මේ දවස් වල එමා වොට්සන්ගේ - TopicsExpress



          

මේ දවස් වල එමා වොට්සන්ගේ "සෙක්ස් ටේප්" එකක් බලන්න ඕන නම් ක්ලික් කරන්න කියලා ලින්ක් එකක් බුකියේ වටේ යනව නේද...? .. ඒක කිලික් කරන්න එපා! ඒක ඇවිල්ලා "ක්ලික්ජැකින්ග් ඇටෑක්" එකක්.. ( Clickjacking Attack) .. මේක "ස්ට්‍රෝක් ජැකින්ග්" සහ "ලයික් ජැකින්ග්" ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා.. තව කොටස් තියෙනවා.. ලින්ක්ස් වගේ Graphical User Interface ( GUI ) ටෙක්ස්ට් බේස්ඩ් බ්‍රව්සර්ස් පාවිච්චි කරන අය ඇරෙන්න, අනිත් ඕනම වෙබ් බේස්ඩ් බ්‍රව්සර් එකක් පාවිච්චි කරන කෙනෙක් "ක්ලික්ජැකින්" ඇටෙම්ප්ට් එකක ගොදුරක් වෙන්න පුලුවන්... මේක ඉතාම බේසික් එච්.ටී.එම්.එල් ෆන්ක්ෂන් එකක් යූස් කරලා කරන වැඩක්... එහෙම ක්ලික් කළාම ඒ "ක්ලික් එක " වදින්නෙ රිඩ්‍රෙස් කරපු ඉන්ටර්ෆේස් එකකට... ( මේක එකම vector එකකින් එනවා කියලා හිතන්න එපා... විවිධ vectors වලින් එන නිසා කොච්චර බලසම්පන්න ෆ්‍රේම් හෝ ඉන්ටෙර්නෙට් සිකියුරිට් තිබුණත් ඒවා අස්සෙනුත් පැන ගන්න හැකියාව මේවට තියෙනවා... ) .. දැන් ඒ ක්ලික් එක හරි ( ක්ලික් එකක් නම් ස්ට්‍රෝක් ජැකින්ග් එකක් ) නැත්නම් ලයික් එක හරි හයිජැක් කරලා රවුට් ( Rout as in "Router" ) කරනවා ෆේක් වෙබ් බේස් එකකට.. එතනින් ඔටෝමේටඩ් ඔතෙන්සිටි එකකින් ඒක ස්පෑම් එකක් වශයෙන් ක්ලික් කරපු එකවුන්ට් එකම පාවිච්චි කරලා හතර වටේ ස්ප්‍රෙඩ් වෙන්න පටන් ගන්නවා.. බොහෝ විට මේ ඔතෙන්සිටි එකෙන්ම ඒක ඔබේ යාලුවන්ව ටැග් කරනවා.. යාලු වල් හැතිකරෙත් ක්ලික් කරාම මේක නිකන් මධ්‍ය කාළීන යුගයේ අඳුරු යුරෝපය පුරා මහමාරිය මීයන්ගෙන් පැතිරුණා වගේ වටේ යනවා... ප්ලේන් එකක් හයිජැක් කරලා තමන්ට ඕන ඩෙස්ටිනේෂන් එකකට ගෙනියනව වගේ තමුන් ගහපු ක්ලික් එකේ ඔතෙන්සිටි එකම හයිජැක් වෙලා වෙන දිහාවක යවනවා.. මේ වගේ "වෙබ්ජැක්" ඇටෑක් එකකට ලක්වුණු කෙනෙකුට ෆේස්බුක් වගේ කොම්න් ප්ලැට්ෆෝම් එකකදි කරන්න තියෙන සරලම දේ තමයි තමන්ගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක වෙනස් කරන එක... ඒ ඇරෙන්න වෙන කම්ප්ලෙක්ස් ඩිෆෙන්ස් එහෙම තියෙනවා.. ඒවා වැඩක් නෑ මේ එෆ්.බී වගේ තැනක නෝමල් එකවුන්ට් එකක් යූස් කරන කෙනෙකුට... Prevention is better than cure කියලා තියෙනවනෙ කියමනක්.. ඒ නිසා, මේ වගේ සැකමුසු ලින්ක්, ඒවා වෙනදාට නො-එවයි කියලා හිතෙන අයගෙන් ආවාම එක්කෝ ඒ කෙනාට කථා කරලා අහන්න "මේක උඹමද එව්වෙ?" කියලා... එහෙම නැත්නම් ඒවා සැකමුසු නම් කිසි සේත්ම ක්ලික් නොකර ඉන්න... වඩා හොඳයි... ඒ වගේම එක පාරට යාලුවෝ ගොඩ දෙනෙකුට ටැග් වෙච්ච උඩින් පහත් වුණා වගේ තියෙන ලින්ක් එහෙම දැක්කොත් ක්ලික් නොකර ඉන්න ඕන..
Posted on: Mon, 22 Jul 2013 18:28:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015