමෙන් මගේ දරුවන්ගේ ජීවිතවලට පවා ප්‍රශ්නයක් වන බව දැනුණු නිසා 2005දී රටින් යන්න තීරණය කළා. අවුරුදු 13කට පසුව හෝ අපට සාධාරණ තීන්දුවක් ලැබිම ගැන සතුටට පත්වෙනවා. එම සිද්ධියේ වරදකරුවන් වූ පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලැබුණා. නමුත් ඔවුන් කළේ ඔවුන්ට ලැබුණු නියෝග ක්‍රියාත්මක කිරීම පමණයි. ඔවුන්ට එම නියෝග ලබාදුන් අය තවමත් නිදහසේ නිදැල්‍ලේ ජීවත් වෙනවා. පසුගිය දා නඩු තීන්දුව ලැබුණු පසු මමත් චන්ද්‍ර‍ලේඛාත් ඒ ගැන හුඟක් කතා කළා. අපි යාඥා කළා. ඒ අනුව අපි තීරණය කළා ඒ වරදකරුවන් වූ පුද්ගලයන්ට සමාව දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි කියා. නියෝග දුන් අයටත් සමාව දෙන්න පුළුවන් ඔවුන් වරද පිළිගන්නවා නම්. අප මේ දේ කරන්නේ අප අදහන ජේසුස් වහන්සේ ගේ නාමයෙන්. අපගේම හිතේ සැනසිල්ල වෙනුවෙනුයි..” ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා (13දා) කොළඹ ගලදාරි හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හැඟීම්බරව එසේ ප්‍රකාශ කළේය. ඔහු සමග ගායන ශිල්පිනී චන්ද්‍ර‍ලේඛා පෙරේරා මහත්මිය ද විය. 2000 වසරේදී රූකාන්ත, චන්ද්‍ර‍ලේඛා යුවළට අත්විඳින්නට ලැබුණු සාපරාධි බියගැන්වීමේ සිදුවීම වසර ගණනාවක් අධිකරණයේ වී පසුව පසුගියදා වරදකරුවන්ට එරෙහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. වසර 13ක් වැනි දීර්ඝ කාලයක් ගතවී හෝ තමන්ට ලැබුණු අධිකරණ තීන්දුව සාධාරණ බව පිළිගන්නා නමුත් තමන් එම සිදුවීමට ගොදුරු කිරීමට නියෝග දුන් අය තවදුරටත් නිදහසේ නිදැල්‍ලේ සිටියදී එම නියෝග ක්‍රියාත්මක කළ පුද්ගලයන්ට පමණක් දඬුවම් ලැබිම ගැන තමන් සම්පූර්ණයෙන් සෑහීමකට පත් නොවන බව ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය. හදිසි මාධ්‍ය හමුවක් කැඳවීමේ අරමුණ පැහැදිලි කරමින් ඒ මහතා කියා සිටියේ, තමන්ට සිදුකළ සාපරාධී බියගැන්වීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබුණු තීන්දුවට අනුව සිර දඬුවම් ලැබූ පුද්ගලයන්ට තමා සහ බිරිඳ චන්ද්‍ර‍ලේඛා ඇතුළු පවු‍ලේ සැම සමාව දුන් බව මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවය. ඒ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව සහ වාචික ව දැනුම් දීමට කටයුතු කරන බව ද මෙහිදී රූකාන්ත ගුණතිලක මහතා පැවසීය. සමාව දීම තුළින් එම සිද්ධියේ වරදකරුවන් වූ පුද්ගලයන්ට අධිකරණයෙන් ලබාදුන් තීන්දුවේ කිසියම් වෙනසක් කිරීම පිළිබඳව රූකාන්ත යුවළ මැදිහත් වන්නේ දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අතර රූකාන්ත මහතා පැවසුවේ, එවැන්නක් වෙනුවෙන් තමා මැදිහත් නොවන නමුත් තමන් අදහන ආගම ධර්මයට අනුව තමන්ගේ හිතේ සැනසීම වෙනුවෙන් වැරැදිකරුවන්ට සමාව දීමට තීරණය කළ බවයි. මේ සිද්ධියට ඔවුන් ගොදුරු වූයේ දේශපාලන වේදිකාවට පිවිසීම නිසා නොවේදැයි එහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේය. රූකාන්ත ගුණතිලක මහතා ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “ඕනෑම කෙනකුට නිදහස තියෙනවා දේශපාලනය කරන්න. කලාකරුවන්ට විශේෂ වශයෙන් ජනතාව තුළ ආදරයක් තිබෙනවා. කලාකරුවෙක් තමා තුළ තිබෙන දක්ෂතාවෙන් රටට සේවයක් කළ යුතුයි කියා සිතනවා නම් එහි වැරැද්දක් නැහැ. ඔය සිද්ධිය සිදුවීමට තුඩුදුන්නේ මා මැතිවරණ වේදිකාවේ ගී ගැයූ නිසයි. මට ඒ සඳහා ඇරයුම් ලැබුණා, මම ඒකට කැමැති වුණේ මුදලක්වත් කතාකර නොගෙනයි. මම තවමත් මම කළ දෙය වැරැද්දක් කියලා හිතන්නෙ නැහැ. මම අභියෝගවලට කැමැති පුද්ගලයෙක්. ඒ අවස්ථාව රටේ ජනතාව දේශපාලන වශයෙන් වෙනසක් අපේක්ෂා කළ කාලයක්. කලාකාරයකු ලෙස මම ඒ අවස්ථාවේ මගේ කාර්යය ඉටුකළා පමණයි. කලාකාරයෙක් දේශපාලනය කරනවාද නැද්ද කියලා තීරණය කළ යුත්තේ තමන් විසිනුයි. එය කාටවත් නවත්වන්න බැහැ. ඉදිරියේදී මා දේශපාලනය කරනවාද නැද්ද කියන එක තවම තීරණය කර නැහැ. මම හිතන්නේ කලාකාරයින්ට හොඳ මූල්‍යමය වටාපිටාවක් තිබෙනවා නම් ඔවුන් දේශපාලනයට පිවිසෙන්නේ නැහැ. අපේ රටේ කලාකරුවන්ට හොඳ වටිනාකමක් ලැබෙන්නේ නැහැ. සියලුම ගුවන් විදුලි නාළිකා සහ රූපවාහිනී නාළිකා මේ රටේ කලාකරුවන්ට ණයයි. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම කලාව තුළ රැඳෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් එකඟතාවකට පැමිණිය යුතුයි.” එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රූකාන්ත ගුණතිලක මහතා මෙසේ ද පැවසීය. “ඒ දවස ආයෙමත් මතක් කරන්න බැරි අමිහිරි අවාසනාවන්ත දවසක්. මම කැමැත්තෙන් මේ දේවල් මතක් කරනවා ‍නෙවෙයි. මට මතකයි ඒ සිදුවීමට ටික දවසක ඉඳන් එක පුද්ගලයෙක් මට ටෙලිෆෝන් කරමින් සංගීත සංදර්ශනයක් බුක් කරගැනීම ගැන කතා කළා. ඒ පුද්ගලයා ගෙදරට පවා දුරකථන ඇමතුම් දෙමින් මාව අහලා තිබුණා. චන්ද්‍ර‍ලේඛාගේ අම්මා කිව්වා ඒ මනුස්සයා කතාකරන විදිහ නම් අල්ලන්නේ නැහැ පුතා කියලා. මම කීප දවසක්ම ඒ කෙනා එක්ක කතා නොකර මගහැරියා. ඒත් ගෙදරට කතාකරද්දි කතාකරන්න සිදුවුණා. මොකද අපේ ලෑන්ඩ් ලයින් එකේ සී.එල්.අයි නැති නිසා. ඒ කෙනා කතාකරපු හැමවෙ‍ලේම ඇහුවේ දැන් එන්නද ගෙදර ඉන්නවද කියලයි. එදා සිදුවීම වුණ දවසේ හවස 5.45ට විතර ඔහු කතාකරලා කිව්වා මම දැන් ඔයාව හම්බවෙන්න එන ගමන්. 6.30 වෙද්දි එනවා කියලා. ඒත් ඔහු එද්දි 8.30 විතර වුණා. එදා මම ගෙදර එනකොට දැක්කා මත්තේගොඩ අපේ ගෙදරට හැරෙන තැන ඉඳන් තැනින් තැන තද නිල් පාට පැජරෝ නවත්තලා තියෙනවා. ඒත් මම කල්පනා කළා ඒ ඇයි කියලා. ඒවයේ හිටපු අය මාව ගණන් නොගෙන අහක බලාගෙන හිටපු නිසා මම ඒ ගැන ඒ තරම් හිතුවේ නැහැ. ඒ කා‍ලේ හැටියට ‍පොලිසියේ හමුදාවේ වාහන ඕන තැනක යන එන තත්ත්වයක් තිබුණා. මම ඒ ගැන කල්පනා කරමින්ම ගෙදර ගියා. අපි එදා ඕස්ට්‍රේලියාවේ ඉඳලා එන මගේ යාළුවෙක් බලා‍පොරොත්තුවෙන් හිටියේ. ඔහු කන්නේ මාළු විතරයි. චන්ද්‍ර‍ලේඛා ඔහුට කෑම හදමින් හිටියේ. මම රයිනි දුව එක්ක ගිහින් මාළුත් අරගෙන ආවා. 8.45ට විතර දුරකථනයෙන් කතාකළ පුද්ගලයා ආවා. මාව අඳුනගන්න බැරිද කියලා ඇහුවා. ඔහු කතා කළේ කාලෙක ඉඳන් දන්න බවක් ඇඟවෙන විදිහට. ඔහු කිව්වා කැකිරාවෙයි මියුසිකල් ෂෝ එක කරන්නේ කියලා. බෑන්ඩ් එකට අයකරන ගාණ වැඩියි ටිකක් අඩු කරගන්න බැරිද ඇහුවා. පස්සේ මම බෑන්ඩ් එක අයිති අයියට කතාකරන්න ගේ ඇතු‍ලේ තියෙන ටෙලිෆෝන් එක ළඟට ගියා. මට දැනුණා ඔහු මම කතාකරන දේ ගැන සැලකිල්ලෙන් ඉන්නවා කියලා. ඇත්තටම මම කතාකළේ බෑන්ඩ් එකේ කෙනා එක්කයි. ඔහු කිව්වා ඒ ගාණ නම් අඩු කරන්න බෑ කියලා. පස්සේ මම කෝල් එක ඉවර වෙලා එළියට ඇවිත් ආපහු අර පුද්ගලයා ඉස්සරහින් ඉඳගත්තා. අපි කතා කරමින් හිටපු තැන උඩ තට්ටුවේ බැම්ම කඩලා තිබුණේ හදන්න. පාරට පේනවා එතන වෙන දේවල්. ටික වෙලාවකින් තව පුද්ගලයෙක් ආවා. ඔහු එකපාරටම පැනලා දිලිසෙන පිස්තෝලයක් මගේ බෙල්ලට තිබ්බා. එවෙ‍ලේ බයට මට මුත්‍රා පිටවුණා. ඒ එක්කම තව කට්ටියක් ගෙට රිංග ගත්තා. ඔවුන් චන්ද්‍ර‍ලේඛවත් මාවත් සෙටියේ ඉන්දෙව්වා. අපිත් එක්ක කතාකර කර හිටපු පුද්ගලයටත් යන්න කිව්වා. ඔහුත් කිසිම දෙයක් දන්නෙ නැති විදිහට හිටියා. ඒ එක්කම ඔවුන් ගේ හැමතැනම අවුස්සන්න ගත්තා. බඩු ‍පොඩිකරලා දැම්මා. අල්මාරි අවුස්සමින් මොනවද හෙව්වා. අපි දෙන්නගේ මුදු දෙකයි පාස්‍පොට් දෙකයි තිබුණේ අල්මාරියේ චන්ද්‍ර‍ලේඛගේ ‍පොඩි රෙදි බෑග් එකක. ඇඳුම් අස්සේ තිබිලා ඒකත් බිමට වැටුණ නිසා ඒ ටික විතරක් බේරුණා. පෙට්ට්‍රල් බුලි ගෙනත් මුළු ගේම හැලුවා. චන්ද්‍ර‍ලේඛාගේ කොණ්ඩෙ කපලා දාද්දි එයා ඇඬුවා. ඇයි අපිට මෙහෙම කරන්නේ ඔයාලා අපිව ආරක්ෂා කරන්න ඉන්න අය නේද ඇහුවා. ඒත් කොණ්ඩෙ කපන එක නතරවුණේ නැහැ. මගෙ කොණ්ඩෙත් කැපුවා. ඊටපස්සේ අපි දෙන්නම පෙට්ට්‍රල්වලින් නෑවුවා. මුළු ගේම තෙල්. ඒ අස්සේ මට ඇහුණා රයිනි දුව කෑගහනවා. දුවලා දෙන්නයි අම්මයි වැඩට හිටිය ගෑනු කෙනයි පිරිමි කෙනයි කුස්සියේ හිර කරගෙන හිටියේ. දුව කෑගහද්දි එක්කෙනෙක් කිව්වා ඕකිගේ කටට පාන්කඩයක් ඔබපන් කියලා. ඊට පස්සෙ එක්කෙනක් අපි දෙන්නට කිව්වා උඹලා දෙන්න යන්න ලෑස්ති වෙයව් කියලා. තව එක්කෙනෙක්් කිව්වා නෑ කොහෙවත් යන්නේ නෑ කියලා. කලින් කෙනා ආයෙම කිව්වා නෑ උඹලා යන්න ඕන කියලා. එතකොට අනෙක් කෙනා කිව්වා නෑ කොහෙවත් යන්නෙ නෑ. කට්ටියම එකට ඉන්න ඕන කියලා. ඔය අතරේ ගෙදර ලයිට් ගියා. අපේ ගෙදර එහෙම එකපාරටම ලයිට් යන දෝෂයක් තියෙනවා. එතකොට ඇහුවා මගෙන් කෝ වාහනේ යතුර කියලා. මම කිව්වා ජේසුට පහන පත්තු කරන තැන කියලා. ඒ වෙනකොට මුළු ගේම අඳුරේ තිබුණේ. පහනේ එළිය විතරයි තිබුණේ. ලයිට් යද්දිම එක්කෙනෙක් මගේ කරේ තිබුණ ච්ෙන් එක ඇදලා කඩාගත්තා. චන්ද්‍ර‍ලේඛගේ ච්ෙන් එකත් කඩාගත්තා. උඹලට මේවා ඕන නෑ කිව්වා. “උඹලට මීට පස්සේ දේශපාලන වේදිකාවට ගිගන්න තහනම්. එහෙම වුණොත් අපරාදේ ”කියලා මටයි චන්ද්‍ර‍ලේඛටයි තර්ජනය කරලා වාහනේට නැගලා අධි වේගයෙන් පිටවෙලා ගියා. ලයිට් ගිහින් විනාඩි දෙකතුනක් ඇතුළත ඒ හැමදේම සිද්ධ වුණේ. දවස් තුනකට විතර පස්සේ මට වාහනේ හම්බවෙද්දි වාහනේ සේරම ගලවලා විනාශ කරලා තිබුණා. ඩ්‍රයිවින් ෂීට් එකට සිමෙන්ති ගල් දෙකක් තියලා ඒක උඩ කොටු කොටු සර්වියට් එකක් දාලයි වාහනේ එලවගෙන ඇවිත් තිබුණේ. මම වාහනේ අඳුනගත්තා විතරයි ඇරලවත් බලන්න ගියේ නෑ. මෙහිදී චන්ද්‍ර‍ලේඛා පෙරේරා මහත්මිය ද සිය අදහස් දැක්වූවාය. ඇය එම සිදුවීම පිළිබඳව හැඟීම්බර ව සිටින අයුරු ද අපට දැකගන්නට ලැබුණි. “එදා සිදුවුණ සිදුවීමෙන් ලොකුම හානිය වුණේ කාන්තාවක් විදිහට මටයි. මගේ කොණ්ඩෙ කැපුවා. මගේ දරුවන් ඉස්සරහ මම අපහසුතාවයට පත්වුණා. අධිකරණ තීන්දුවෙන් වරදකරුවන්ට දඬුවම් ලැබුණා. වසර හතරහමාර බැගින් ඔවුන්ට සිර දඬුවම් නියම වුණා. ඔවුන්ගේ බිරින්දෑවරුන්, දරුවන් අද ලොකු හිත් වේදනාවක් විඳිනවා ඇති. අම්මා කෙනෙක් විදිහට බිරිඳක් විදිහට සැමියා නැතුව ඒ තරම් කාලයක් ජීවත් වෙන එක ඔවුන්ට ලොකු වේදනාවක් බව මම දන්නවා. ඔවුන් ඒ දඬුවම් විඳින්නේ ඔවුන්ට ලැබුණු නියෝග ක්‍රියාත්මක කිරීමේ වරදටයි. මේ නඩු තීන්දුවෙන් අපිට සාධාරණය ඉෂ්ට වුණත් ඔවුන්ට සමාව දීලා ඒ සිදුවීමෙන් මානසිකව නිදහස් විය යුතු යැයි රූකාන්ත මට කිව්වා. අපි අදහන ධර්මය තුළ මමත් එයට කැමති වුණා ”යැයි ඇය පැවසුවාය. මේ සිදුවීමට මුල්වූයේ දේශපාලන වේදිකාවේ ගී ගැයීම නම් ඔබ යළිත් වතාවක් පසුගිය වතාවේ ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවට ගොඩවීම සාධාරණ යැයි ඔබ සිතනවාද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු රූකාන්ත මහතාගෙන් ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දෙමින් රූකාන්ත ගුණතිලක මහතා පැවසුවේ ඒ කාලයේදී රට විශාල ප්‍රශ්නයක පැවති බැවින් එයට විසඳුමක් දියහැකි නායකත්වයක් පිළිබද විශ්වාස කරමින් ඒ සඳහා දායක වූ බවයි. සාධාරණ අධිකරණ තීන්දුවක් ලැබි තිබියදී තවදුරටත් විදේශගතව සිටිනවා ද නැතිනම් මෙරට පදිංචියට පැමිණෙනවාද යන්න පිළිබඳව ද මෙහිදී රූකාන්ත ගුණතිලක මහතාගෙන් මාධ්‍යවේදීහු විමසා සිටියහ. “මම දෙරටේම ඉන්නවා. ඉදිරියේදී වැඩි කාලයක් ලංකාවේ ඉන්න බලා‍පොරොත්තු වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙමින් ඒ පිළිබඳ තීරණයක් ගන්නවා. අපට මේ අවාසනාවන්ත සිදුවීම සිදුවූ දා සිට අප සමග සිටිමින් අපට ශක්තියක් වූ මාධ්‍ය ආයතනවලට සහ රසික රසිකාවියන් ඇතුළු සියලුදෙනාට අපගේ ස්තුතිය පිරිනැමීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.” යනුවෙන් එහිදී රූකාන්ත ගුණතිලක මහතා පැවසීය. Artistes Rukantha Gunathilake and Chandralekha Perera at the press conference yesterday. Picture by Sarath Peiris Popular artiste Rukantha Gunathilake said yesterday the real culprits who harassed him and his wife Chandralekha Perera were the ones who gave the order. He said the individual who gave the order is moving freely, while the persons who executed the order were punished. Addressing a press conference in Colombo, Gunathilake and Chandralekha Perera said they forgive those who were punished recently for their involvement in the incident of harassing them at their house in Mattegoda in 2000. Gunathilake said as the command came from a very powerful and influential person at that time, the subordinates inevitably had to obey it. However, he said they respect the court verdict and consider that they were meted out justice by court. “The verdict is a consolation for us as certain parties at that time went to the extent of criticising us, stating as it was a preplanned attempt by us to fly to the USA,” he said. Gunathilake said the court verdict came after 13 long years, adding that they hope to remain in Sri Lanka most of their time in the future. However, he said due to parental obligations they have to fly time to time to the USA as their children are still continuing education in that country. Gunathilake said as they want to get rid of mental burden of this incident, they decided to forgive those who were indicted for being involved in this case. He said as a devout follower of Jesus, he believes in forgiving, adding that he is not afraid of facing challenges. He said their decision to forgive those who were punished would be officially informed to President Mahinda Rajapaksa in writing and verbally. Responding to a question as to whether he seeks punishment for the individual who was responsible in giving the order to execute the crime, Gunathilake said no culprit can escape from nature or divinity. He said up to now this individual has not admitted involvement in this incident. Commenting on artistes’ involvement in politics, he said anybody should have the freedom and independence to engage in political activities adding that their opinions are influential for the public due to their close association with the people at large. Responding to another question, he said if royalty payments are done in a proper manner, local artistes would not undergo financial difficulties as they experience now. He said many television channels and radio channels owe them considerable amounts. Artiste Chandralekha Perera also addressed the media conference. Anura S. Liyanage Target-news -Disna Mudalige - Wednesday, 14th August 2013 -ඡායාරූපය : චමිල කරුණාරත්න-සුරේකා නිල්මිණි ඉලංගකෝන්
Posted on: Wed, 14 Aug 2013 01:50:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015