~කොටදෙණියාවේ දරුවන් 3 - TopicsExpress



          

~කොටදෙණියාවේ දරුවන් 3 දෙනෙක් සිටින අඩු ආදායම් ලාභී පවුලකට සමාජ සත්කාර ජීවනාලෝක ව්‍යාපෘතිය යටතේ මහන මැෂිමක් පරිත්‍යාග කෙරේ. ~ දෙසැම්බර් 21වන දින සමාජසත්කාර කණ්ඩායම කොටදෙණියාවේ, දියගම්පල, දොස්තරවත්ත පදිංචි එස්. ඩී. කාන්ති පුෂ්පලතා මහත්මියට මහන මැෂිමක් පරිත්‍යාග කලා. මේ සඳහා දායකත්වය දැක්වුයේ චන්ද්‍රිකා රෝහණ මහත්මියයි. ස්වයං රැකිියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගැනීමට දායකත්වය දැක්වුයේ අපේ ෆේස්බුක් මිතුරු සඳුන් විතාරනගේ විසින්. ඔවුන් දෙපලටම අපගේ හදපිරි ගෞරවනීය ස්තූතිය. පුෂ්පලතා මහත්මියට දරුවන් තිදෙනෙක් සිටිනවා. ස්වාමීපුරුෂයා දියවැඩියාවෙන් පෙළෙන නිසා රැකියාවක් කරගැනීමට අපහසුයි. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වලටද සහය දක්වනේ කොටදෙණියාවේ ඇගළුම් කම්හලක් මගින්. ඉතිං කරුණු සොයාබැලීමෙන් අනතුරුව අප සිතුවා මැයට මහන මැෂිමක් සහ පාපිසි මසන ස්වයංරැකියාවක් ආරම්භ කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබාදෙන්න. ඇයට මෙසේ උදව් කිරීම සම්බන්ධයෙන් ඇය අපගේ කණ්ඩායමටත් විශේෂයෙන්ම මේ පරිත්‍යාගයට දායකත්වය දැක්වුව දෙපළටත් බොහොමයක් පිං දුන්නා. Visit the Project : https://facebook/events/423070981180616 Project ජීවනාලෝක | Jeewanaloka (ස්වයංරැකියා පුහුණු වැඩසටහන) දිළිඳු පවුල් දහසකට ඔවුන්ගේ ස්වශක්තියෙන්ම නැගී සිටීමට සවියක් වී ආර්ථික වශයෙන් ශක්තිමත්කර ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කිරීම..... ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ වල දුෂ්කර ගම්මාන කිහිපයක් තෝරාගෙන ඔවුන්ට විවිධ වූ ස්වයං රැකියා පුහුණු කිරිම. උදා : ඉවත දමන ද්‍රව්‍ය වලින් විසිතුරු භාණ්ඩ නිර්මාණය වැනි... භාණ්ඩ නිෂ්පාදනය සඳහා ආරම්භයේදී අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍ය සපයාදීම. නිෂ්පාදනය කරන භාණ්ඩ වලට දේශීය/විදේශීය වෙළදපොළක් සකස්කර දීම. පුහුණුව ලැබූ අය හරහා තවත් අය පුහුණු කරවීම. Join the Event : https://facebook/events/1456659501248250 An Idea By Danesh Maduranga Edirisooriya [Who is Danesh? Explore more : goo.gl/UDsSpO] [Want to be a friend of him? Add : https://facebook/Daneshmaduranga] ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි... Visit : samajasathkara.lk/ Chandrika Rohana Thilakarathne Sadun Witharanage
Posted on: Tue, 23 Dec 2014 13:52:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015