අසරණ ජිවිත වලට හයියක් - TopicsExpress



          

අසරණ ජිවිත වලට හයියක් වෙමින් ඔවුන්ගේ අහිංසක බොද වුනු හීන පාට කරන්න නිබදව වෙහෙසෙන IMCD පවුලේ CAD ව්‍යාපෘතියේ ( Colour A Dream Project ) අපිට අපේ ගමන් මග අතරතුරේ දී දුප්පත්කමින් ලෙඩ දුක් ප්‍රශ්න වලින් මිරිකුණු අසරණ පවුලක් අහම්බෙන් හමු වුණා..ඒ ප්‍රසන්න උයන්වත්ත සොයුරා facebook වෙත එක් කර තිබු වීඩියෝපටය ඇස ගැටුණු නිසාවෙන්.. එහි ප්‍රතිපලයක් ලෙසින් අපි ඔවුන්ට උදව් කරන්නට ඔවුන්ට ශක්තියක් වෙන්නට හිතාගෙන ලබන සතියේ එනම් අගෝස්තු 31 වෙනි ඉරිදා ඔවුන් හොයා බලංගොඩ ට යාමට සැලසුම් කරගෙන සිටිමු.. ඉතින් අපිත් එක්ක එකතු වී ඔවුන්ට සවියක් වෙන්නට ඔබත් කැමති නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.. අසරණ පවුලක අහිංසක හීන හැබෑ කර ගන්න උදව් කරමු.. ( ඔවුන්ට අවශ්‍ය කරන වියලි ද්‍රව්‍ය, සපත්තු , පාසල් උපකරණ , පොත් පාත් සහ නිල ඇදුම් සදහා අවශ්‍ය රෙදි වැනි දෑ ලබා දී ඔවුන්ට සවියක් වෙන්නට ඔබත් කැමති නම් අපි එක්ක එකතු වෙන්න... අගෝස්තු 30 වෙනිදා ට පෙර ඒ දේවල් අප වෙත ලබා දෙන්න කාරුණික වෙන්න ) අමතන්න - මරිනෝ 0779006742 Fill Online - goo.gl/rdCNtw
Posted on: Thu, 28 Aug 2014 07:12:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015